බෑ..මන් ජින් එක්ක එන්නම් උබල පලයල්ලා...
ඔව් බන්.මම යිබෝ ගෙනත් දාන්නම්..උබල පලයල්ලකෝ...
ජින් උබ ඊයෙත් මුව ගෙනත් දැම්මනේ.අනේ පලයන්..තොට කෙල්ලෝ වට උනාම මුව සිහි නෑ.යමන් යිබෝ...
චෙනා....කිව්වම පලයන්කෝ මම ජින් එක්ක එන්නම්...
ඔව් බන්..මම යිබෝ එක්ක එන්නම්.අද යන්නේ නෑ..sure.මට වෙරි නෑ බන් අද.
අනේ මන්ද බන්.තොපි එක්ක එනවට මටයි ගහන්න ඕනේ හොද පොල්ලකින්.කෝ ඒපාර අර ඩබල..ජින්,pat paran කෝ..
උන් එලියට ගියා.චෙනෝ...anniversary එක දවසේ කටවල් වත් කා ගන්න දීපන් නිදහසේ උන් දෙන්නට.
අප්පෝ.....හිටපල්ලකො..ඊලග බැජ් එකෙන් මාත් කෙල්ලක් දාගන්නවා.එහෙනම් මන් ගියා.පරිස්සමෙන් වරෙන් යිබෝ.මන් අරුන් දෙන්නවත් එක්කරගෙන යනවා.
චෙන් යනකම් හිටිය ජින් මගේ දිහාවට හැරුනා.
යිබෝ ...,උබ හිතනවද නිකම්ම පෙන් එක නැති උනා කියල.ඊට පස්සේ එක zhan ගාවින් හම්බෙනවා.අද lecturer කවදාවත් නැතුව උබට බනිනවා.ඒත් එක්කම ඒ lecturer ම දන්නවා ඊයේ උබ club ගියා කියලත්.උබට හිතෙන්නේ නැද්ද මේවා එකින් එකට සම්බන්දයි කියල.
අනික තමයි මම හදපු කරුණු වෙනස් කරලා තිබුනේ.මම කිව්ව ඒවා ලේකමා දැම්මේ ඕකට.ඒත් ඒවා වෙනස් බන්.zhan මොලෙන් උබව වට්ටන්න game එක දීල තියෙන්නේ.
ජින්..මට උදේම ඔය ගැන සැකයක් ආවා.ඒත් මම ඒක වැඩිය හිතුවේ නෑ.කල්පනා කරලා මේවා එකින් එකට ගලපලා බලද්දී මේක පිටිපස්සේ ඉන්නේ zhan ම තමයි.අහිංසකයි වගේ ඉදල මු ඔක්කොමලම රවට්ටගෙන අන්තිමට මොලෙන් game එක ගහල ඌ දන්නේ නෑ වගේ පැත්තකට වෙලා ඉන්නවා.බලන් ගියාම පුදුම කපටියෙක්නේ මු...මුනේ තියන අහිංසක කම ඇතුලේ නෑ වගේ.ජින් ඇති බන් මුව හුරතල් කර කර මේක අරන් ගියා...
යිබෝ..හිටපන්කෝ..අවස්ථාවක් එනකම්..හොදම වෙලාව බලලා වැඩේ දෙමු...බය වෙන්න එපා.උබේ පලිය මම ගන්නම්කො....එහෙම කිව්ව ජින්...කපටි හිනාවක් දාගෙන drink ගන්න ගමන් කල්පනා ලෝකෙක කිමිදෙන්න උනා.
යිබෝ කිව්වත් වගේ අර lecturer එදා ඉදන් නොඑද්දී අලුත් කෙනෙක් ඒ subject එක වෙනුවට වැටුනත් එයා පරණ lecturer තරම් හොද උනේ නෑ..ඕනෙවට එපාවට කියල දීල ඉක්මනට පන්තියෙන් එලියට යන්න බලාගෙන ඉන්න එයා සම්ප්‍රදායික ගුරුවරයෙක් විතරක්ම උනා.
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 13
Start from the beginning
