''ඔහ්....රෝස මල....කොහෙද යන්නේ...ඇයි බබා මාව දැකල දුවන්නේ.එන්නකෝ පැටියෝ ටිකක් ආශ්‍රය කරලා යන්න.අපි නොදන්න මිනිස්සු නෙමෙයිනේ.....'' zhanjin මෙහෙම කියන්නේ zhan ගාවට අඩියෙන් අඩිය එන ගමන්.අන්තිම අඩිය zhan ගාවටම ආව zhanjin, zhanගෙ කනටම ලං වෙලා,

'' අපි දැන් නෑයෝ වෙනවා නේද?ඇයි එහෙනම් දුවන්නේ ...''

zhanගෙ නම් ඉවසීමේ සිමාව මේ වෙද්දී සෘණ මට්ටමේ තියෙද්දී එයාට තවත් මෙතන ඉන්න බැරි තරමටම බය කියන එකේ අන්තෙටම zhan වැටිලා හිටියා...

දෙකන් වලිනුත් එක්ක ආව රත් වීමක් එක්ක zhanගෙ ඇස් පියවිලා ඇගම පන නැති වෙනකොට එයාව අල්ල ගත්තේ......

.

.

.

.

.

.

.

.

.

.

.

.

yibo......

''ජින්,මම උබට කිව්වා...ඇති....''

''එත් යිබෝ...''

''නෑ jin, ඇති....මට කරපු දේවල් වලට return එකක් ලැබුන වගේම දැන් ඇති.මට තවදුරටත් මේක ගෙනියන්න ඕනේ නෑ....ආය මුකුත් කියන්න එපා...

ඇස් අඩවන් කරගෙන සිහියත් අසිහියත් එක්ක ඉන්න zhan ව අත්දෙකටම අරගෙන යිබෝ එයාගේ car එකෙන් තියාගත්තා.යිබෝ කෙලින්ම ගියේ kuan ගේ ගෙදරට.ඒ යන ගමන් doctor ට call කරලා kuan ගේ ගෙදරට එන්න කිව්ව යිබෝ car එක නවත්තලා zhan ගෙ මුණ,බෙල්ල වතුරෙන් තෙමන්න ගත්ත...කලන්තේ ගතිය අඩු වෙනකොට zhan බය වේදනාව මුසුවෙච්ච බැල්මකින් යිබෝ දිහා බැලුවා.ඇත්තටම zhan බය උනේ යිබෝ එක්ක යන්න.එක පාරක් වේදනාවක් වින්ද zhan ආයම පාරක් ඒ වේදනාවට බය උනා.

''අනේ..මට යන්න දෙන්න..මට කරදර කරන්න එපා....please....''

කදුළු පිරිච්ච ඇස් වලින් zhan යිබෝ ගෙන් ඉල්ලද්දී යිබෝ ට නම් දැනුනේ එයාගේ හදවත කෑලි වලට කැඩෙන හැගීමක්..ඇත්තටම යිබෝ හැම දෙයක් ගැනම පසුතැවුණ නිසාද එහෙම දැනුනේ නැත්තම් වෙන දෙයක් නිසාද.යිබොට තවම හිතාගන්න බෑ.

මොන දේ උනත් යිබෝ තීරණය කරේ zhan ට මේ වෙලාවේ උදවු කරන්න ඕනේ කියල.zhan යිබෝ එක්ක අකමැත්තෙන් ආවත් යන පාර zhan ට හුරුයි වගේ දැනුන නිසා වට පිටාව හොදට බැලුවා...

Wrong numberWhere stories live. Discover now