දහඅටවන මේඝය

Start from the beginning
                                    

"ඕහ්... ඔයාගේ කළුකුමාරයානේ... හරි හරි එහෙනම්.. පොඩ්ඩක් ස්ක්‍රෝල් කරලා බලන්නකෝ... සෑහෙන්න සතුටු හිතෙයි.. "

"ආශ්.. හරි හරි ඩොක්ටර්.. හැබැයි අපහාස කරන්න නම් ලැහැස්ති වෙන්න එපා... ඇඬෙනවනේ ඉතිම්..."

"මේරි අම්මේ... කිරි බෝතලයක් ගේන්න... බබ්බු නළවන්න තියෙනවා..."

ආයෙම කළුකුමාරයා කෑගහන්න ගත්තා.. මේ මිනිහට මොන යකා ගහලද.. උදේ ඉදන් බෙරිහන් දෙන්නේ... අනික මගේ රූම් එකේ දොර අස්සේ ඉඳගෙන අහවල් මංගල්ලයක් කරනවද...

"හරි හරි අවින්දි මට අපොයිමන්ට්ස් වගයක් තියෙනවා.. පස්සේ ගන්නම් එහෙනම්...."

"හරි හරි ඩොක්ටර්.. "

කළුකුමාරයවත් පැත්තකින් තියලා මන් පට ගාලා ඉන්ස්ටා එක පැත්තට පැන්නේ මොකද වෙලා තියෙන්නෙ කියලා බලාගන්න...

"හත්තික්කේ....... මුගේ ආච්චිට... "

මේ මුග්ධ ලප ජීවියා මගේ වීඩියෝ සීරිස් එකක්ම ස්ටෝරි දාලා නේ කිසි හිරිකිතයක් නැතුව.. ශික්... ටැග් කරලා ඒ මදිවට.. නොටිෆිකේශන් වැස්සයි... හැමඑකාම මාව ටැග් කර කර ඒක හත්තිලව් ටික පෝස්ට් කරලා.. මොනවද යකෝ මුන් මේවගෙන් ලබාගන්න ආත්ම තෘප්තිය... ආයේ ඉතින් මූදු හතේ හේදුවත් අවනම්බුවනම් අරින්න හම්බෙන්නෑ රජෝ ඒකාන්තයි...

ආආආආආආආඅ.... මටමයි මෙහෙම වෙන්නේ... මන් බ්ලැන්කට් එකත් කකුල් දෙකෙන් ඔත ඔතම කොණ්ඩෙත් අවුල් කරන් කෑගැහුවා.. කමක් නෑ අවින්දී... කමක් නෑ... සියල්ල තාවකාලික දේවල් නේ..

මන් මූණත් හෝදගෙන පහළට ගියේ කන්න කලින් ඔලුවේ කැක්කුම හොඳ කරගන්න මොනා හරි බොන්න හිතාගෙන.. හරි වේදනයි ඉතින් මට... දුකක් නෑ දුකක් නෑ...

මන් පහළට යද්දි මේන් කළුකුමාරයා ආහාර බුදිනවා... යකෝ මෙච්චර වෙලා උඩ ඉදන් බෙරිහන් දිදී ඉදලා දැන් මෙතන කනවා.. පිස්සෙක්නේ මහ.. මටත් පිස්සු හදවනවා...

"නෝනා.. මෙන්න මේක බොන්න ඔලුව කැක්කුම හොඳවෙයි.. "

මගේ අතට වීදුරුවක් දීපු මේරි අම්මා හෙන අමුතු හිනාවක් දාලා ආයෙම කිචන් එකට ගියා...

ඒ කියන්නේ මේ ගෙදරත් මට තැනක් නෑ.. හනේ... සාපයක් මහ..

මන් දෙහි එකත් බොන ගමන් කළුකුමාරයා මේසේ වාඩි වෙලා හිටපු පැත්තට අනික් පැත්තේ කොනෙන්ම වාඩිවුණා... මට ලාදුරුනේ.. ඒ ඇරත් බෝවෙන රෝග සියල්ලම මට හැදිලා තියෙන්නේ...මේ මනුස්සයට මීටර් ගණනාවක් ඈතින් වාඩිවෙලා ඉන්න වෙලා තියෙන්නේ ඒකනේ මට... නරලොව සමයන් මේවා....

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now