විනාඩි 5ක් වත් ගියේ නෑ.බිනා ආවෙ අතින් කටින් එල්ලගෙන.
යකෝ මේ කන්නද බන්...
ඇයි උබ හිතුවද මේවා ගෙනාවේ දානේදෙන්න කියලා.තෝ කෑවද කියකෝ උදේට..නෑනේ...උදේ පාන්දර පු කැඩිච්ච කඩියා වගේ දගලලා එන්නේ උබ.දැන් මෙතන දත් ගණන් කරන්නේ නැතුව කාපන්..අනික මම බොහොම දුක් මහන්සි වෙලා උපයලා ගේන අහාර මේවා.අපතේ යවන්නේ නැතුව කාල මේක බිපිය..තොගේ favorite faluda.....
උබ නම් ලගදීම අන්ටියාගෙන් කනවා මදි නොකියන්න...බලපන්කො...අද උබ මොනාද ඇන්ටිට කිව්වේ කියපන්කො...
එක රහසක් බන්...
ඒ bino කියපන්කො...
මේකයි zhana ..උබට class එකේ කලන්තේ දැම්ම කිව්වා..ඒ දාද්දීත් උබ කිව්වෙම ඇන්ටිගේ නම කිව්වා...උබ ඇන්ටියට මාර ආදරෙයි කිව්වා.ඒ කිව්වා විතරයි ඇන්ටිගේ මූණේ මල් 7යි.උබේ number එක ඉල්ලලා දෙන්නම් කිව්වට පස්සේ තමයි මේවා හම්බුනේ...
හුස්ස්.....
බිබී හිටපු faluda එක බිනා ගේ මූණේ...මට මේවා අහද්දී කොහේදෝ නැති කැස්සක් ආවා.
යකෝ තොට මාව ඇරෙන්න බිල්ලට දෙන්න කෙනෙක් හිටියෙම නැද්ද බිං උරෝ...මං යනවා යන්න.තෝම මේවා කාල වර..මට නම් තප්පරයක් ඉන්න බෑ.එකී ඒ butter ගාල ලෙවකන්න වගේ බැලුවේ ඒක වෙන්න ඇති...ඊයා ..තෝම බැදගන් ඒකිව.මට එපා..
අඩෝ අඩෝ..හිටු හිටු යන්න එපා..නෑ නෑ එහෙම කිව්වේ නෑ බන්...හිටුකෝ කිව්වම...නෑ නෑ sure එහෙම නෙමයි කිව්වේ...උබ ඇන්ටියට ආදරෙයි කියලා කිව්වෙම නෑ..කැමැතියි කියලා විතරමයි කිව්වේ.
බොරු බන්..නෑ නෑ මුකුත් කිව්වේ නෑ බන්...ඕක කාපන් දැන්...
ආයම පාරක් බිනාට රවපු මම , මුට කියලා වැඩක් නැති හින්ද හෙමීට කන්න පටන් ගත්තේ ඇත්තටම බඩගිනි දැනුන නිසයි..
sorry zhan...බොරු කිව්වට..මම මේවා ගෙනාවේ ඇන්ටියට සල්ලි දීල...මම ඇන්ටිය ගැන බොරු කිව්වේ ඔයා මගෙන් හැමදාම කන්න අදිමදි කරන නිසයි...එහෙම හරි මට ඔයාට සැනසීමක් ගෙන්න පුළුවන් නම් මට ඒ ඇති..zhan දිහා බලාගෙන එහෙම හිතුව බිං නිහඩවම කන්න පටන් ගත්තා.
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 08
Start from the beginning
