04

1.9K 308 78
                                    

විවේක කාලයේදී පන්තියේ සියලුම ළමුන් එක්තැනකට එක්ව යමක් සාකච්ඡා කරමින් සිටියහ. මම පසෙකට වී උදෑසන කාලච්ඡේදයකදී දුන් වැඩ සම්පූර්ණ කරන්නට වූයෙමි. 

'ඕයි මිනුක..' කොහේදෝ සිට පැමිණි අශේන් මගේ කරෙන් ඇද්දේය.

'මොකද මිනිහෝ?' මම රවමින් විමසූ විට ඔහු මගේ අතකින් ඇදගෙන ළමුන් වටවී සිටි තැනට මා ඇදගෙන ගියේය.

'මොකක් වෙලාද මේ?' මම රහසින් ඔවුන්ගෙන් විමසා සිටි විට ඔවුන් සියලු දෙනාම මා දෙස බැලුවේ පුදුමය මුසු බැල්මකිනි.

'ඇයි උඹ ඊයේ ගෘප් එකේ මැසේජ් කියෙව්වේ නැද්ද?' චෙනුම් විමසා සිටියේය. 

'නෑ. ඇයි? මොකද වෙලා තියෙන්නේ?' මම කුතුහලයෙන් විමසා සිටියෙමි.

චෙනුම් මගේ කරෙන් ඇද මගේ සිරුර ඔවුන් වෙතට තවත් ළං කරගත්තේය. 'අහගනින්කෝ ඉතින්.'

'කියපන් මිනිහෝ අගය නොකර!' මම ඉවසීමේ සීමාව පැන පවසද්දී අශේන් දිගු සුසුමක් ඇද ගත්තේය.

'නවිනුගෙයි කුෂාන්ගෙයි මෙව්වා එක මැඩම්ට අහු වෙලා. කුෂාන්ව ඉස්කෝලෙන් අයින් කරලා. නවිනුවත් අස් කරන්නලු හැදුවේ. ඒත් නවිනුගේ තාත්තා අද ඇවිත් ලක්ෂ පහක් දීලා නවිනුගේ පන්තිය මාරු කරවලා නතර වෙලා.' අශේන් වටපිට බලමින් පැහැදිළි කළේය. 

'නවිනුගෙයි කුෂාන්ගෙයි මොකක්ද?' මම ප්‍රශ්නාර්ථ බැල්මකින් අශේන්ට සංග්‍රහ කළෙමි.

'ඇයි උඹ දන්නේ නැද්ද?' චෙනුම් මගෙන් විමසා සිටි විට මම දෙවුර අකුළා ඔහු දෙස බැලුවෙමි. 

'මොකක්ද?' 

කොහේදෝ සිට එතැනට කඩාපත් වූ නදුන් සිද්ධිය පැහැදිළි කරන්නට විය. 'ඇයි බං නවිනුයි කුෂානුයි දෙන්නා අවුරුදු හතරක් විතර තිස්සේ යාළු වෙලා හිටියනේ. උන් දෙන්නා පෙරේදා හවස අත් අල්ලගෙන ඉඳිද්දි අහු වෙලා.' 

'ඈහ්?' 

'මිනුක.. මිනාරා කියනවා හරි. උඹ නම් අමු ගවයා ඉතින්.' අශේන් මගේ පිටට තට්ටු කළේය.

මම මදක් කල්පනා කළෙමි. සමාන ලිංගිකයන් දෙදෙනෙකු අතර සම්බන්ධතාවයක් මොන වාගේ වන්න ඇතිදැයි සිතා ගැනීමට මහට අපහසු විය. ඒ පිළිබඳ සිතීම පවා මට ඇති කළේ දැඩි අපහසුවක් සහ අප්‍රියතාවකි. මම කණ්ඩායමෙන් වෙන්ව ගොස් නැවතත් මගේ පුටුවේ හිඳගත්තෙමි.

නැවතත් ඔබ වෙත | Back To You [Sinhala BL]Where stories live. Discover now