මම නැගිටගන්න බැරුව ඇද පල්ලේ වැටිලා වකුටු වෙලා එන්නේ නෑ කියල දැන දැනත් මගේ අම්මව හෙව්වා.අම්මගේ උණුසුම හෙව්වා.ඇයි එන්නේ නැත්තේ මගේ අම්මේ..ඔයාගේ සුදු පුතාට රිදෙනවා.එයාල ගොඩක් රිද්දල අම්මා...මාව ඔයා ගාවට අරන් යන්න එන්න අම්මේ..

එයා මගේ ගාවට එන්නේ නෑ කියල දැන දැනම මම එයාවම ඉල්ලුව....මගේ phone එකත් නොකඩවාම රින්ග් වෙද්දී මට ඒක ගන්න වත් යන්න පුළුවන්කමක් තිබුනේ නෑ.මම වකුටු වෙලාම phone එකට අත දික් කරා උනත් මගේ අත අඩපන වෙලා වැටෙද්දී phone එක ආයම cut උනා.

මම හීන දැක්කා.ඒ හැම හීනෙකම හිටියා මගේ ගගා..කවදාවත්ම කා ගැනවත් නොහිතපු මම කවදාවත් දැකලවත් තිබුනේ නැති මගේ ගගාට ආදරේ කරා.එයා මාත් එක්ක වැඩිය කතා නොකලත් එයා කතා කරපු ටික වෙලාවට මට දැනුනේ මට අම්මා ගාව දැනුන රැකවරණයක්.මම පිවිතුරු විදිහට එයා ගාවට යන්න හීන මෙව්වා.එත් ඒ හැම හීනයක්ම මම නොදැනීම බිදිලා ගිහිල්ල තිබ්බා කියන්න මගේ ඇග පුරාම ඕනෙවට වඩා ශාක්ෂි තිබුණා.මට අම්මා නැතිඋන දවසේ ඉදලම එයා මගෙන් ඇතට ගියේ මගේ තිබුණ හැම සතුටක්ම මගෙන් නැතිම කරලා දාලා.අම්මා නැතුව හිස් උන ජිවිතේ මට තිබුනේ එකම ඒක හීනයක් විතරයි.ඒ කවද හරි හොද ජොබ් එකක් කරලා සල්ලි හොයාගෙන මගේ අම්මා වෙනුවෙන් දානයක් දෙන්න.මට එයා වෙනුවෙන් තවම එහෙම දෙයක් කරන්න පුළුවන් උනේ නෑ.හදිස්සියේම මට තව හීනයක් එකතු උනා.මගේ ගගා.ගගා එක්ක ලස්සන ජිවිතයක් ගෙවන්න එයාගේ ආදරේ ලබන්න මම හීන දැක්කා.තවදුරටත් මගේ ගගා ලගට යන ඒක මට හීනයක් විතරක් වෙද්දී එයාට විතරක් දෙන්න හිටපු මගේ පලවෙනි හාදුව මටත් නොදැනීම කවුදෝ මගෙන් හොරකම් කරලා තිබුණා.මම මගේ ගගා වෙනුවෙන් රැකගත්ත මගේ පිවිතුරුකම කවුදෝ මගෙන් අරන් තිබුණා.කවුදෝ නෙමෙයි.zhanjin..මට මතකයි.එයා ආවා මගේ කාමරේට.ඊට පස්සේ උන කිසිම දෙයක් මට මතකෙට නොඑද්දී මගේ ඇගේ පේන රතුපාට පැල්ලම් ගානට මට මන් ගැනම අප්පිරියාවක් දැනුනා..

ඇගේ නුල් පටක් වත් නැතුව කොයි තරම් වෙලා වැටිලා හිටියත් කවුරුත් මන් වෙනුවෙන් එන්නේ නෑ කියල දැනෙද්දී කොහොම හරි මමම නැගිටින්න ඕනේ කියල මගේ හිතම කියද්දී මම ආයම හිත හයිය කරගෙන නැගිටින්න හැදුව උනත් කකුල් පන නැතුව මම වැටුනේ ලග තිබ්බ මෙසේ අයිනක ඔලුව වදෙද්දීමයි...ඔලුවෙන් ගලන ලේ වලින් සුදු පාට tile පොලව රතු පාට වෙද්දීම මගේ සිහිය මගෙන් ඈතට යන්න ගියා...ඒ එක්කම මම දැක්කේ

Wrong numberTahanan ng mga kuwento. Tumuklas ngayon