මම ඉක්මනට නැගිටලා උයල ලෑස්ති උනේ මගේ දවසේ පලවෙනි රාජකාරියට යන්න.නැන්දා ඇහැරෙද්දි කොහොමත් 6.30 හරි 7.00 හරි වෙනවා.ඊට කලින් ගෙදරින් පැනගන්න එක තමයි මට මේ වෙලාවේ තියන ලොකුම අරමුණ.මොකද උදේ පාන්දර නැන්දගේ මුණ බලාගෙන ඒ කියන වචන අහනවට වඩා අම්ම එක්කම මමත් මේ ලෝකෙන් ගියානම් හොදයි කියල මට හිතෙනවා.
ඇත්තටම මගේ අම්ම නැති උනා නෙමෙයි.එයාව මැරුවා..කවුද මන්ද බීලා බීලා මගේ අම්මව යට කරන් ගිහින් තිබ්බා.
මට මගේ අම්ම වෙනුවෙන් සාධාරණයක් උනේ නෑ.ඒ මිනිස්සුන්ගේ සල්ලි බලේට ඒ හැම දෙයක්ම යට උනා.මම ලග ඒ මිනිහව අදුනගන්න තියෙන්නේ කැඩුණු Bracelet කැල්ලක් විතරයි.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ම්....
මට විශේෂම දේ අමතක උනානේ.මගේ Wrong number ට උදේ good morning message එක දාන්න බැරි උනානේ.
ඔව්...
ඒ තමයි මගේ එකම ආදරේ.මේ ලෝකේ මට ඉන්න මම ගැන හොයන එකම ආදරේ.ඇත්තටම මම එයා මොන වගේද කවුද කියලවත් දන්නේ නෑ..කොච්චර ලස්සනද කැතද කියලවත් දන්නේ නෑ.
එත් එක දෙයක් මම දන්නවා.මම එයා කොයි විදිහේ කෙනෙක් උනත් මම එයාට ආදරෙයි.
Good morning මගේ gage ...ඔයා ඇහැරලද ඉන්නේ...
මම දන්නවා ඉතින් ඕකට Reply එන්නේ ඉතින් රෑට තමයි.එයාට Phone එකේ එල්ලිලා ඉන්න වෙලාවක් නෑ.Campus යනවත් එක්ක එයාගේ තාත්තගේ Company එකේ වැඩත් එයා කරනවා.එයා ගොඩක් busy කෙනෙක්.
මම එයාගේ පව්ලේ විස්තර දන්නේ නෑ.මම ඒවා ඇහුවේ නෑ.මම ඉගෙන ගත්තට පස්සේ මම එයාට කැමතියි කියනවා.ඔව් ඔව්...මම එයාට ආදරේ කරාට එයා තවම මට ආදරෙයි කියල නෑ.
පුරුදු විදිහටම උදේ පාන්දර මගේ Duty එක කරලා මම Campus එකට ආවා.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මම ගැටේ එක ගාවට එද්දිම මගේ හොදම යාළුවා බිනා දත් 64ම එලියට දාගෙන මගේ දිහා බලන් හිටියා..
මොන තරම් ප්‍රශ්න එක්ක උනත් මම ජිවත් උනේ හරිම සැහැල්ලුවෙන්.මගේ ප්‍රශ්න කාටවත් කිව්වේ නෑ වගේම මගේ මුනේ තියන හිනාව නැති උනෙත් නෑ.මම හැම වෙලේම හිනා වෙලා හිටියා.හැබැයි මගේ ජිවිතේ මම ගැන දැනගෙන හිටියේ එකම එක්කෙනයි.
බිනා විතරයි...
ඇත්තම කිව්වොත් මට ආය යාලුවෝ නෑ.
..........................................................................................................................................................
ඔන්න පලවෙනි Episode එක දුන්නා.... හොදයිද කියල නම් දන්නේ නෑ...
හැබැයි මේක Sad ending නම් නෙමයි හොදද..
කියවපු කෙනෙක් හොදයිද කියලත් කියන්න...
මම
....මනූ.....
YOU ARE READING
Wrong number
Fanfictionඇත්තටම ඔයා වැරදුනු දුරකථන අංකයක් වගේ.අහම්බෙන් මගේ ජීවිතේට එක පාට්ටම ඇවිත් සිම් එකම ගලවල දල මගේ ජිවිතෙන් යන්නම ගියපු. ඔව්...මව් මගේ කතාව තාමත් ඔයාවම පතන.
part 01
Start from the beginning
