"ඔබ ඇමතු ග්‍රාහකයා මේ මොහොතේ නිදි බැවින් පසුව අමතන්න...."

"මොකක් කිව්වා....."
යකෝ මේකා මොකද්ද ඒ කිව්වේ....ග්‍රාහකයා නිදි කිව්වා....මූට මම....
"ඒ නැගිටිනවා...තමුසෙ ගොරව ගොරව නිදාගෙන ඉන්නෙ ඊයේ මගේ ඔලුවට ගහල මෙතන...නැගිටාපියකො ඕයි...."

"අනෙ....මට නිදිමතයිනේ බිනෝ.....ඉන්නකො අප්පා....."

බින්...කොහෙ ඉන්න බිනෙක්ද...මූ හීනෙන් හිතන්නෙත් බින් ගැන ද....මූට මම...
හිටපන්කෝ....ඇදල දානව බිමට....

"ආයි අම්මා මගේ පස්ස....මොකද්ද මේ....ආයි......ආහ්.....තමන්...යිබෝ මෝ...මොකද්ද මෙහෙ කරන්නේ...මේක මගේ කාමරෙනේ...."
පපුව අත්දෙකෙන්ම වහගත්ත zhan බෙරිහන් දෙන්න ගත්තා....

"මේක කොහොමද තමුසේගේ වෙන්නේ...මේක මගේ....මේ ගෙදර අයිති මට...මට කොහෙ උණත් යන්න අයිතියක් තියනවා...ඒත් තමුසෙට අයිතියක් නෑ ඔහොම නිදාගන්නා...ඊයේ මට ඔලුවට ගැහුව තමුසෙ....මගේ ඔලුව රිදෙනව...අතගානව ඇවිල්ල....ගැහුව නම්...."

"මම.....ගැහුවා...."

"ඔව් ගැහුවා..."

"කාටද...?"

"වෙන කාටද...මගේ ඔලුවට...."

"නෑ ...මම ගැහුවේ නෑ...."

"මේ බොරුව නොදා ඉන්නවා..මට මතකයි එළියේ බිම ඉදගෙන තමුසෙ මට ගැහුව...මම බිම ඉදගෙන ඔලුව බදාගෙන හිටියා...."

"ඒ හිටියෙ මම නෙමෙයිද.... මටනෙ ගහන්න හැදුවේ...."

"මොකක්....."
යිබෝ දැන් ඇස් දෙකත් උඩට කරගනෙ කල්පනා කරද්දී තමයි එකින් එක ඔලුවට ආවෙ....
"ආ.....මට මට නිදිමතයි ආයම....මම යනවා....දැන් කීයද වෙලාව..."

"තවම පාන්දර 3.10යිනෙ..."

"ආ....මට වේලාවක් නෑ...එක අහගන්න ආවේ...මම යනවා...8.0 ට යන්න ඕන...මට 7.00 ට ඇහැරෙව්වම ඇති..."

"මොකක්ද...මම ද ඇහැරවන්න ඕන...."

"ඔව්..නැත්තම් මෙහෙ වෙන කවුරුත් නෑනෙ මාව ඇහැරවන්න...මම යනවා....බායි..."

දොරත් හයියෙන් වහපු පාරට zhan උඩ ගියා....උණේ මොකද්ද කල්පනා කර කර zhan ඉද්දී වෙච්ච ලැජ්ජාවට ඔළුවේ ඉදන්ම පොරවාගෙන යිබෝ ඇදට ගුලි උණා....

"අපොයි...දෙයියනේ...මම අරුන්ගේ මුණ බලන්නෙ කොහොමද...අපොයි...උන් අනිවාරෙන්ම හිතයි මම zhan ට කැමැටියි කියලා....හිතයි නෙමෙයි... ඒක ඒ වෙලාවේ කිව්වදත් මතකයි ලාවට...මට උණේ මොකද්ද දෙයියනේ....මුන්ටත් ඒ වෙලාවෙ ඒකටම එන්න ඕනේ උනානේ...

Wrong numberWhere stories live. Discover now