බිං කිව්ව විදිහට මේ වෙනකම් ඒ තැන හිටියේ wang yibo ලු.මම එදා හොදටම දැක්ක එයා මම දිහා කේන්තියෙන් බලාගෙන ඉන්නවා.එත් මම මොනවා කරන්නද.එයාල පොහොසත්තු වෙද්දී ඕනේ දෙයක් එයාලට ලගටම හම්බෙනවනෙ.එත් මට එදා වේල කන්නත් වැඩ කරන්න වෙලා තියෙද්දී මට කියලා ඉතුරු වෙන එකම දේ මේක විතරයි නේද?මම ඉගන ගත්තේ නැත්තම් හැමදාම මට මේ විදිහට දුක් විදින්න වෙනවා.

ඉතින් එදා college නිවාඩුවත් එක්ක මම කෙලින්ම ගියේ පුරුදු විදිහටම මගේ හොටෙල් එකට.එතන මගේ රාජකාරිය කරලා ගෙදර එන්න එද්දී 10.30 වගේ උනා.මම රෑ කරුවලේ උනත් පාර අයිනෙන් මගේ phone එකේ එළියෙන් එද්දී මට දැනුන කවුරු හරි මගේ පස්සෙන් එනවා.මම අඩි ඉක්මන් කරලා දුවගෙන වගේ ආවෙ මේ වෙලාවට මේ පාරේ රස්තියාදුකාර හොරු ඉන්නවා කියලා ආච්චි කියලා තිබුන නිසයි.එත් එක පාට්ටම අපේ ගෙදර පාරට හැරෙන හන්දියෙන් මතු උනේ මම හිතුවෙවත් නැති කෙනෙක්.

බිං...මම බය උනා..මොකද මගේ පස්සෙන් හොරෙක් වගේ එන්නේ ආ...පිස්සුද අනේ..මම කොච්චර බය උනාද?

උබට පිස්සුද බන්.මම මේ උබ එනකම් මෙතන හිටියේ.හිතුවද තෝ වගේ හිපාටුවෙක් follow කරන්න මට පිස්සු කියලා..මං follow කරනවා නම් කරන්නේ ලස්සන cute සෙස්සි කෙල්ලක් පස්සේ තමයි ඉතින්.තෝ වගේ උලමෙක් පස්සේ ගිහින් මගේ කාලේ කාගනියි කියලා උබ හිතුවද.විහිලුවට උනත් බිනා එක කිව්වේ මගේ පිටිපස්සෙන් පාර දිහා උවමනාවෙන් බලන ගමනුයි.

ආ...මම මේක දෙන්න ආවෙ.

නිවාඩු කාලේ කරන්න දුන්න team project එක උබ දාල ඇවිල්ල college එකේ.මම හෙට අපේ daddy එක්ක යනවා koria.එයාගේ bisiness වැඩකට.

ආය එන්න වෙන් නෑ.ඒකයි අදම දෙන්න ආවෙ....

යමන්..මම උබව ගෙදරින් දාන්නම්..ඒක නෙමේ මම උබට කොච්චර නම් call ගත්තද බන්.ඔය අටමගලේට මොකද වේල තියෙන්නේ.

හි....sorry...

මම සුපුරුදු අහිංසක හිනාව දාගෙන කිව්ව...phone එක silent වේල.මම දැක්කේ නෑ..phone එකේ එලියෙනුත් එක්කනේ ආවෙ.

අනේ මන්ද බන්.

ඔය phone එකක් තියෙන්නේ හදිස්සියක් උනාම call කරන්න.උබට කිව්වට වැඩක් නෑ බන්...හරි කමක් නෑ.හෙට ඉදන් මාත් නෑ.කෝකටත් පරිස්සමින්.

Wrong numberWhere stories live. Discover now