බිනා මාවත් ගෙදර ලගින් දාල එහෙම්ම ගෙදර ගියා.මොනා උනත් හෙට ඉදන් බිං නෑ කිව්වම මට දුකක් නොදැනුනම නෙමෙයි.මොකද මං ගැන ටිකක් හරි හෙව්වේ ඌ විතරයි.මම ගෙදර එද්දිත් ගෙදර ඔක්කොම නිදි.මම හෙමීට ආච්චි ගේ කාමරේ දොර රෙද්ද ඇරලා බැලුවා..පව්..බෙහෙත් වලටද මන්ද එයාට නින්ද ගිහිල්ල..දැන් එයා හොදටම වයසයි.පණ අල්ලාගෙන ඉන්නේ මම නිසා කියලා මම නොදන්නවා නෙමෙයි.මේ වයසට එයාට නිදහසේ ඇස් පියාගන්න වත් නෑ.මම නිසා.මොනවා උනත් මට එයා නැතුව හෙට දවසක් හිතන්න බෑ.මට ඉන්න එකම නෑය එයා විතරයි.

මම කෙලින්ම කාමරේට ගියේ ඇගට දැනුන අදික තෙහෙට්ටුව නිසයි.බඩගින්නක් දැනුනත් මම දන්නවා මම එද්දී නැන්දා කොහොමත් කන්න තියන්නේ නෑ කියලා.මම බඩගින්නෙම wash එකකුත් දාගෙන එහෙම්ම නින්දට ගියා.

නැන්දගේ වෙනස්කම් සහ මගේ සුපුරුදු රාජකාරිත් එක්ක නිවාඩුව ගෙවිල ගියා.team project එක මම තනියම කරේ මගේ partner බිනා හිටියේ නැති හින්ද.අලුත් වාරෙත් එක්ක මම college එකට එද්දිම කවුද මන්ද කළු මහත මිනිහෙක් මං දිහා බලාගෙන මං ඉස්සරහට ආව...මම හෙමින් හෙමින් පිටිපස්සට ගියා උනත් ඒ මනුස්සයා මාව උගේ එක අතින් උස්සල ගත්තා.

අනේ අයියේ රිදෙනවා...මම ඔයාට මුකුත් කරේ නැනේ..මාව අත අරින්නකෝ....

අත අරින්නද ඕනේ.ඔන්න එහෙනම් අත ඇරියා...

උස්සන් හිටපු මාව එක පාට්ටම ඒ මිනිහ බිමට ඇත ඇරපු පාර මම බිමට වැටුන.මම හිතන්නේ මගේ කකුල මොකක් හරි උනා.කෙලින් හිටගන්න වත් බැරුව හිටපු මාව ආයම උස්සල ඌ මගේ යටි බඩටයි පපුවටයි පාරවල් කීපයක් ගැහුවේ මගේ තිබ්බ අන්තිම හයියත් නැති වෙනකොටයි.බොද වෙච්ච ඇස් වලින් මම දැක්කේ කළු පාට වාහනයක් මාව පාස් කරගෙන යනවා වගේම ඒකට පිටිපස්සෙන් බිං කෑ ගහගෙන එනවා.

 මූණේ ලාවට ඇදුනු සැනසුම් හිනාවක් එක්ක මම වැටෙද්දී බිං මාව අල්ලගත්ත මට දැනුන.එහෙම්මම මගේ ඇස් පියවෙලා යද්දී මට දැනුනේ බිං ගේ පපුවේ උණුසුම විතරයි.

මට සිහිය එද්දී මම හිටියේ බිං ගේ ගෙදර.

මම හින්ද ඔයාටත් අද පාඩු උනා නේද බිං...sorry..මම දන්නේ නෑ ඇයි මට ගැහුවේ කියලවත්.මම ඒ මිනිහව අදමයි දැක්කේ.

Wrong numberWhere stories live. Discover now