11. කෝඩ් එක

752 122 14
                                    

Author pov...

ජන්කුක් පාසලෙන් ගියේ පරක්කු වෙලා. ඒත් එයා ඒක ගණන් ගත්තේ නැහැ. එයා එයාගේ කාමරේට යන්න ගියේ එක කනක ඉඳන් අනිත් කනට යනකම් ම හිනාවෙලා..

🐰ගුඩ් මෝනිම්...

ජන්කුක් කිව්වේ මුලින්ම අනිත් අයට සුබ උදෑසනක් පතන ගමන්.

👥මූට මොකක්ද මේ එකපාරටම වෙලා තියෙන්නේ!

ජන්කුක් ට ඇහුණා එයාගේ පන්තියේ කිහිප දෙනෙක් අඩු කරපු කටහඬකින් එහෙම මුමුණන හැටි. ජන්කුක් ඒත් දත් තිස් දෙකම පේන්ධ චීස් ගාලා හිනාවෙලා, තමන්ගේ නෝට් පොතේ මූණ ඔබාගෙන ඉන්න ජිමින් ට කතා කළා.

🐰හේයි ජිමින්...

ජිමින් හිනාවෙලා ආයිමත් තමන්ගෙ නෝට් එකටම ඔලුව ඔබා ගත්තා.

ජන්කුක් ට දුක හිතුනා. මේකා මාත් එක්ක තරහ වෙලා වත්ද! ජන්කුක් තමන්ගෙන් ම අහගත්තා. ඒත් හෝසොක් ඒ සිතුවිලි ඔක්කොම මැද්දට පැනලා ජන්කුක් ට කතා කළා.

🦄හේයි ෆකර්... උඹ අද සතුටින් වගේ..

🐰ඕ... ෆකර්.. උඹ මෙතන... අද ක්ලාස් එක කට් කළේ නැද්ද!

🦄නෑ බන්.. මම මේ ඉගෙනීමේ සුරදූතයා ව දැක්කා...

ජන්කුක් හෝසොක් කිව්ව දේට හිනා වුණා. කොයිවෙලෙත් මොකටත් හිනාවෙන හෝසොක් තමන් කිව්ව දේටම ආයිමත් හිනා වුණා.

🦄 ඉඳහන් ෆකර්.. ටොපික් එක මාරු කරන්න එපා.. මොකද්ද හේතුව අද තෝ ඔච්චර සතුටින් ඉන්න!

🐰ඒක උඹට අදාළ දෙයක් නෙවෙයි බිච්..

හොබී ජන්කුක් ගේ කම්මුලෙන් ඇද්දේ කොහොම හරි ඒ කාරණාව අහගන්න.

🦄මට අදාළ නෑ කිව්වා නේද! මට අදාළ නැත්නම් මම ඒක දැන ගන්නම ඕන.. කියපන්...

හෝසොක් ජන්කුක් ගේ බෙල්ලෙන් අල්ල ගත්තෙ ලාවට මරලා හරි ජන්කුක් හිනා වෙවී ඉන්න කාරණය දැනගන්න.

🦄 උඹ මට ඇත්ත කිව්වේ නැත්තම් බලාගනින් මම උඹව කිස් කරනවා..

හොබී විහිලුවට වගේ තොල් උල් කරලා ජන්කුක් ගාවට කිට්ටු වුණේ කිස් එකක් දෙන්න වගේ...

මෙතන මොකක්ද සිද්ධ වෙන්නේ!

පන්තියේ සිද්ධ වෙන ඔක්කොම කලබගෑනි ටික නතරවුණේ සාහිත්‍ය ප්‍රොෆෙසර් ගේ ගැඹුරු ලස්සන කටසඬත් එක්ක.

Quicky - SINHALA ✔️Where stories live. Discover now