පහළොස්වන මේඝය

Ξεκινήστε από την αρχή
                                    

මාත් බැන බැන ම කළුකුමාරයගේ පස්සෙන් ගියේ මේ කිසිම මලදානයක් නොදන්න ටවුන් එකෙත් මේ මනුස්සයා මාව දාලා ගියොත්... කියන්න බෑ එහෙව් යස්සයා නේ...

.
.
.
.
.
.
.
.
.

හෑහ්..... කෝටියක් හෙන ගැහුවත් මදිනේ යකෝ...

මේ යකාගේ කැඩුණ ලදරම් හුචක්කුව හරි ශෝක් එකට අපිට අඩි දෙක තුනක් දුරින් නවත්තලා තිබුණ විදිය දැක්කාම කන් දෙකත් කතා කරන්න ගත්තද කොහෙද... හුචක්කුව කැඩුණා නම් කොහොමද මෙතනට ආවේ.. ඒ නැතත්... මේ ලෑතර පපඩම හින්දනේ අර පැය ගාණක් බස් එකේ ගෑටුවේ.. ශික්...

කළුකුමාරයා ගිහින් පිටිපස්සේ ශීට් එකට නගිද්දි ඕන එකක් කියලා මාත් දුවලා ගියේ කාර් එක ළඟට..ඇයි දන්නෑ පිටිපස්සට නැග්ගේ...

ජනේලෙන් එබිලා බැලුවාමයි දැක්කේ මිස්ටර් කළුකුමාරගේ අනික් භාගේ ඩ්‍රයිව් කරන් ඇවිත් තියෙන්නෙ.. මන් ඒත් බැලුවා මොකද නැට්ට හලලා ආවේ කියලා.. ඔය ඉන්නේ... ගෑනි දාලා ආවත් මේ භූතයා පණු පැටියව නම් ජීවිතේට දාලා එන්නෑ ඒක ශුවර්.. අනේ බොල.. මොකටද මගේ කට ඉතින්..

මාත් බැන බැනම කාර් එකට නැග්ගා... ඇයි ඉතින් දැන් කොහොමත් මන් නැග්ගත් එකයි නැතත් එකයි නේ...

මන් නැග්ග ගමන් පන්සිළු කාර් එක ස්ටාට් කරන් ආයෙම ගමන පටන් ගත්තා.. මන් හෙමින් සැරේ පිටිපස්සේ ශීට් එකේ තියලා තිබුණ මගේ කැමරා උපාංග ටික හරියට තියෙනවද කියලා චෙක් කරලා බැලුවෙ මේ සිඟාල කුලේ එකෙක්වත් තඹේකට ශුවර් කරන්න බැරි හින්දා....

"පන්සිළු කාර් එක හදාගෙන නේ ඉක්මනට..."

මටත් තියෙනවනේ පොඩි කට පියන් ඉන්න බැරි අමාරුවක්.. ඒක මන් ඇහුවේ නෑ.. ඉබේ ඇහුනා...  වරදක් කරේ නෑනේ ඉතින් මට මොකෝ...

"ඇයි මැඩම් කාර් එක කැඩුණද...."

මේ යකත් මොංගල් කියවනවනේ.. කැඩුනේ නැත්තන් බස් එකේ ගාටනවද මනුස්සයෝ අපි..

"ඔව් නේ කෑගල්ල හරියෙදි කාර් එක නැවතුණානේ... "

"නැවැත්තුවා.....!!"

ශීට් එකේ පිටිපස්සට හේත්තු වෙලා හිටපු කළුකුමාරයා සෑහෙන ගැඹුරු කටහඬකින් කිව්වාම බොරු කියන්න ඕන්නෑනේ එකපාරට මාවත් ගැස්සිලා ගියා... බය කරනවනේ මේ මනුස්සයා...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Όπου ζουν οι ιστορίες. Ανακάλυψε τώρα