Chapter 23 ( Last chapter )

Start from the beginning
                                    

ලන්ශාන් ... මා දන්නේ නැහැ මා නුබට ආලය කිරීමට පටන් ගත්තේ කවදද කියලා. නමුත් එදින නුබ ශූ අයියණ්ඩියව මරා දැමූ බව දැනගත් මොහොතේ  සිට මා නුබට වෛර කරා.. නුබ දන්නවද ලන්ශාන් මා අනාතයෙකු ව සිටියදී මා හට පියෙක් වූවේ ඔහු. මා නුබහට ආලය කලත් මා හට පියෙකු වූ ඔහුව මරා දැමීම නිසා මා හට නුබ ගැන දැනුනේ වෛරයෙක්. අනෙක නුබ මාගේ පොරොන්දුව කඩ කලා.
මා දන්නවා නුබ එසේ සිදුකලේ මා නිසා බව. එනිසාම මා මාහටත් වෛර කරා ලන්ශාන්. මා හට වුවමනා වූවා මේ ආත්මයේදී ඔවුන්ට මාගේ ණය ගෙවන්න. එසේම මා සිතුවේ නැහැ මේ ආත්මයේදී මා හට නුබව නැවත හමුවේවි කියලා. මා සිතුවේ නුබ නැවත පැමිනියේ මාගේ ජීවිතය විනාශ කිරීමට කියා...

මා නුබට බොහෝ රිදවූවා නේද ලන්ශාන් .. මා හට නුබගේ ආලය තේරුම් ගැනීමට නොහැකි වූවා නේද ලන්ශාන්.. මා හට සමාවන්න .. මා ..මා..

අවසන් වචන කීපය පවසන විට දෑතින්ම මුහුණ ආවරණය කරගනිමින් සීන් හඩන්නට පටන් ගනිද්දී ..මෙතෙක් වේලා තම කදුලු සිරකරගෙන සිටි වන්ජිගේ නෙතින්ද කදුලක් කඩාගෙන වැටුනා..

වෙයි යින් .. හඩන්නට එපා. අපට හැකියි නේද නැවත ආරම්භ කරන්න. ඔබත් මමත්.

තවමත් හඩමින් සිටින සීන්ව තම උකුලෙහි ඉන්දවා ගනිමින් තම පපුවට තුරුලු කරගත් වන්ජි සීන්ගේ හිස පිරිමදිමින් පවසන විට සීන් වන්ජිගේ ඉන වටා දෑත් යවමින් වන්ජිට තුරුලු උනා ..

ලන්ශාන් ... සැබවින්ම එය හැකි වේවිද. අපට නැවතත් ආරම්භ කිරීම.

හ්ම්ම්.. හැකියි.

එක්වරම හුරතල් වීමට උත්සාහ කරමින් සීන් වන්ජිගෙන් අසන විට ඉක්මනින්ම තම මුහුන වෙනස් කරගත් වන්ජි සිනා වෙමින් එසේ පවසද්දී එක්වරම වන්ජිගේ තුරුලින් ඉවත් වී සිටගත් සීන් තම කදුලු පිසදාගෙන සිනහ වීමට පටන් ගත්තේ වන්ජි දිලිසෙන දෑසින් සීන් දෙස බලාගෙන සිටින විට ...

TWO DECISIONS... ( wangxian ff Completed ) ✔Where stories live. Discover now