03. Ex Boyfriend ☕︎

Start from the beginning
                                    

"ඔහ්...මාර දේවල් නේද බන් දැන් සිද්ද වෙන්නෙ?ඇයි බන් අපිට එහෙමවත් එකක් සෙට් වෙන්නැත්තෙ?"

තරුණයා කළින් සිදුවීම දෙස බලන් තමන්ගෙ එහා පසින් සිටි අනෙක් තරුණයාට එලෙස පවසද්දි පුටු ඇන්දට හේත්තු වෙලා දෑස් වසාගෙන සිටි ඒ කෙනා...

"කවදා හරි ඔය සෙල්ලම නවතියි නේ.උඹටත් ඕන්නම් ට්‍රයි කරළා බලපන්."

"ඕයී යුන්ගියා...දැන් මේ තනිකඩ ජීවිතේ ඇති වෙලා වගේ බන්.මටත් එකක් හොයලා දියන්කො."

"කටවහපන්.ඕන්නම් හොයා ගනින්.මං කපුවෙක් නෙමෙයි මගුල් හොයන්න."

"ඈ බිළාලයො?ලව් එකක් හොයා ගන්නෙ එක සැරෙන්ම බදින්න නෙමෙයි බන්."

"වෙඩිමක් කියන්නැතුව හොයාගනින්.ඔය එන්නෙ තමුසෙ පස්සෙන් කෙල්ලො.අපි කියලද ඒ?එකෙක් සෙට් කර ගනින්කො."

"උන් සෙට් වෙන්නෑ බන්.උඹ දන්නවනෙ මං කැමති අහිං..."

"අනේ මේ එහෙනම් වැඩේ අතෑරපන්.තනිකඩව හිටපන් ඒක හොදයි උඹට."

"උඹ මගෙ යාලුවෙක්ද?හතුරෙක්ද?මං පවු නැද්ද බන්.මං වෙනුවෙන් මොකෙක් වත් මවලා නැද්ද දෙවියො මේ ලෝකෙ?"

"උඹට කෙල්ලෙක්ද ඕන?"

"ඔව්...හැබැයි මෙහෙමයි..."

"අහ්...නෑ ඇති.උඹට බන් හොබා අර කැස්බෑවව සෙට් උඹ කැමති නම්."

"තූ නොදකින්.අර කොට කැස්බෑවා.හාපූ...මට එපා ඕකව නම්.කෙල්ලෙක් හොයන මට උඹ ඒකව ජෝඩු කරන්න නම් එන්න එපා."

"අන්න ඌ තමයි නියම පොර.උඹටම සෙට්."

"අනෙ මගෙ කට."

"කෝ දැන් කියවන් වරෙන්කො ආයේ ඕක මාත් එක්ක.ඕක බීලා ඉවර නම් වරෙන් ඕපදූප හොයන්නැතුව."

මිතුරන් දෙදෙනෙකු වුන යුන්ගි හා හෝසෝක්ද කැෆේ එකෙන් පිටව ගියා..








හවස ජන්කුක් වේලසනින්ම කැෆේ එකෙන් පිටත් වුනේ එදා කළින්ම ජින් කැෆේ එකේ වැඩ අවසන් කරනවා කියපු නිසයි.එදා නම්ජූන්ද කළින්ම ඇවිත් හිටියෙ ඒ දෙන්නගෙ පෞද්ගලික කාරණයකට කියලා ජන්කුක්ට තේරුනා.ජන්කුක් ඔහුගෙ යතුරු පැදියෙන් ගමන් ගත්තෙ අතුරු මාර්ගයක් හරහායි...

𝙻♡︎𝚅𝙴 𝙲𝙰𝙵𝙴 | ☕︎ ✔Where stories live. Discover now