හේ හේ.....මාමි බයදුල්ලා..මාමි බයදුල්ලා....අම්මි...අපි හා මමිට කීමු හොදේ..අපේ මාමි බයදුල්ලා කිලා...
ජිජි කවුද මුව ගෙනාවේ.කාටද මේ princess හා මාමා කියන්නේ...
බොබෝ...මේ එයා අපේ huan ගේ හොටෙල් එකේ වැඩ කරන campus ළමයෙක්.ඔයාලගේ එකෙමයි.හරිම cute එයා බොබෝ..
දන්නවද මට එයාව දකිද්දී මොකද්දෝ වේදනාවක් දැනෙනවා හිත අස්සේ.මට හිතෙන්නෙම එයා මගේ දරුවෙක් වගේ කියලමයි.එයාට කවුරුත්ම නෑ බොබෝ..පව්...කවුරු නැති උනත් ගොඩක් හොදට හැදිලා තියනවා ඒ ළමය.දන්නවද බොබෝ එයා තම princess ගේ birthday cake එක හැදුවේ.පුදුම රසක්.
යකෝ එක දවසට මේ හාවෙක් ඇවිල්ල මුන් ඔක්කොම වශී කරලද..එක පාට්ටම කොහේදෝ තිබ්බ ඉරිසියාවක් මගේ හිතට ආවා.යාන්ලි ජිජි මට අම්මා නැති අඩුව දැනෙන්න නොදෙනකොට princess හැම වෙලේම මගේ පාළුව නැති කරනකොට කොහේදෝ ඉන්න හා මාමෙක් ඇවිල්ල මගේ තැන ගන්න වගේ දැනෙනකොට මට අන්තිමට හිතුනේ එකම දෙයයි...
අද රෑට හා මස් සුප් එකක් බොන්න ඕනේ...
මාමි..මොනාද අනේ කලන්නේ..කන්නකෝ ඉක්කන්ට....අපේ පොතෝ බාන්න...ඔයාට හා මාමි පෙන්නන්නද මන්..princess කියද්දී අමාවකට හද පෑව්වා වගේ මගේ මුණ එලිය උනේ මගේ ගෙදර බත් කටටත් කෙලවන්න හැදුව ගන්කබරය මොකාද බලන්න තිබ්බ උවමනවටයි.
කෑමත් මගින් නවත්තපු මම,අක්කගේ ටැබ් එකත් ඉල්ලගෙන princess එක්ක කාමරේට ගිහින් ෆොටෝ බලන්න ලෑස්ති උනා.ෆොටෝ එකින් එක බලාගෙන යද්දී princess පෙන්නපු හැම එකකම හා මාමගේ අනිත් පැත්ත වැටිලා තියනකොට , කෝ princess.ඔයාගේ හා මාමගේ පස්ස නම් ලස්සනයි හැබැයි..කියා කියා මම හිනා වෙද්දී එක පාට්ටම වැටුණ ෆොටෝ එකට බිත්තිය උඩට තියන් හිටිය කකුල් දෙක නිකම්ම පහලට වැටුනා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
xiao zhan.....තමුන්.....
ඇග හරහා ආයම අර high voltage එක යද්දී,princess මේ කවුද?
ඔය හා මාමිනේ...
මෙයාද එතකොට ආවේ ඊයේ.
ඔව්නේ මාමි...ඔයා ආවේ නෑනේ..එයා ෂෝයි අප්පා...හලීම ලත්තනයි.අන්ගෙල් කෙනෙක් වගේ...මමී එයාට සසට කෑම හදන්න පුවන්...හේ හේ...යන්ලිට කීන්න එපා...යන්ලිටත් වඩා හා මාමිට සසට කෑම හදන්න පුවාන්..මේ පොතෝ එක ගත්තේ අම්මියනේ....හා මාමා ඊයේ හවස නිවාතේ ඉද්දි...අම්මා කිව්ව එයා ලත්තනයි කිල...
ජිජි ....ජිජි...මම princess ව කාමරේම දාල දුවගෙන ගියේ kitchen එකට.ඊයේ ආවේ zhan ද ජිජි...එයා මොකටද මෙහෙට ආවේ.kuan ගගා එක්ක එයාද වැඩ කරන්නේ...හරි කමක් නෑ.හැබැයි ආය එයාට මෙහෙට එන්න තහනම්..කෝමත් එයාව ආය මෙහෙට ගන්න එපා..මම කැමති නෑ එයාට කීයටවත්.
ඒ අහිංසක ළමය ඔයාට මොන වරදක්ද කලේ බොබෝ...ඒ ළමය නම් කාටවත් වරදක් කරන කෙනෙක් නෙමෙයි..එයාට දෙන්න පුළුවන් නම් අනිත් අය වෙනුවෙන් පණ උනත් දේවි..ඔයාට පිස්සුද බොබෝ ඒ වගේ ළමයෙක්ට ඒ විදිහට කතා කරන්න.අනික ඔය දෙන්න දන්නවද.?
.......................................................................................................................................................
අද මට සනීප නෑ ළමයි...
එත් අමාරුවෙන් චුට්ටක් type කරා...
comment එකක් හරි දාන්න කියවන කෙනෙක්..
කතාවේ අඩු පාඩු ඔක්කොම කියන්න...
මම කැමැතියි ඒවා හදාගන්න.
මම
මනු..
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 11
Start from the beginning
