අටවන මේඝය

Start from the beginning
                                    

ඕන එකක් කියලා මාත් ස්ටූල් එකෙන් වාඩි වෙලා බලන් හිටියේ මේ භූතයගේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද කියලා.. 

ටැබ්ලට් එකේ ඒ අතට මේ අතට ස්ක්‍රෝල් කර කර හිටපු කළුකුමාරයා එකපාරටම ඕඩියෝ එකක් ප්ලේ කරේ මගේ මොළෙත් එක්ක හිරිවැටිලා යද්දි...

"හාමතේ මැරෙන්න කලින්.. උබලා දෙන්නටම වහ දීලා මරවනවා මන් බලන් හිටහන්කෝ.. දවසක තොපි දෙන්නම නිදි ඇඳේ මැරිලා යන්නම දෙනවා හයි ඩෝස් එකකින් සුපිරි වසක්..  එක්කො ටික ටික මරවනවා.. හිටහම්කෝ.. අයියලා මල්ලිලා දෙන්නටම දෙන්න මන්.. හ්හ්.. මේ අවින්දිව සෙල්ලමකට ගන්න ආස ඇති..."

හත්තික්කේ ඒ මන් නේත...

මන් තමා ගිරිය පුප්පන් කෑ ගහන්නේ..

ඒත් මේක කොහෙන්ද මේ උලමා ගාව...

ආශ්... මොකක්ද මේ මනුස්සයා කරන්න යන්නේ.. එකම ක්ලිප් එක ආයෙ ආයේ රිපීට් කරනවා..

යකොව් මිනිහෝ ඒ මගේ කටහඬ තමයි..

මට කෑගහලා කියන්න හිතුනත් මන් අමාරුවෙන් කට පියන් බිම බලාගෙනම ඉදියා...

තුන් සැරයක් විතර ඕඩියෝ ක්ලිප් එක ප්ලේ කරලා ඉවර වෙලා පොර නැවැත්තුවත් මන් ඔලුව උස්සලා නම් බැලුවේ නෑ...

"මේකත් හොඳට බලනවා.. ඔලුව උස්සලා බලනවා ඉතින්..."

කළුකුමාරයා කෑගහපු හින්දම මන් ඔලුව උස්සලා ටැබ්ලට් එක දිහා බැලුවා..

කිරි ආච්චිට හත්තික්කේ... මුළු සරුවාංගෙම විනාඩි ගාණකට ඩාම් වෙලා ඩූම් වුණා සාම්ත...

ටැබ්ලට් එකේ තිබුණේ මන් ඊයේ රෑ අර කෑම ප්ලේට්වලට ලුණු හලන දර්ශනයේ සමීප ඡායාරූප පෙළක්..

මුට කොහෙන්ද මගෙ දෙයියනේ මෙව්වා.. දැන් මන් මොකත කරන්නේ.. කලබලේට ඔලුවට බොරු ඩවුන්ලෝඩ් වෙන්නෙත් නෑ..

භූතයා ටැබ් එක දික් කරන් ඉන්නවා මිසක් වෙන මගුලක් කියන්නෙත් නෑ.... මට හිතෙනවා මෙතන කලන්තේ දාලා වැටෙන්න.. ඇයි යකොව් එතකොට සීන් එක මිස් කරගන්න හරි පුළුවන්.. ඒත් බෑ මේ හිතක් පපුවක් නැති අමනුස්සයව ඒවගෙන් නවන්න බෑ...

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Where stories live. Discover now