Chapter 38

223 33 29
                                    

කාටවත් නොකීව හැගීම් ගොන්නක් එක්ක හෙය්ජින් රට යද්දි ...

ටේහන් හිත හදාගත්තේ හෙය්ජින් එයාගේ ජීවිතේ ට එන්න කලින් තිබ්බ ජීවිතයට ආපහු හැඩ ගැහෙද්දි...

ඔෆිස් එකේ වැඩක් බලාගෙන ගැන්ග් එකේ මිශන් කරගෙන යාලුවොත් එක්ක කාලය ගත කරා...

වෙනසකට කියලා තිබුනේ එයාගෙයි හෙය්ජින්ගෙයි වෙඩින් රින්ග් අමුණලා දාගෙන හිටපු මාලය විතරයි...

එයා හිත හදාගත්තා තමයි ඒත් හෙය්ජින්ව අමතක කරේ නෑ... කාගේ කවුද කියලා නොදැන් අවුරුදු ගානක් ආදරය කරපු ඒ කෙනාව එක දවසින් අමතක කරන්න හැකියාවක් ටේහන්ට තිබ්බේ නෑ..

හෙය්ජින් කැමැති නොවුනට ටේහන්ට ආදරය කරන්න තහනමක් නෑනේ..

කොච්චර දුක වුනත් ඒක හංගන් ටේහන් හිටියේ එයා ආපහු හෙය්ජින්ට කරදරයක් වෙන්නේ නෑ කීව නිසා..

හෙය්ජන් හෙය්ජින් වගේම ටේහනුත් නත්තල් බබෙක් නිසා එයාගේ උපන්දිනයත් ලග ලගම එනවා..

හෙය්ජන්ගේ අදහස තමන්ගේ නංගි හින්දා  හිතින් දුක් වෙන තමන්ගේ හොදම යාලුවට දවසක් හරි ඒ ප්‍රශ්න අමතක කරලා සතුටින් තියන්න..

හෙය්ජන්ගේ විතරක් නෙමේ අනිත් හැමෝගෙමත් අදහස ඒක...




Taehyung ' s pov

එදායින් පස්සේ මගේ ජීවිතේ තිබුනටත් වඩා සාමාන්‍ය විදියට ගෙවුනා මට ඒක කියන්න තේරෙන්නේ නෑ.. මම කොච්චර දුක් වුනත් මම ඒක පෙන්නුවේ නැත්තේ අනිත් අයත් මං ගැන දුක් වෙනවා කියලා දන්න නිසයි....

මේ අවුරුද්ද ඉවර වෙන්නත් ලගයි.. මට දැනෙන්නේ හරියට මේ අවුරුද්ද මගේ මුලු ජීවිත කාලෙම වගේ කියලා... වෙච්ච දේවල් සිද්ධ වුනේ කතාවක් වගේ...

අවුරුද්ද ඉවර වෙන්නත් ලගයි කීවනේ ... ඔව් ඒ කියන්නේ මගේ උපන්දිනෙත් ලගයි... ලගයි නෙමේ ඒ හෙට... මම මේ අවුරුද්දේ උපන්දිනය සමරන්න හිතන් හිටපු විදිය... නෑ දැන් ඒවගෙන් වැඩක් නෑ.. අර යක්ශ පැටව් ටික මට මොනා කරන්න හිතන් ඉන්නවද දන්නේ නෑ ... බලමුකෝ..

Pov end..

ඔෆිස් එකෙන් ආපු ටේහන් නිදාගන්න ගියේ හෙට දවසේ එයාට මූන දෙන්න වෙන දේවල් මොන වගේ වෙයිද කියලා හිතන ගමන් ඒ සිතුවිලි අතරට වෙන දේවල් එද්දි එයා හිතන එක නවත්තන්න උත්සාහ කරා..
නිදාගන් නැතුව ඉන්න කල්පනා කරපු ටේහන්ට ඉබේම නින්ද ගියේ වෙඩින් රින්ග්ස් අතේම රැදෙද්දි....

Anti Romantic ( KTH )Where stories live. Discover now