ඒත් එක දවසක් වෙනකම් විතරයි.කොහෙන්දෝ ආව එකෙක් මගේ පලවෙනි තැන මගෙන් අරන් තිබ්බ.
ඔව්.මට අද වගේ මතකයි ඒ දවස.මම එදා හිටියේ ගැටේ එක ලග.අපේ සෙට් එකත් එක්ක ඔට්ටුවක් දාල..චෙන් කිව්වා ඒ වෙලාවේ ඉදන් ගැටේ ඒකෙන් එන දෙවෙනි කෙනාව ගිහිල්ල වට්ටන්න ඕනේ කියලා.මම ඉතින් කවද්ද බෑ කිව්වේ.මොකද මගේ ලෝකේ මට හැමදේම පුළුවන්.බෑ කියලා එකක් නෑ.කියලා විනාඩි 5ක් ගෙවුනේ නෑ වයසක ආච්චි කෙනෙක් ආව ඉස්සරෝම.කිව්වට මොකද මට හින් දාඩිය දැම්ම.මේ වෙලාවට තමයි අපේ Maths teacher එන වෙලාව.පොර මගේ dad ගේ යාලුවෙක්.මම ඉවරයි කේලම් කිව්වොත්...මම බය නොපෙන්නා බලාගෙන හිටියා..
හරිනේ ....කිව්වත් වගේ පොර Gate ඒකෙන් එළියේ ඉදන් එනවනේ.අද හරි කියලා හිතාගෙන මං මගේ bike උඩින් නැගිට්ට.මං හෙමිට ඉස්සරහට යද්දී පොර gate ඒකෙන් ඇතුලට එන්නේ නැතුව නැවතිලා call එකක් answer කරා.එත් එක්ක ඔලුව බිමට නමාගත්ත පොඩි එකෙක් ආව.ආච්චි පිටිපස්සෙන් පොර හිමිට ආව.ඒ ආච්චි බිනා ගේ සෙට් එක ගාව නැවතිලා මොකද්ද අහනවා.හරි...අලුත් Dial 1ක්.මට මොකද මොකෙක් උනත් මම කට කොනක හිනාව දාගෙන පොර ලගට ගියා.බිම බලාගෙන ආවට මොකද ඇස් කටේ දාගෙනද කොහෙද මු ආවෙ.මම යන ගමන් දැම්ම කකුල් පාරට පොර වැටෙන්න ගියා....ආපහු බලද්දී තමයි දැක්කේ බිනා පොරව අල්ලාගෙන දහනට සම වැදිලා වගේ ඉන්නවා..
wow .....
හාවෙක් වගේ...මාරම ලස්සනයි.....බිනා බළන් ඉන්න එක සාදාරනයිනේ.මම කල්පනාවෙන්ම ගිහින් හැප්පුනේ ළ්හංජින් ගේ...මං දිහා රවාගෙනම ඌ මං බළන් හිටියා පැත්ත බැලුවා.එක පාට්ට අපේ උන් සෙට් එක මහා හයියෙන් කැකිරි පලනවා ඇහෙද්දී තමයි මගේ දැහැන බිදුනේ..
යකෝ තොට කිව්වේ ඌව වට්ටන්න කියලා....තෝ අද ඉවරයි..යමන් අද කෑම බෝ ගානේ කියාගෙන අපේ සෙට් එකම චාන්ටීන් එක පැත්තට ඇදුනා..එයාගේ ලස්සන බල බල හිටියත් මගේ හිත චුට්ටක් විටර කේන්තියකින් පිරුන.මොකද මම කවදාවත් පැරදිලා නෑ.මේ කොහෙන්ද මන්ද ආව එකෙක් හින්ද මම අද චාටර් උනානේ.මම කමක් නෑ කියලා හිත හදාගෙන එතනින් ගියා.
අපි ඔක්කොම පන්තියට වෙලා teacher එනකම් පච හල හල ඉද්දි දොරෙන් ආවෙ අලුත් dial එක..බාලයි කියලා හිතුවට මු අපේ වයසේද.ඉස්සරහට ඇවිත් එයා එයාව අදුන්නලා දුන්නා.එයාගේ නම Xiao zhan.අපේ වයසෙමයි.පදිංචිය මාරු කරපු නිසයි මෙහාට ඇවිල්ල තියෙන්නේ.බිම බලාගෙන එහෙම කියපු එයා ඔලුව ඉස්සුවත් එක්කම බිනා එයාට බිනාගේ ලගට කථා කරා.මට හිතට මොකක් හරි අවුලක් දැනුනත් මම ගණන් නොගෙන අපේ කයිය continue කරගෙන ගියා.ඔහොමම කාලේ ගෙවිල ගියත් එක්කම මට එයා සාමාන්‍ය කෙනෙක් උනා.එයා පන්තියේ හැම කෙනෙක් එක්කම හොදට හිටියා.එයාගේ කිසිම වරදක් නෑ.ඒ උනත් අපේ college එකේ සමහර කොල්ලෝ එයා දිහා බලනවා කියලා මට දැනිල තිබ්බා.අපේ ජින් නම් මොකක් හරි එකකින් මාව chater කරන්න ඕනේ උනාම යිබෝ ඔන්න උබේ ලස්සන 2වෙනි තැනට ගියා කියනවා...එත් මම ඒවා එච්චර හිතුවේ නේ.මොකද මට ඉගන ගන්න එකට අමතරව හීනයක් තිබුන.
ඒ Racing and dancing.
මම අසම හීනෙ.එත් ඒ හීනෙ රැදිලා තිබුනේ මම මතයි.ඔව්..මම පළවෙනිය වෙන තාක්කල් මට අපේ dad ඒ හීනෙ අරන් යන්න ඉඩ දීල තිබ්බා..ඉතින් මම ගොඩක් කැප උනේ ඒ දෙකම සමබරව කරගෙන යන්න.
ඔහොම අපේ exam පටන් ගත්තා.මට නම් exam කියන්නේ ආය අමුතුවෙන් දෙයක් නෑ.මම හොදට ලියල හවස මගේ practice වලට ගිහින් ගෙදර ගියේ හෙට තියන parents meeting එකත් මගේ dad ට මතක් කරගෙනයි...
පහුවදා මම dad එක්කම college ගියා.අද එයත් යන නිසා මම එයත් එක්කම ගියේ අද college එකේ නිවාඩු දෙන දවස නිසා මගේ සෙට් එකත් එක්කම හවස ෆන් එකක් ගන්නත් හිතාගෙනමයි.තාත්තලාගේ meeting එක යද්දී අපි පන්තියට වෙලා හිටියා.teacher එක පාට්ටම ඇවිත් xiao zhan ව හම්බෙලා ඇහුව ඇයි ගෙදරින් එන්නේ නැද්ද කියලා.එයා කිව්වා එයාගේ ආච්චිට සනීප නැති නිසා එන්න කෙනෙක් නෑ කියලා..ඇයි ඒ..එයගේ අම්ම නැද්ද...එහෙම හිතුවත් මම ඒවා ආය හිතන්න ගියේ නෑ.මට ඒවා වැඩක් නැනේ.
එක පාට්ටම එළියේ හිටිය සන්ජින් කඩාගෙන බිදගෙන ඇතුලට ආව...
යිබෝ....උබ ඉවරයි....
.........................................................................................................................................................
මොකද උනේ එක පාට්ටම යිබෝ ට......
කියන්න බලන්න......
මේ කතාව ඔයාල බලනවද අනේ....
කවුරු හරි කියන්නකෝ හොදයිද කියලා....
ඊලග කොටසින් එන්නම්...
මම
මනු...
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
part 03
Start from the beginning
