❤️මම වැඩ....පරිස්සමට ගිහිල්ල එන්න..❤️

බාගෙට නිදි මතේ මොකද්ද ආවේ බලන්න zhan එක ඇහැක් ඇරගෙන phone එක බලද්දී නම් zhan ගෙ නින්ද අණ්වික්ෂේකින් වත් හොයාගන්න බැරි උණා...කට කණේම තියාගෙන එයාගෙ ගඟා එව්ව massage එක කියවපු එයා
Phone එකත් තුරුලු කරගෙන ඒකට උම්ම දිදී ඇස් දෙක පියාගත්තේ හරිම සතුටින්...
මගේ ගඟා මාත් ඒක්ක තරහ නෑ.....

සනීපෙට නිදාගත්ත zhan ඇහැරෙද්දි උදේ 7 උණා වගේම 9 වෙද්දි යන්න ඕනේ නිසා තව පාරක් ගත්ත බඩු හරිද කියලා check කරලා ලෑස්ති වෙන්න පටන් ගත්තා...හරියටම 9.00 වෙද්දී යිබෝ ආවා වගේම zhan එයාගෙ බඩු ටිකත් අරගෙන යිබෝ ගෙ වාහනෙට ගොඩ උණා....yibo හිටියෙ එයාගෙ dad ගේ driver එක්ක...airport එකට දෙන්නව ගෙනත් දාල එයා ගියා වගේම දෙන්නම flight එකට නැග්ගා...zhan නම් ගොඩක් බයවෙලා හිටියෙ..මේ එයාගෙ පලවෙනි ගුවන් ගමන.....උඩට ගද්දීම අමුතු හැඟීමක් එක්ක බඩ ඇතුලෙන් මොකද්දෝ වෙද්දි යිබෝ ඒක පාරටම zhan ගේ අතින් අල්ලාගත්තා... ඒ අල්ල ගත්ත පාරට zhan යිබෝ දිහා බලාගෙන ඉන්නකොට
"දැන් බයවෙන්න දෙයක් නෑ...උඩට අරගෙන ඉවරයි කියලා zhan ගෙ අත අතෑරියා..."
යිබෝ ඇත්තටම කළේ zhan ගේ බය අඩු කරන්න අතින් අල්ලාගත්ත එක කියල zhan ට තෙරෙද්දී එයාව ලැජ්ජාවෙන් රතු උණා වගේම
"Thank you yibo..."
කියාගෙන zhan ඇස් දෙක පියාගෙන නිදාගන්න ලෑස්ති උණා...
පැය ගාණකට පස්සෙ බහින්න ලං වෙද්දීත් zhan හිටියෙ හොඳ නින්දේ...

"ඒ....ඇහැරිනවා....මෙතනත් නිදි....තමුන් හැම වේලෙම නිදාගෙනනේ ඉන්නෙ ඕයි...නැගිටිනවා...තව ටික්කින් land කරනවා ...

"හරි හරි....මේ ඇහැරල ඉන්නෙ..."

"ඇහැරල වෙන එකක් නම්....කියන් නෑ ඇහැරපු එක...."

"මොකක්...."

"මේ zhan...අපි බැස්සට පස්සෙ එක්ක යන්න අපෙ dad ගෙ කෙනෙක් එනවා....එයා කෙලින්ම අපිව අපෙ apartment එකට දායි...ඊට පස්සෙ හෙට ඉදන් එහෙ වැඩට යන්න ඕනේ....ගියාට පස්සෙ මට නම් ආය එන්න බෑ..මට වැඩක් තියනවා..... මේ යන ගමන්ම ඔයාට මොනවා හරි ගන්න දෙයක් තියනවා නම් අරගෙන යන්..."

"එහෙම මුකුත් ගන්න නෑ.... අපි යන්...."

"හ්ම් හ්ම්..."

Land කරන්න ගද්දී zhan ට මුලින් වගේම බඩ මොකද්දෝ වෙලා එද්දීම එයා කළේ යිබෝ ගෙ අතින් අල්ල ගත්ත එක...

Wrong numberWhere stories live. Discover now