kuan ගගගේ ගෙදර...kuan ගගා ට කිව්වද යිබෝ...එයා මාව එක්ක එන්න කිව්වද?ජිජි බය වෙයි මේ වෙලාවේ ගියාම.එයාල මන් හින්ද ගොඩක් කරදර උනානේ.මම මගේ ගෙදර යන්නම්..එහෙ යන්න බෑ.zhan නොනවත්වා මේ ප්රශ්න අහන්නේ zhan තවම දන්නේ නෑ යිබෝ කියන්නේ කුං ගේ මල්ලි කියලා.
යිබෝ ට නම් දැන් මේ කන්දොස්කිරියාව ඉවසන්න බැරිව කේන්තිත් එක්ක.
'' කටවහගෙන යන්ද...මල කරච්චලේ....තමුසේ කලන්තේ දාලම හිටියා නම් ඉවරයි වගේ...'' යිබෝ ගේ කෑගැහිල්ලත් එක්ක zhan ඉක්මනටම බිම බලාගත්තා..යිබෝ kuan ගේ ගෙදර gate එකෙන් චාර් එක දාද්දි වත් zhan නෙමේ බැලුවේ ආය.
ඒ දිහා බැලුව යිබෝ නම් හිනා යන්න ආවත් අමාරුවෙන් හිනාව කාගෙන යිබෝ ආයම zhan හිටපු පැත්තේ දොර ඇරලා zhan ව ගන්න හැදුවා..
'' ඇයි ...මේ..මේ ...මට යන්න පුළුවන්..දැන් අඩුයි..."කලබල උන zhan දොරෙන් එලියට ආවේ ඔලුවත් වද්දගෙනමයි.ඒ වැදුන පාරට ආයම වැටෙන්න යද්දී zhan ව අල්ලගත්ත යිබෝ...
''තමුන්ට මහ පොලවේ වත් හිටගෙන ඉන්න බෑ.ගිය තැන වැටෙනවා.ඉන්නවා ඔහොම එක්ක යනකම්...."කියලා එයාව හරහට වඩාගෙන කෙලින්ම kuan ගේ ගෙදර යිබෝ ගේ කාමරේට අරන් ගියා.
ඒ යද්දී දොර ලගට ආව princess "යන්ලියෝ ...මෙන්නෝ..... හා මාමිව වදන් එනෝ.......මෝඩ බෝ හා මමිට ඌවා කලලා...."
princess ගේ ඒ කෑගැහිල්ලට kitchen එකේ ඉදන් යන්ලි දුවගෙන ආවේ හොස්පිටල් එකට වත් නාපු යීබොට මොකද උනේ බලන්න.එත් එක්කම doctor ආව හින්ද යන්ලිට මුකුත් අහන්න බැරි උනේ doctor ආව ගමන් zhan ව බලන්න ගත්ත නිසයි.
උන දේත් එක්ක zhan බය වෙලා faint වෙලා තිබුනේ.එත් එයාට කලන්තේ ආව නිසා බෙහෙත් දුන්න doctor zhan ට හොදට කාල බෙහෙත් බොන්න කියලා බෙහෙත් ලියල දීල ගියා.
"තමුසේ උදේට හැමදාම කන්නේ නැද්ද ඕයි...නොකා ඇවිල්ල එක එකාගේ අත් උඩ කලන්තේ දාන්න බලාගෙනද එන්නේ.?යිබෝ ඒ කිව්ව කතාවට නම් zhan ගේ මෙච්චර වෙලා හැදිලා තිබුන හිත ආයම කැඩුනා..
හිතේ ඇතිඋන රිදිල්ලට zhan ට තවදුරටත් මෙතන ඉන්න බෑ වගේ හැගීමක් දැනෙද්දී
"මට සමාවෙන්න.ඔයාලට කරදර කරන්න හිතුවේ නෑ මම...මම දැන් යන්නම්.මට දැන් අඩුයි." කියාගෙන ඇදෙන් බහින්න හදද්දිම
"තමුන් දැන් ඔය කොහෙද යන්නේ..ඉන්නවා ඔහොම කාල බෙහෙත් බොනවා.ජිජි උයලද තියෙන්නේ..මෙයාට කන්න මොන හරි හදන්න.දැන් බෙහෙත් ටික දෙන්න මෙයාට...''
යන්ලි නම් ඉන්නේ මේ මොකද එක පාරටම උනේ වගේ බැල්මකින් වෙද්දී යිබෝ zhan ට කන්න හදන්න කියනකොට නම් යන්ලිට උතුර දකුණ මාරු උනා..
අහ්...මේ මේ...හා හා මේ හදනවා...හරි හරි...තව ටිකයි...කියාගෙනම යන්ලි kitchen එකට දිව්වා..
'' ඒ ...මෝඩ බෝ.....මගේ හා මාමිට මොලාද අලේ කලේ...ඔයා හා මමිට ගැවුවද අලේ....හැබැයි ගැවුව නම් මන් තාලයි....'
'' අනේ නෑ princess...ඔයාගේ හා මාමි උදේට කාල නැතුව ඩොග් ගාල වැටුන.." යිබෝ princess ට එහෙම කියද්දී ඒ ඇත්තද වගේ බැල්මකින් princess zhan දිහා බැලුවා.
"ඔව් princess...මම නොකා ඇවිල්ල වැටුනනේ...ඔයත් ඔන්න නොකා ඉන්න එපා ආය.හොදද?නැත්තම් මම වගේ වැටෙයි ඔයත්...හොදද මැණික..."
"ඒ කීන්නේ මම නොකා හිටියම මටත් අර ලොකු කට්ටෙන් අනිනවද හා මාමි..."princess ඇස් ලොකු කරගෙන අහද්දී
"ඔව් ඔව් ඔයාගේ හාමාමිට ලොකු කට්ටිකින් ඇනල තමයි ඔය අසනීප වෙලා තියෙන්නේ. යිබෝ zhan ට කලින් පැනල උත්තර දීගෙනම එලියට ගියේ යන්ලිව හොයාගෙන.කිව්වේ මොකද්ද කියලා zhan ට තෙරෙද්දී විනාඩි කීපයක් ගත වෙලා වගේම zhan ගේ ඇස් වලට එයාටත් නොදනිම කදුළු පිරුන...කොච්චර උදවු කරා උනත් ඒ දේවල් වලට යිබෝ හවුල් කියන එක zhan ට දැනුණා..එත් එක්කම ඊළගට zhan ට ආව ප්රශ්නේ තමයි යිබෝ කොහොමද kuan ගගා දන්නේ කියලා.එතකොටම zhan ට මතක් උනේ....ඒ කියන්නේ kuan ගගගේ දිදී යිබෝ ද?
ඒ අතරේ තමයි kuan ගෙදර ආවේ අමතක උන file එකක් අරගෙන යන්න.yanli, kuan එනවා දැක්ක ගමන් kyan ගේ අතින් ඇදගෙන kitchen එකට අරගෙන ගියා.
"යන්ලි දැන් බෑ අනේ...meeting එකක් තියනවා.file එක අමතක උනා ගෙනියන්න ආවේ...දුවත් ඇහැරලානේ..මම එන්නම්කෝ බබා ඉක්මනට.."kuan කියද්දී රවල බැලුව යන්ලි "අනේ මේ ,,ඔයාටත් දවසම ඒක තමයි ඔලුවේ වැඩ කරන්නේ...ඒක නෙමේ අනේ වැඩේ යිබෝ ආව ගෙදර..."
"යන්ලි...යිබෝ එනවනේ කොහොමත් මෙහෙ...ඕකේ මොකද්ද අමුතුවෙන් කියන්න තියෙන්නේ."
"අනේ kuan ...යිබෝ ආවේ zhan එක්ක.."
"මෝ ...මෝ ...මොකක් කිව්ව...කව්රු එක්ක ආව කියලද කිව්වේ?අසනීප වෙලා හිටපු දවස් ටිකේ අඩුම ගානෙ මේ ගෙදරට වත් නාව එකා zhan එක්ක ආවා කිවවා."
.
.
.
.
.
.
.
තව කොටසකින් එන්නම්....
මම
මනු...
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 16
Start from the beginning
