දහඅටවන මේඝය

Start from the beginning
                                    

මන් කළුකුමාරයා දිහා බලන්න බැරි කමට බොරුවට ෆෝන් එකේ වෝල්පේපර්ස් ටික swip කර කර ඉදියා.. වෙන කරන්න දේකුත් නෑනේ... ඒත් එක්කම වගේ කෝල් එකක් ආවේ අම්මගෙන්... ඒ මනුස්සයා විතරයි ටිකක් හරි මට ආදරේ... මෙහෙම නැන්දම්මලා වාසනාවන්...

"හෙලෝ අම්මා... ගුඩ් මෝනින්...."

"මෝනින් මෝනින්... වැඩද... "

"අනේ නෑ අම්මා... කියන්න කියන්න.."

"වෙරි බෑඩ් නිවුස් පුතා..."

"ඇයි.... මොකෝ වුණේ මොකක් හරි ප්‍රශ්නයක්ද..."

"ඔව් අපිට නෙමෙයි ඔයාලට.. ලොකු ප්‍රශ්නයක් වෙන්න යන්නේ..."

"අපිට... "

අපිට ඉතින් තව වෙන්න ප්‍රශ්නයක් ඇත්තෙත් නෑ ඉතින් කමක් නෑ තව අලුත් වර්ශන් එකක් වෙන්නැති... හරි ශෝක් ඉතින්...

මන් හිතින් හිතනගමන් බලන් ඉදියේ අම්මගේ උත්තරේ ලැබෙනකන්...

"මන් ලොක්කට කිව්වෙත් නෑ තාම.. මගේ වැරැද්ද.. දැනගත්තොත් මොනවා වෙයිද දන්නෑ...."

"මොකෝ අම්මා.. බය හිතෙනවා දැන් නම්..."

"බය වෙන්න ඕන තමා ළමයෝ.. මේකනේ වුණේ ඊයේ රෑ මිසිස් සපරමාදු මට කතා කළානේ... දන්නවනේ ඔය එහාපැත්තේ ඉන්නේ.."

"අපොයි ඔව් අම්මා.. මන් මොකෝ නොදන්නේ.. ඉතින් ඉතින්..."

"එයාලගේ ගෙදර කලර් වොශ් කරනවා කියලා මගෙන් ඇහුවා අපේ ගෙදර නවතින්න පුළුවන්ද කියලා ටික දවසකට... එයාට ටිනර් ඇලජික්ලු... හොටෙල් එකක ඉන්නත් බැරිලු ඔන්න මොකක්ද මොකක්ද කිව්වා... ඉතින් මටත් දුක අහපු පාරට එකපාරටම හා කියවුණානේ ළමයෝ... "

"මොකක්...!!!"

බිබී හිටපු දෙහි එකත් ඉහිරුණා ඒ කිව්ව එකට... මොන මගුලක්ද යකෝ ඒ.. ඒ නාකිච්චි මෙහේ නවතින්න..!! මේ අපි එක්ක...!! පිස්සු හැදෙයි...

"දැන් බෑ කියන්නත් බෑ.. අන්න අද දවල්වෙලා එනවා කිව්වා.. පොඩ්ඩක් ශේප් කරගන්න හොඳද.. උපරිම සතියක් වගේ ඉඳීවී..."

"අයියෝ.. අම්මා.. ඒත් අනේ..."

"හරි හරි.. දරුවෝ.. කෝ ළඟපාත ලොක්කා ඉන්නවද..."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now