Crazy In Love-07💗

Start from the beginning
                                    

සොරි සොරි.... ටිකක් වැඩි උනා.... ස...සප්තලම් මට කිව්වෙ නෑ..... ඒ තියෙන්නෙ සුරාමේරය කියලා බලන්නකො.... නරක.... සමනලයා...අහිංසක මලක් වගේ මං හිතුවෙම ඒ තියෙන්නෙ වතුර කියලා.. බොද්දි අමුතු රහක්නම් ආවා...... හැබෛ මං හිතුවෙ එහෙ වගේ මෙහෙ වතුරත් කිව්ලයි කියලා.... ඒත් ඒවා පට්ට රහ නිසා බෝතල් හතරක්ම බිව්වා.. සප්තලම් නම් වීදුරු දෙකට වඩා බිව්වෙ නෑ..

මගෙ අලංකෘත ගීත නාදය වටේ පිටේ උන්න මොංගොලයිඩ් ප්‍රජාව අහං හිටියෙ කුල්මත් වෙලා... වල්මත්...ආා නෑනෑ සොරි... කුල්මත් වෙලා විතරයි... ඒ දිහා බලං උන්නෙ වදවීගෙන යන පිරිමි සත්ත්වයෙක් නැති සුදු හිපපොටේමස් කෙනෙක් දිහා බලං ඉන්නවා වගේ..

"බබා අපි යං..."

මොකාද ඩෝ බබා කියන්නෙ.. මට වයස විසි අටක් ඈ.. එන්න එපා නිකං බබා හුබා කියාගෙන. ගහප් ඔලුකට්ට කුඩු වෙන්නම..

මං බෑම කියද්දි සප්තලම් මාවත් උස්සන්ම කාර් එකට නැග්ගා..

"ඉර බැස යන සැන්දෑවේ........... හද.. මුකුලු වෙලා මල් පූදින උදෑසනේ..... ලා... කිරණ වැටී.. හිත චංචල වෙන යාමේ.. ඕඕ."

"ඔය කට වහගන්නකො"

"ම..මගෙ කට වහන්න.. තව බැදලත් නෑ.. එනවා මයෙ කට වහන්න. ෂට් අප් යුවර් පූස් කට..ඇන්ඩ් ඩ්‍රයිව් දිස් රෝද හතර."

මං ෆුල් ස්ත්‍රී ශක්තිය අරං කියද්දි මේකා හිනාවුනා... අර කට කොනෙන් හිනා වෙන අසික්කිත හිනාව. ඕක අපේ මලයා මට මොකක් හරි මරාලයක් දාද්දිත් දානෝ වගේ මට මතකයි.. මොකක්ද දන්නෙ මුගෙ ඔලුව අස්සෙ කැරකෙන කැත හිතුවිල්ල.

"චේතනාවන් භික්කවේ කම්මන් වදාමි."

"මොකක්??"

"කර්මය සදහා චේතනාව මූලික වේ."

මට මතක අට වසරෙ ඔහොම පාඩමක් තිබ්බා මට නම මතක නෑ හැබෛ.. ඒත් ඔය වාක්‍ය ඒකෙත් තිබ්බා.. මොනා ⁣උනත් සප්තලම්ගෙ හිතේ තියෙන්නෙ අකුසල චේතනාවක් හිංද මං සිංහලෙන්ම කිව්වා.. මං දන්නෙ නෑ ඒක කොරියන් වලින් කොහොමද කියන්නෙ කියලා.

වේ කලිමූ වනාතචේ හාදස යමර්ක කියලද දන්නෙ නෑ කොරියන් වලින් ඒක කියන්නෙ.

"වේ කලිමූ වනාතචේ හාදස යමර්ක "

ඒ පාරනම් පොර මං දිහා දැම්ම බැල්මට් එකනම් හෙන අමුතුයි.. නිකං වදවුන යන මෙගොලඩන් කෙනෙක් දිහා බලනවා වගේ එකක්.

"ඇයි???"

"නෑ මුකුත් නෑ.."

ඒපාර මුකුත් නෑලූ.. මට මතක එච්චරයි... උදේ නැගිටිද්දි ඔලුවට දහදෙනෙක් දොලොස්දෙනෙක් ගැහඅවා වගේ අප්පා..  මෙහෙ සිද්දාලේප වෙද මහතාවත් නෑනේ.

ඔලුවනම් කමක් නෑ.. බුල්ඩෝසරේකට අහුවෙලා වගේ මාව චප්ප වෙලා.... පූසා මාවත් චප්ප කරං කුනු කෙල පෙර පෙර ⁣බුදි.. අහෝ මගෙ ජීවිතේ අවසන පූසෙක්ට කොට්ටයක් වීමට සිදු වීය...

නිමි.

පොරගෙ කකුල් දෙකම මගෙ ඇග උඩ.. ඒ මදිවට අත් දෙකෙන් මාව වෙලාගෙන පිඹුරෙක් වගේ.. පිඹුරෙක්ට අහුවුනානම් හොදයි තව..

"මේ... නැගිටින්නකො."

"ඔහෙන් තියන්න ඔම්මා... මං පස්සෙ බොන්නම්."

මේකා අපබ්බරන්ස කියවනවා.. මොන කෙහෙමමලක්ද?? මූ දෙයියන්ගෙ හාල් කාලාද.? නැත්තම් දෙයියන්ගෙ හාල් මූ කාලාද.?

"මේ.. මං අනේ නැගිටිනවකෝ... මාව මරන්නද හදන්නෙ??"

ඒ පාරනම් පොර නැගිට්ටා... හරියටපඊයෙ රෑම නිදි මරලා වගේ සප්තලම්ට ඇස් දෙක ඇරගන්න බැහැ.. යකෝ හරිනම් මමනෙ ඔහොම ඉන්න ඕනෙ.

"මොකද අනේ උදේපාන්දර කෑ ගහන්නෙ.. ඊයෙ රෑත් නිදාගන්න දුන්නෙ නෑ."

ඒ මොකක්ද ඊයෙ රෑ කතාව... ඉතිං අහවල් එකකටද මාත් එක්ක නිදා ගත්තෙ.. මේමේ මගෙ සුකුමල චරිතෙට කැත කතා හදන්න එපා මහත්තයො ඈ.. දෙනවා කැරපොත්තව මතක් වෙන්නම.

"මොකක්ද ඒ ඊයෙ කතාව."

"මතක් කරලා බලන්න.. මං වොෂ් එකක් දාගන්න යනවා."

මතක විදියටනම් මං මොකවත් කරේ නෑ.. ඒත් මූ මොනා ගැනද කියවන්නෙ.. ඕම ඉද්දි තමා මට මතක් වෙන්න ගත්තෙ.. කාර් එකේන් බැහැලා කාමරේට ඇවිල්ලා මාවත ඇදෙන් තියලා පොර යන්න හදද්දිම මං පොරගෙ කකුලෙන් ඇදලා ඇදට අරගෙන. ඊට පස්සෙ පාන්දර වෙනකම්ම මං සප්තලම්ගෙ ඔලුව කකා ඉදලා තියෙන්නෙ..  වැඩිය ආබාධයක් නැතුව ඇති. උපරිම ඔලුවෙ දත් පාර හිටලා ඇති..

__________________________________

🙂🤲💗

තව චැප්ටර්ස් හතරයි

🙂💔

මේක ඉවර කරලම අනිත් කතා අප්ඩේට් දෙන්නම්. හාද 😗💗

#jesmine

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now