අද අප්පා ව ගෙදර එක්කගෙන එන දවස. Jungkook මාව කලින් දවසේ රෑම ගෙදර එක්කගෙන ආවා. එයා කිව්වේ මන් දිගට ම hospital එකේ හිටපු නිසා මාව ගෙදර එක්ක ආවා කියලා. ඔව් ඒක ඇත්ත. දිගටම hospital එකේ ඉඳලා මටත් එපා වෙලා හිටියේ. ගෙදර තරම් නිදහස් තැනක් වෙන කොහේවත් නෑ. ඉතින් මන් ඊයේ වේලාසන ම නිදාගන්න ගියේ ගෙදරත් ටිකක් සුද්ද කරලා. කරන්න තරම් දෙයක් තිබුනෙ ම නැති තරම්. Jungkook ගෙදර අස් පස් කරලා තිබ්බා මන් නැති දවස් වල. හිතාගන්න බෑ තමයි. ඒත් ඇත්තට ම jungkook ගේ පිළිවෙලට තියාගෙන ඉඳලා මන් නැති අතරේ.









Jungkook අප්පා ව එක්කගෙන හවස් වෙද්දි එන නිසා ඒ වෙනකොට අප්පා ට කන්න දේකුයි ටික කාලයක් අප්පා අපිත් එක්ක ඉන්න නිසා අප්පා ට ඉන්න කාමරේ ලෑස්ති කරන්නයි විතරයි මට තියෙන්නේ.

අප්පා ව අපිත් එක්ක තියාගන්න එකනම් මගේ අදහසක්. අසනීපෙන් ඉන්න කෙනෙක් ට මහා විසාල ගෙදරක තනියම ඉන්න දෙන්න බැනේ. අනික අප්පා ගේ බෙහෙත් එහෙම වෙලාවට දෙන්න ඕනි. මන් දන්න තරමින් අප්පා බෙහෙත් බොන්න ඒ තරම් කැමැත්තක් නෑ. බෙහෙත් බොන්න ඉතින් කවුද කැමති. ඒත් අප්පා පොඩි බබෙක් වගේ බෙහෙත් විසි කරලා බිව්වා වගේ ඉන්නවා. ඉතින් මේ වගේ ලොකු අසනීපයක් උනාම එහෙම කරන්න දෙන්න බැනේ.







අප්පා ට පහල තියන කාමරයක් ලෑස්ති කාලා මන්. පඩිපෙල නගින්න අමාරු නිසා පහළ කාමරයක ඉන්න එක අප්පා ට පහසු වෙයි. අනික ඉතින් jungkook මට කතා කරන විදිහ අප්පා ට ඇහෙන්නේ නෑනේ පහළ කාමරයක හිටියම. නැත්නම් අප්පා ගොඩක් දුක් වෙයි. 







හවස 5 වෙද්දිම වගේ jungkook අප්පා ව එක්කගෙන ආවා.







"අම්මෝ දැනෙන සනීපෙ"

"ඒකනම් ඇත්ත අප්පා. Hospital වල ඉන්න අමාරුයි"

"ඒකනේ දුවට කිව්වේ මන් මගේ ළග ඉන්න ඕනි නෑ කියලා. නිකන් බොරුවට දුක් විඳිනවා"

"Hospital අප්පා ළඟ ඉඳලා මන්  දුක් විඳිනවට කැමති නැත්නම් අප්පා ට පුලුවන්නේ ඒක නතර කරන්න"

"ඒ කොහොමද Minsun. මන් ඕනි දෙයක් කරනවා ඒ වෙනුවෙන්"

"අප්පා ට කරන්න තියෙන්නේ ලේසි දෙයක් නේ. අප්පා ට තියෙන්නේ වෙලාවට බෙහෙත් බොන එකයි වැඩිපුර එක එක විකාර ගැන හිතන එක නතර කරන එකයි"


RescuedOnde as histórias ganham vida. Descobre agora