ඒ ඉද්දි මම දැක්කා yibo,jin එක්ක ඒකට ඇවිල්ල ඉන්නවා.දෙන්න එක්ක කතා කර කර ඉදල ටිකකින් jin yibo දාල කෙල්ලෝ වගයක් එක්ක නටන්න ගත්තා.මම දැක්කා yibo ගේ drink එකට කවුද මන්ද කෙල්ලක් මොනාද දානවා.ඒක මට එයාට කියන්න යන්න ලැබුණ නැත්තේ bin මාවත් ඇදගෙන dance කරන්න ගිය නිසා.ඒත් මට ඒ party එකේ ඉන්න බෑ කියල හිතෙද්දි මම bin ටත් කියල එලියට ආවා.bin ගේ යාලුවෙක් නිසා බින්ට ඉන්න සිද්ද වෙද්දී මම එතනින් එලියට ආවේ මගේ රූම් එකට යන්න.එතකොට මම දැක්කා yibo හොදටම බීලා එයාගේ bike එක ගාව වැටිලා ඉන්නවා.එයාට අර දුන්න එක නිසා එහෙම උනාද දන්නේ නෑ.ඒ මොනවා උනත් එයා වැටිලා හිටියේ තනියම.මම අපහු එයාව ඇතුලට අරන් ගිහින් table එකක තිබ්බා.yibo ගේ phone එකෙන්ම මම chen ට call කරලා කිව්වේ මේ වෙලාවේ jin හොද සිහියෙන් නොහිටපු නිසාත් jin ගේ මයිලක් වත් ලගක නොතිබ්බ හින්දා.chen ඉක්මනට එන්නම් කිව්ව හින්දා මට යන්න හිතුනත් මට yibo මෙතන දාල යන්න හිතුන නෑ.හිත කිව්වෙම එයාට කරදරයක් වේදෝ කියල.මම කෝකටත් ඈතින් ඉදන් බලගෙන හිටියා chen එනකම්.ඒත් ටික වෙලාවක් යද්දී ආවේ yibo ගේ drink එකට මොනාද දැම්ම කෙල්ල වෙද්දී මම කෝකටත් ඇතින් ඉදන් බලන් හිටියා yibo දිහා.කරදරයක් උනොත් යන්න හිතාගෙන.ඒ කෙල්ල yibo ව kiss කරන්න try කරත් yibo අසිහියෙන් උනත් ඒකට ඉඩ දුන්නේ නෑ.ඒත් එක්කම වගේ chen ඇවිත් අර කෙල්ලගෙන් yibo ව අරගෙන ගෙදර එක්කන් ගියා.

මම club එකෙන් එලියට එද්දී දැක්කා yibo ගේ bike එක ගාව pen එකක් වැටිලා තියනවා.yibo ගේ වෙන්න ඇති.මම ඒක අරගෙන මගේ room එකට ආවේ හෙට එයාට දෙන්න හිතාගෙන.උදේ lecturer වලට යද්දී yibo පෙන්න හිටියේ නැති නිසා මම ඒ pen එක chen අතට දුන්නා.chen ට වෙලාවට ඊයේ මාව අදුනගන්න බැරි වෙලා කටහඩින්.එකත් හොදයි.නැත්තම් ආය නැති ප්‍රශ්නනේ ඕව.

මගේ කල්පනාව අතරේyibo,zhanjin එක්ක එයාගේ presentation එක ඉදිරිපත්කරලා ආවා.yibo නම් ගොඩක් දක්ෂයි.චුට්ටක් වත් බය නෑ.ඊළගට ගියේ pat,paran,chen තුන් දෙනා.එයාලත් හොදට කරා.ඊළගට අපේ වාරේ.මම බින් එක්ක බයෙන් වගේ ගියා...

යකෝ...බය වෙන්න එපා zhan...උබට බයයි වගේ නම් sir ට love මුනකින් බලපන්.බය ඇරේවි...

බිනා කියන ඒවාට හිත ටිකක් relax උනත් බය තවම තියෙද්දී මමයි බිනයි අපේ ඉදිරිපත්කිරීම කරා...ඇත්තටම මට බයට ටිකක් පැටලුනා.ඒත් sir මුකුත් කිව්වේ නෑ.

Wrong numberOù les histoires vivent. Découvrez maintenant