මේ විදිහට සති කීපයක් ගෙවිල යද්දී හොටෙල් එකට ගිය හවසක kuan,zhan එනකම් බලාගෙන හිටිය..

zhan...මට ඔයාගෙන් උදව්වක් ඕනේ.

මොකද්ද ගගා...මම කරන්නම්.ගෙදර party එකක්ද?

party එකක් නම් තමයි.ඒත් ගෙදර නෙමෙයි.ඔයා දන්නවනේ මම අලුතෙන් ගත්තා yangzi club එක...එකේ දැන් business හැදීගෙන එන්නේ.එකේ හෙට රෑ business party එකක් organizing කරලා.ඒත් හදිස්සියේ එකේ ඉන්න ළමයාගේ අම්මා නැති වෙලා.ගොඩක් කල් ඉදන් අසනීපෙන් ඉදල තියෙන්නෙත්.ඉතින් එතෙන්ට ඒ ළමයට හෙට එන්න විදිහක් නෑ.ඒ වෙනුවට ඔයාට ඉන්න පුලුවන්ද.ඔයාට කරන්න තියෙන්නේ drink serve කරන එක විතරයි.මාත් හෙට රෑ එනවනේ.12.30 වගේ වෙනකම් party එක තියනවා.ඔයාට ඒකෙම ඉදල ගියැකි.මම අනිත් දේවල් ඔයාට හදල තියන්නම් නවතින්න.මේ හදිස්සියේ මට කෙනෙක් හොයාගන්න බෑ zhan.බෑ කියන්නේ විදිහක් නෑ.

අනේ ගගා...මට පුළුවන්.මම කීයටද එන්න ඕනේ.

ඔයා හවස හොටෙල් එකට යන්න එපා.6 වෙද්දී එන්නකෝ club එකට.ඒ ඇති.

හරි ගගා මන් එන්නම්..

ඔයා කෙලින්ම ඇවිත් මේ රූම් එකට එන්න.මේ key එක.රූම් number 7.එකේ ඔයාගේ staff ඇදුම් තියල තියනවා.එකත් ඇදගෙන 7 වෙද්දී පහලට එන්න.මම කරන්න ඕනේ දේවල් එතකොට කියල දෙන්නම් ...ගොඩක් ස්තුතියි zhan...ලොකු උදව්වක් මේ වෙලාවේ.

කමක් නෑ ගගා..මම එන්නම්...

මට තාත්ත කෙනෙක් වගේ ඉන්න kuan ගගාගේ ඉල්ල්ලිමට පිටුපාන්න මට කොහොමත් බැරි වෙද්දී මම call කරේ බින් ට.business party එකක් නම් බිනත් එයි...

hello බින්..හෙට ඔයාලට party එකක් තියනවද.

අ..... තියනවා.ඇයි..

kuan ගගාගේ හොටෙල් එකේ තියෙන්නේ.මට හෙට එහෙට එන්න කිව්ව.ඒකයි ඔයත් එනවද බලන්න ගත්තේ.

අනේ....zhan ..මේකයි...මම dad එක්ක හදිස්සියේ thailand ආවා.මට ඒ party එකට එන්න වෙන්නේ නෑ.අපේ company එකෙන් එන්නේ dad ගේ Secretary.ද?

ඒමද හරි කමක් නෑ එහෙනම්.

zhan...පරිස්සමට ගිහිල්ල kuan ගගා එක්කම ඉන්න එයාට පේන මානේ.හොදද?මම එනම් තියනවා zhan.

බින් එක්ක කතා කරත් මගේ හිතට අමුතු බයක් දැනෙද්දී මම කල්පනා කරේ මේ දැනෙන හැගීම මොකද්ද කියලයි...

මගේ ගගා ට කියන්න ඕනේ..එහෙම හිතපු මම ගගා ට call එකක් ගත්තා.

....................................................................................................................................................


අද කතාව boring ද මන්දා?

typing mistake ඇති...දෙපාරක් බැලුවේ නෑ.සමාවෙන්න ඒකට

zhan ට මොකද්ද දන්නේ නෑ දැනෙන හැගීම....

හෙටත් එන්නම්.

ඔයාල හැමෝම පරිස්සමට ඉන්න.

මම

මනු ....

Wrong numberWo Geschichten leben. Entdecke jetzt