xiao zhan pov...
අනේ එයාට මාව මතක තිබිලා..
මාව මතකයිද අහද්දී එයා දුන්න උත්තරේ..ඒ කියන්නේ එයත් මම වගේම තනි උන කෙනෙක්ද.අනේ එයා පව්.
ඉතින් මාත් පව්නේ,මටත් කවුරුත් නෑනේ.ම්ම්ම්....
එයා මට කතාකරන විදිහ..ඇත්තටම අහිංසකයි එයා නම්..ඇයි මට හිතෙන්නේ මට එයාව සමීප කෙනෙක් කියලා.මට හිතාගන්න බෑ..හරියට එයා හැමදේම කියන්නේ මම එයාගේ ලගම කෙනෙක් වගේනේ.අනේ එයා මගේ යාලුවෙක් උනා නම්...
එයාට දැන් අඩුයිලු.එයාට මම කථා කරපු එක ගැන මාර සතුටුයිලු..මට පින් දුන්නත් එක්ක...අයියෝ ....
ලැජ්ජයිත් එක්ක අෆ්ෆා...
ඉතින් මට ඔයා ගැන කියන්නකෝ...මම නම් college යනවා.මගේ dad ගේ business වලට උදවු කරනවා.ඕව තමයි කරන්නේ.මම වෙනම ඉන්නේ.මගේ අම්ම නෑ.කුඩම්ම ඉන්නේ.මම එහෙ ඉන්න කැමැති නෑ.ඉතින් මම වෙනම apartment එකක නැවතිලා college යනවා...මට ඉතින් ඔයා ගැනත් කියන්නකෝ...බෙල් එකක් වගේ එක දිගට කියවගෙන ගියපු එයා මගෙනුත් මම ගැන ඇහුව.
මගේ නම xiao zhan.මාත් college යනවා.මම ඉන්නේ ආච්චි ගාව.මගේ අම්ම නෑ.අපේ ගෙදර තව නැන්දයි මාමයි ඉන්නවා.
මම එහෙම කිව්වම එයා....
හරි..අහන්නකො..මම ඔයාට බබී කියන්නම්...හාද ....ඇත්තම කිව්වොත් මට ඔයාගේ කටහඩ ඇහෙද්දී බබෙක් මතක් වෙනෝ වෙනෝ වගේ....
අනේ මම බබෙක් නෙමෙයිනේ....
හරි ඉතින් ...ඒ උනාට මට එහෙමනේ ඇහෙන්නේ.එක මගේ වරදක්ය....ආය තර්ක නෑ.ඔයා තමයි මගේ බබා...හාද ..ඇත්තම කිව්වොත් නාකි බබෙක් නම් තමයි.ඒ උනාට අපි බබා කියමුකෝ ඔයාට....
එහෙම කිව්ව එයා හයියෙන් හිනා උනා...මටත් ඒ එක්කම එයාගේ කෝලම් වලට හිනා යද්දී මෙච්චර වෙලා තිබ්බ නිදිමත ජනේලෙන්ම පැනල එලියට ගියා.කොහොම කොහොම හරි එයා එක්ක කයිය ගගහ මට කීයට නින්ද ගියාද කියලා වත් අමතක වෙද්දී මට හීනෙන් වගේ good night මගේ බබා...පරිස්සමට ඉන්න කියනවා ඇහුණා...
wang yibo pov..
මම හිතුවට වඩා වේගෙන් මට zhan ව මගේ වචන වලින් අල්ලගන්න පුළුවන් උනා.jin කිව්ව විදිහට එයා තනි උනා කෙනෙක් වෙද්දී මට එයාව ලේසියෙන් මගේ දැලට අහුකරගන්න පුළුවන් උනා.මට එයාගේ තනිකමට බෙහෙතක් වෙන්න පුළුවන් උනා මේ පොඩි වෙලාවට.ඔව් එයා මාව හොදටම විශ්වාස කරා.එයාගේ අම්මත් නෑලු..එයත් එක්ක මම කියව කියව ඉද්දි ඇත්තටම මට කාලේ යනවා තේරුනෙත් නෑ.මට අන්තිමට ඇහුනේ එයාගේ හුස්ම ගන්න සද්දේ විතරයි..එයාට නින්ද ගිහිල්ල...මාත් නිදාගන්න ඕනේ.හෙට යන්නත් ඕනේ...
good night මගේ බබා..පරිස්සමට ඉන්න....
පොඩ්ඩක් ඉන්න...මට ඒක එක පාට්ටම කියවුනා....
...........................................................................................................................................................
ඔය බබාලත් පරිස්සමට ඉන්න ඕනේ ඔන්න....
නැත්තම් බෝබෝ තරහ වෙයි හොදද...
මගේ කතාව boring වගේද....
කියවන කෙනෙක් comment එකක් දාන්න....
එක comment එකක් තිබ්බත් මට සතුටුයි...
මම
මනු..
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
Part 06
Start from the beginning
