Crazy In Love-11💗 (The End)

Start from the beginning
                                    

බඩු ටිකත් පැත්තකින් තියලා ජෝන් සීනා වගේ පොඩි එකා පස්සෙ දුවලම හති දදා උන්න මං ලගට ආවා.

"මොකෝ මේ.."

"ඔයාගෙ අර අහිංසකයට පරිප්පුයි ඔම්ලටුයි කන්න බෑ කියනවා.. මං බල්ලට කෑම එක දීලා එද්දි මේකා අන්තරස්දාන්.."

"මං හොයං එන්නම්."

පොර එහෙම කියාගෙනම උඩ තට්ටුවට ගියා විනාඩි පහෙන් අර අලි බබාවත් වඩාගෙන ආවා.. ඒ මදිවත් කොල්ලා හබ්බගෙ ඔලුවත් හපං... හීහී.. අම්මගෙ පුරුදුනේ ඉතිං..

"ඉහි ඉහි.... මත පරිප්පු කන්න බෑ.... අම්මට  කියන්න චිකන් ඩෙවල් දාන්න කියලා."

අනේ අම්මපා.......... අපේ අම්මා එහෙමනම් මෙලහට මගෙ දත් ඇන්දම ගලවලා බයිපාස් එකකුත් කරලා. කොහෙද මේකා මට ලමයව හදාගන්න දෙන එකක්වැයි.

"ම්ම් මගෙ  සූටි කොල්ලා.. අපි හෙට චිකන් කමු... මං අයිස්ක්‍රීම් ගෙනාවා අද බත් ඔක්කොම කෑවොත් අයිස්ක්‍රීම් කප් තුනක්ම ඔයාට දෙනවා... දැං ගිහිං හොද ළමයා වගේ කන්නකො."

ඔය ඔය ඉතිං මං කිව්වෙ... මොන තාත්තද යකෝ රෑට රෑ වෙලා ලමයට අයිස්ක්‍රීම් කවන්නෙ... ඔන්න මට කැව්වනම් කමකුත් නෑ.

"ඔයා එයාව නරක් කරනවා.."

"ඔය වයසට පොඩි අය එහෙම තමා.. ගනන් ගන්න එපා.."

කොල්ලා බත් කනකම් අර ගෙනාපු බඩු ටික අස් කරන ගමන් හබ්බට දෙහි කපන්න හිතුවත් පොර කරපු වැඩේ මාව පිටිපස්සෙන් ඇවිත් බදාගත්ත එක.. ඕකට තමා මං හැමදාාාාම රැවටුනේ... ඉහිඉහි මංම මහලා මංම  අදිනවා.. ඕවට කියන්නෙ පිරිමි හැටහතර මායම් කියලා.

"ළමයා දකියි.."

"එයාට පේන්නෙ නෑ."

හෙන ආතල් ඉතිං නේ..... කිලෝ හැට පහක් හැත්තෑවක් බර මේකවත් උස්සන් අස්කරපං චුන් චෑන් බඩු ටික...

"ඔයා ගාව සුවදයි."

මූ මොකටද ඒ පාර එන්නෙ... මේ මේ එන්න එපා ඈ.... 119 ගහලා දානෝ හිරේ... ඇයි යකෝ.

"⁣පොඩි එකාට ගෙනාපු නාමල් සබන්නෙ  ගාන්නෙ ඒක හිංදා වෙන්නැති."

එනවා මෙතන සුවද බලන්න.. බැදලා අව්රුදු හයක් උනා තමයි එහෙමයි කියලා උපන් ගති වෙනස් කරන්න පුලුවනෑ.

මේකා තවත් තද කරගත්ත යකෝ... මවෙ මරන්නද යන්නෙ...

"ඔයා ගාව ගදයි... ගිහිං නාගෙන එනවකො."

කූඩැල්ල වගේ එල්ලිලා උන්න හබ්බව බාත්රූම් එක පැත්තට තල්ලු කරන ගමන් කිව්වම හබ්බත් ලැජ්ජාවෙන් වගේ ගියා.. පොරට ගදයි කිව්වම අමුතු මෙව්වා එකක් හැදෙනවා...

හ්ම්....... මේක තමා ජීවි⁣තේ... ආකල් එකේ පව්ලත් එක්ක ඉන්නවා තරම් සැනසීමක් මට නම් නෑ... යුංගි.... අම්මටයි තාත්තටයි මල්ලිටයි පස්සෙ මට වැඩියෙන්ම ආදරේ කරන කෙනා.. මං වැඩියෙන්ම ආදරෙ කරන කෙනා... ඇත්තටම මං මේ ජීවිතේට ආසයි..

තවත් ගොන් වැඩ කරකර සතුටින් මැරෙනකම්ම ඉන්න...

______________The end💗____________

හායි හායි හායි.... ඉතිං කෝමද??

කියන්නනම් දේවල් නෑ ඉතිං..මාස ගානක් අප්ඩේට් නැති වෙලත් අවසා⁣නය දක්වාම මාත් එක්ක හිටිය හැමෝටම මං ගොඩක් ආදරෙයි.❤

මං වැඩියෙන්ම ආසාවෙන් ලිව්ව පොත උනත් ගොඩක් කල් අප්ඩේට් නොකරන්න හිතුනේ වීව්ස් තිබුනට කමෙන්ට් නැති උන එක. 🙂💔

ඕනෙ ලබ්බක් කියලා කියවන එකෙක්ට කියවන්න මං ඉතිං දිගටම දැම්මා.. ඇත්තටම මට ඕනෙ උනේ මේක ඉක්මනට ඉවර කරන්න.. ඒක හිංදා ගොඩක් වෙලාවට ඩබල් අ⁣ප්ඩේට් දුන්නා.😌

... සයිකො කියන්නෙ සෑහෙන්න බීලා ලියන්න ඕනෙ එකක් නිසා

අන්තිමට කියන්න තියෙන්නෙ ඉතිං වොට් කරපු අයට..කියවපු අයට.... කමෙන්ට් කරපු නොකරපු හැමෝටම ගොඩක් ස්තූතියි මාත් එක්ක මේ කතාව ඉවර වෙනකම්ම හිටියට..

මෙච්චර කල  රහසේම කියෝලා ගිය අය කතාව ගැන ගුනදොස් කියම් යමු නේත 🌝

ස්පැගටි දෙවියන්ගෙ ආනු බාවෙන් ඔබ සැමට දීර්ඝායුෂම ලැබේවා.. ඒස් වා පුඃ

#jesmine

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now