නවිනු සිටියේ විද්‍යා අංශයේය. කුෂාන් කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ බවක් මගේ මතකයේ තිබුණු මුත් තව දුරටත් ඔහු අපේ පාසලේ නොසිටිනා බව කල්පනා වීමෙන් මම ඒ පිළිබඳ සිතීම නතර කළෙමි. නවිනු හා කුෂාන් දෙදෙනා කුඩා කළ සිටම ළඟම මිතුරන් වී සිටි බව සෑබෑවක් වූ මුත් ඔවුන් දෙදෙනා අතර වෙනත් ආකාරයක සම්බන්ධතාවයක් තිබූ බව මම කිසි විටකත් දැන නොසිටියෙමි.

කෙසේ මුත් සමලිංගික සම්බන්ධතාවයක් ගැන සිතීමෙන් පවා මගේ දෙවුර ගල්වී යන ආකාරය මට දැනුණු අතර මම තොල් පෙරලාගෙන නැවතත් ගණන් පොතට අවධානය යොමු කළෙමි. 

'මොකෝ උඹ නිකන් මිරිස් කාලා වගේ?' අශේන් මගේ එහා පසින් හිඳගනිමින් ඇසුවේය.

මම ඔහු දෙසට ප්‍රශ්නාර්ථ බැල්මක් හෙළුවෙමි. 'මොකක්?' 

'නවිනුයි කුෂානුයි ගැන නේද කල්පනා කරන්නේ?' 

මම පැන්සල මේසය මතින් තැබුවෙමි. 'අනේ මන්දා. මට ඒක නිකන් අමුතුයි වගේ.' මම අවංකවම කීවෙමි.

'මොකක්ද?'

'පිරිමි ළමයි දෙන්නෙක්ගේ ලව් එකක්?' මම ආපස්සට විමසා සිටියෙමි.

අශේන් දිගු සුසුමක් ගෙන මගේ කර වටා අත දමාගත්තේය. 'ඕක ගැන ලොකුවට හිතන්න එපා බං. ඔයයි මිනාරයි වගේ තමයි ඒ දෙන්නත්. කකුල් දෙක මැද්දේ තියෙන එකකින් ආදරේ කියන එක වර්ග කරන්න පුළුවන් නම් ඇයි අපි ඒකට ආදරේ කියන්නේ?' 

මම දෙවුරහිස් ඇකිළුවෙමි. 'මන්දා බං. මට තාමත් ඒක අමුතුයි වගේ. මම හිතන්නේ අපි ඕක ගැන දැන් කතා කරන එක නතර කළොත් ‌හොඳයි වගේ.' 

අශේන් කිසිවක් නොකියා එතැනින් නැගිට ගිය විට මම පැන්සල ගෙන නැවතත් ප්‍රමේයයන් මැද අතරමං වුණෙමි. නැවතත් මගේ අවධානය බිඳුණේ අපේ පන්තිභාර ගුරුතුමිය පන්තියට පැමිණි විටයි. 

'ළමයි.. දැන් ඉතින් ඔය විකාර කරන එක නතර කළොත් හොඳයි. අද අධ්‍යාපන අමාත්‍යංශෙන් ආවා විභාග කාල සටහන. තව මාස තුනකින් විභාගේ තියෙනවා කියලා කිව්වා. ස්පෝට්ස් සංගම් පැත්තකින් තියලා දැන් ඉතින් වැඩක් කරන්න ගතොත්තින් හොඳයි. අර ‌බෞද්ධ සංගමේ සභාපති වෙලා හිටපු රන්තිල වගේ නම් හැසිරෙන්න එපා හරිද?' 

නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Donde viven las historias. Descúbrelo ahora