Crazy In Love-08💗

En başından başla
                                    

එහා ගෙදර සුදූ... සුදූ ඉන්නකම් ඒක කාලෙ මට කොල්ලෙක් සෙට් උනේ නෑ.

අපේ ගෙදර සදා.. ගෑණිව ඉස්පිරිතාලෙ දාන්නම නෙලන්න ඕනෙ සප්තලං එන්න කලින්...

කොරියාවෙ උඩැක්කි නම්කි.. ඕකි මගෙ මිනිහව හොරා කන්න හැදුවා..

සුමනා ආච්චි... ඔය ආච්චිගෙ වැඩේම අනුන්ගෙ ඕපෙ⁣ හොයන එක... සප්තලම් ආවම ඕකි ඉන්නකම් මට පෙම් සුවවත් විදින්න ලැබෙන්නෙ නෑ...

අපේ මලයානන්දයා.. ඕකා මට අව්රුදු පහකට කලින් ගත්ත රුපියල් විස්ස තාම දුන්නෙ නෑ.

"ලොකූ..... මටයි තාත්තටයි පොඩි කාරණාවක් තියෙනවා කතා කරන්න."

එනපොටනම් හොද නෑ සාරෝ්්් ඒ පාර මොන බාල්දියක්ද දන්ාන නෑ කඩං වැටෙන්න යන්නේ..

"මොකක්ද අම්මෙ."

"දුවටත් දැං ඉතිං කලවයස හරිනේ.. තාත්තයි මායි දඅවට මනමාලයෙක් බැලුවා.. හෙට ඒ ලමයගෙ පව්ලෙ අය මෙහෙ එනවලු"

මොකාාාා යකෝ.... ⁣මං රට ඉන්න කාලේ... මේ අය මට එරෙහිව ගිවිසුනුත් ගහලද?? අඩෝ.... නෝ..... බෑ බෑ බෑ... මං යනවා මානව හිමිකම් දානවා නඩුවක්.. කපුටට ඇයි යකෝ... මෙහෙම කැත වැඩ කරන එකේ සීමාවක් නැද්ද..

දැං ඉතිං මව් රැජිනගෙයි පිය රජුගෙයිවචනෙට එරෙහි වෙන්නත් අසරණ මට නෝ චාන්ස්නෙ.. ඕනෙ එකක්.. සප්තලම්ට කියලම මිෂන් එක පටන් ගන්නෝනෙ..

රෙඩි ටු ෆයිට් විත් සාරා අබ්බගාත ගොබ්බ මනාලස්.

හෙට දවසත් උදා උනා... තුන්වෙනි ලෝක යුද්ධෙට රෙඩි වෙන්න සුදුතාත්ති.....

"අම්මෙහ් මේ සරුවාලෙ පටල ගන්නෙ කෝමද??"

ඇත්තටම උපාදිය ගන්න සාරි ඇන්දට පස්සෙ මං ජීවිතේට සාරි ඇදලා ඤැ. එදත් මං ඇදගත්⁣තෙ අම්මට කියලා. අදත් ඉතිං වෙනසක් ඤැහ්.

"මේ කෙල්ල කෝ හැරෙනවා.. පොඩි එකෙක් වගේ.. අව්රුදු තිහටත් කිට්ටුයි... සාරියක් ඇදගන්න දන්නෙ නෑ."

ඉහි ඉහි අම්මේ.. ඒකටනම් හිත රිදුනා ඔන්න.. ජීවිතේට කව්රුත් කියලා නෑ... මට 28 ක් උනාට 30ට ලගයි කියලා.. හුවෑ.......

සාරියත් පටලං මං ඉතිං අර පිත්තල හෙප්පුවත් අරගෙන අර කොරියන් කතාවල රජා ළඟ ඉන්න අංගනාව වගේ නලව නලව ගියා..

ඈව්ස් හිනාව දෙන්න හිතෙයි හෙප්පුවෙන්ම පාරක්.. නොදෝකින් මුගෙ හැටි.. රැව්ලත් අද උදේ කප්පලා තියෙන්නෙ..

හෙප්පුව අත ඇරියනම් මගුලම ෂක බුම්..

මොකක් හරි කොරන්න ඕනෙ..

ඕම ඕම දැං පට්ටම විනීත ලමයා වගේ මං බිම බලාගෙන යනෝ.. සාරියෙ කට්ටනම් නැඩෙන්න එපා දෙයියෝ... එහෙම උනොත් කාටත් කලින් මට නූල් බදින්න වෙයි.. ඔය වෙලේට තමා අපේ මලයගෙ නුවන ඕනෙ වෙන්නෙ.. හිතලම මං පාගගත්තා සාරියෙ පොට...

ඔබ මගෙමයි.. මා ඔබෙමයි... අපි අපෙමයි සප්තලනේ... නෑ කාටවත් දෙන්නේ ඔබවනම්... නෑ කව්රුත් ගන්නෙ මාවනම්.

හිතලම පෑගුවා.. හෙප්පුව ගිහිං මනාලස්ගෙ ඔලුවෙමයි.. පෙර ඔලුවත් අරං ඔපෙරා කියන්න ගද්දි... මව් රැජිනනම් මාව ඩෙවල් දාලා රෑට කන්න හොදයි වගේ බැලුවේ.. සොරි අම්මේ...

ආරංචි විදියටනම් මනාලස්ට මැහුම් තුනක් දාන්න වෙලා... ඒ යෝජනාව එතනම චකබ්ලාස් වෙලාම ගියා.. තොහොමද මේවා ඉතිං තේ එක්ක පොගවලා කාපු ටිකිරි මාරි  මොල තමා..

"දුව... දුව ලංකාවට ආවට පස්⁣සෙ දුව වෙනස් වෙලා.. දුවගෙ හිත ගිය කෙනෙක් ඉන්නවද?? කියන්න පුතේ."

මං ඉතිං පෝන් එක දිහා බලබල එිනා වෙද්දි අම්මා ඇවිල්ලා ඇහුවේ මං ගැන සාතිශ්‍ය සංවේගය පහල වෙලා වගේ..

"දූ ඉස්සර ඉදලම මට මොකවත් හංගන් නෑනේ.. ඉතිං කියන් දුව කැමති කෙනෙක් ඉන්නවද??"

අනේ... මව් රැජියනි... ඒකටම් ඇඩෙනවා තනි ඇහැට.... දැං ඉතිං අහපු එකේ නොකියත් බෑනේ.. මං ඉතිං ෆුල් විස්තරේම කිව්වට පස්සෙ වැඩේ අබිලික් උනාද මංදා.. මව් තුමී මං දිහා බැලුවේ මේ මොන ජාතියෙදි වගේ

"ආදරේ කරකර ඉද්දිත් අර මනමාලයා බලන්න එනවට කැමැත්ත දුන්නෙ.ලොකූ... අනේ ඇත්තමයි මේ ළමයි විභගෙ පාස් කරාට මොලේ තියෙන්නෙම මැටි ගොඩක්...මංම හදාගත්තෙ මෙහෙම ළමයි."

මව්බිසෝ කාලි වරමඅතට අරං කෑ ගහද්දි මට දැනුනේ අර කාලි අම්මයෙ අතේ ඉන්න ඔලුවට දැනෙනවා වගේ හැගීමක්.

______________________________________

🙂💗

#jesmine

CRAZY IN LOVE|MYG|✔|Hikayelerin yaşadığı yer. Şimdi keşfedin