Crazy In Love-08💗

Start from the beginning
                                    

හරි හරි ආයෙ කතාවට... ⁣මොකක් හරි මාස්ටර් ප්ලෑනක් ගහන්න වෙනෝ.

සදාගෙන් සප්තලම්ව බේරා ගැනීම.

අම්මෝ මතක් වෙද්දිත් බය හිතනවා..

සදා මං දිහා බලලා සස්සන හිනාවක් දාද්දි මාත් දත් තිස් එකම පෙන්නලා ගොං හිනාවක් පුදලා වෑන් එකට නැංගා.

හෝ ගානා පොකුනේ්්්්් අපි එනවාාාාාා

අව්රුදු දෙකකින් නොදැක්ක මගෙ ඇස් දෙකට කොලඹ වටපිටාව හොදට පෙන්න පෙන්න මං චූන් එකේ ආවා.. සදානම් මං දිහා මොකාද එකා දිහා බලනවා වගේ බලං හිටියා... ඔහේට මේවා තේ⁣රෙන්නෙ නෑ ඕයි.. මේවා තේරෙන්නෙ ආතල් කන අපිටම විතරයි..

ගෙදර ගිහිල්ලා ඇද බදලා නිදා ගන්න තියෙනෝනම්... ඇත්තටම මං මේම දාසක් ගැන හීන මැව්වා. අර සිංදුවකුත් තියෙන්නෙ දවසක් ඒවි අපිත් අපේ හීන වලට යාවී..

අපි ඉතිං වෙල් යායවල් මැදින්කදු ශිඛර මැද්දෙන් ගැම්මට එනවා ⁣බකල් පාර දිගේ... ඒ උනාට අම්මා පල්ලා විශ්වාස කරනවනම් විස්වාස කරහන්.. මේ ගම මට පට්ටෙටම මතක් උනා... එහෙ තරන්නම් හැබෛ ලක්සිරි නෑ.. ඒත් ඉතිං වැවෙන් නාලා.. වෙලේ පැනලා... කාලා බීලා සෙල්ලම් කරලා ඉන්නවා තරම් සැපක් තව කොයිද??

ගෙදරට ආවට පස්සෙ මං ඉතිං කාලා බීලා ඇදට පෙරලිලා සප්තලම්ටත් ආවා කියලා කියලා සුපිරි නැප් එකක් දැම්මා.... එ්ක කොච්චර ආතල්ද කියන්නෙ නැගිටිටෙ පහුවදා උදේ දහයට අපේ අම්මගෙ සිරි නාදයට..

"ලොකූ.. දැං ඔය නිදා ගත්ත මදැයි."

මව් රැජිනනම් කියයි.. එහෙ නිදා ගන්නෙ පැය කීයද?? එහෙ බලද්දි මේවා ඉතිං පෙර ⁣පිං..

"අක්කෙ එලියට එන්නකො"

ඒ පාර උපබිසවත් මට පාට් දානෝ... යකෝ නිදහසේ ශරීර කරතව්වක් වත් කරගන්න දෙන්නෙ නෑනේ.. මොන මංගල්‍යක්ද මංදා...

උදේටත් ඉස්මුරුත්තාව හැදෙනකම්ම කෑවා.. ඉදියාප්පයි මාළු හොදියි.. ඤම් ඤම් කටට කෙලත් උනනවා. ඉදියාප්ප හැත්තෑවක් විතර කාලා අඩු පාඩුවට කෙහෙල් ගෙඩි දෙකකුත් කාලා සෝපා එකට පැන්නෙ

ප්පපරපප්පප්පප්පප්පාා

සූර පප්පා බලන්න... අද ඉරිදනේ.. ඉරිදා උදේට තමා දැං සූර පප්පා බලන්නෙ.. ඔයලට නොකිව්වට වෙද පප්පගෙ අරිශ්ඨෙ උස්සන්න ප්ලෑනක් තාම මං හදනවා.. මටත් ගහන්න දෙතුන් දෙනෙක් ඉන්නවා.

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now