පහළොස්වන මේඝය

Start from the beginning
                                    

නැවැත්තුවා කිව්වේ... එකපාරට මීටර් නොවුණ හින්දා මන් පන්සිළුවා දිහා බැලුවාම ඒකගේ මූණේ හිනාවක්... 

"සර් නවත්තන්නැති මැඩම් මොකක් හරි වුවමනාවකට..."

හිනාවෙන ගමන් පණුපැටියා එහෙම කිව්වාම දැනුන සන්තුස්ටිය අනේ ඇත්තමයි වචනවලට පෙරළන්න හරි අමාරුයි.. මුගේ ආච්චිට බාස්මතී ගරන්න  මොන කුඩුකේඩු වැඩක්ද යකෝ ඒ.. වාහනේ කැඩුනේ නැත්තන් අහපු වෙලාවේ කියන්න ඕන කැඩුණේ නෑ කියලා භූත මෑන් වගේ බස් එකට නගින්නැතුව.. මගේ දෙයියනේ මෙච්චර තෙරපිලා තෙරපිලා දුක් විඳලා ආවේ මේ හුචක්කුව කැඩුණ හින්දා කියලා යන්තන් හරි හිත හදාගන්න තිබ්බ එකත් නැතිකරලා දැම්මා ඔට්ටපාලුවෝ දෙන්නා...

"උදේ හතරයි තිහ වෙනකොට ලේස්ති වෙලා ඉන්නවා..."

ආයෙම එකපාරටම කළුකුමාරයා කියද්දි උගුරත් එක්ක වේලිලා ගියා.. යකෝ හතරයි තිහට නැගිටලා මොන අල ගෙඩියක් තම්බන්නද...

"හතරයි තිහ...?"

"ඔය කැමරා ටිකත් ඔක්කොම අරගෙන එන්න ඕන.."

"මොකක්....!!"

මේ මනුස්සයට පෛත්තියන්ද... උදේ හතරහමාරට මොන පොටෝද රෙද්දක් පොරවන් බුදියන්නැතුව...

මන් දිගටම කළුකුමාරයා දිහා බලාගෙන ඉදියත් මිනිහා වෙන මොකුත් කිව්වේ නෑ....

"ඒත් මොකටද..."

"ඔය කැමරා වලින් ෆොටෝස් ගහනවා ඇරෙන්න කරන්න පුළුවන් වෙන වැඩක් ගැන තමුසේ දන්නවද..."

අහන දේට නෙමේනේ මේ මනුස්සයා උත්තර දෙන්නේ.. කෙලින්ම ෆොටෝස් ගන්න ඕන කිව්වනම් ඉවරනේ වතර හටේ යන්නේ නැතුව...

"ඒත් ඇයි මන්... ඔයාට පුළුවන්නේ ප්‍රොෆෙශනල් ෆොටෝග්‍රැෆර් කෙනෙක්ව හයර් කරන්න..."

"ඉතින් Dark Eye studio එකෙන් අවින්දි රන්දුනු කියන ෆොටෝග්‍රැෆර් ව මන් හයර් කරනවා.. "

යකෝ මුගේ ආච්චිට බලහන්කෝ කියන කතාව... අම්මගේ අප්පගේ බූදලේ වගේනේ... හ්හ් එහෙම ඕන ඕන වෙලාවට හයර් කරන්න මන් ගොන් බඳින කරත්තයක් නෙමෙයි නේ රෙද්ද...

"වට්.. ඒත් මට ඇඩ්වාන්ස් එකක් පේ කරේ නැතුව එහෙම කරන්න බෑ..."

මාත් අත අරින්නැතුව ගේමෙන් ගේමට යන්න හිතන් එහෙම කිව්වාම කළුකුමාරයා ආයෙම අර නෝන්ඩි හිනාව දැම්මා.. මට පේන්නම බැරි කුජීත හිනාව ඕක...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now