Crazy In Love-04 pt1💗

Začít od začátku
                                    

"හී... ඔව්නෙ....මේ මෙයාගෙ ගෙදර නෙමෙයි... මෙයාගෙ අම්මගෙ දිහා."

"අනේ අක්කෙ මටත් අද එහෙ ඉන්න ඕනෙ."

සැපාාාායි.......... මාරම සැපයි....

"ඔහ්... බ්‍රෝ.... එන්න.."

නයි කයිද පොලොස් මැල්ලුම් විත් ණය බිත්තර කිව්වලු.... දැං ඉතිං නාපංකො පරිප්පුත් ඇදගෙනම.. ඔය ඩබල එකතු වෙලා කාපියව් මාව.... අහෝ දෙව්දත් නොදුටු මොක්පුර වගේ මට මේ කිමද සිතු වූයේ අහෝ ස්පැගටි දෙවියනී...

මගෙ හිත ඇතුල ඒ විදියට කන්නලව් කරද්දි එළියේ තත්වෙනම් අතිශය ශෝක ජනකයි....

මගෙ ඇස් දෙක එලියට පැනලා.... කට අඩි බාගයක් විතර ඇරිලා..හිහි මාරයි..

"අ..ආ....ඔ..ඔව් ඔව් අනිවා මලේ පුලුවන් පුලුවන්."

මං වෙන කියන්න දෙයක් නැති කමට ඒක කිව්වා. අහෝ!! මට වෙච්ච දෙයක්

කාර් එකේ ගෙදර යනකොටත් මේ බූතස් මගෙන් පේපර් එකක්ම ඇහුවා.... යකෝ මැත්ස් පේපරේවත් මේ තරම් පස්න තිබ්බෙ නෑ...

'අක්කෙ ඒ ගේ ලොකුද. අක්කෙ එහෙ ලස්සනද. අක්කෙ එහෙ කෑම ගොඩක් තියෙනවද. අක්කගෙ කාමරේ ලොකුද. අක්කගෙ නැන්දම්මා හොදද. අක්කෙ එහෙ ලස්සන සේවන්ට්ලා එහෙම ඉන්නෝද.'

වෙලාවකට මගෙ බූරු මලයා ගැන මට දුකත් හිතෙනෝ අනේ.........

ගෙදර ගියාට පස්සෙ බොසා හවස එනෝ කියලා කොහෙද ගියා ගියාමයි රෑ දහය විතර වෙනකම් ආවෙ ඤැහ්... මලයත් පස්වනක් පිරීතියේ ගිලිලා වගේ කාලා බීලා ඇදට පැන්නා බැන්නමයි ආයෙ ආවෙම ඤැහ්. අඩුම අක්කා ඉන්නවද මලාදවත් මුට මතක නෑ... එතකොට මං නැන්දම්මා එක්ක පැයක විතර කයියක් ගහලා.... ඉතුරු අඩුක්කොට්ට ටිකටත් වැඩේ දීලා ඇදට පැන්නෙ පෝන් එක ඔබන්න හිතාගෙන..

අටට විතර පැන්න ඇදෙන් බැස්සෙ දහය හමාරට... ඒකත් බොසාගෙ අර පිප් පිප් ගාන සද්දෙට...

රාත්‍රිය උදාවෙලා............ නින්ද ඇයි නොඑන්නෙ??එන ගමන් තිබ්බත් මට ඇග හෝදම්න ඕනෙ.... කාමරේ දොරත් වහම්නෙ නැතුව මං ටවල් එකත් උස්සන් බාත්රූම් එකට රිංගුවා...

සුවද සබන් ඇග ගාලා හායි හායි...
ඈත රන් විමන් ⁣දොරෙන්.....
සීත මෝසම් ගීත නාදම්...
අයි ඈම් ලව් විත් යුවර් බෝඩි....

පැයක් විතර ෂින්දු කියකිය නාද්දි මට යන්තම් කුංකුං එකක් ඇහුනා...

"ඇයි ඒ පූසා දැක්කම මාව මෙව්වා මෙව්වා වෙන්නෙ?? ඒ පූසා මාර ගති හැබෛ.. පූසා තමයි පූසා දවසකට හරි.."

යකෝ.......................................

අන්දරේ..............

හදිස්සියට කොරියනුත් අමතක උනා බොල...

ඒ මගෙ ඩයරිය...........

මව් බිසවවත් නොදන්න මගෙ පේම පුරාණ ගැන ලියලා තියෙන ඩයරිය.....................

පූසා ඒක කියවලා අද මං ඔහෙව පණ පිටින් කනවා..............

හදිස්සියට තුවායත් පටලං මං එලියට බැස්සා.

හාහා පූසා එක්ක දැජ මං ද්වන්ධ රෙස්ලින් තරගෙකටයි ඉදිරිපත් වෙන්න යන්නෙ.

හාහා බය උනාත.... බය වෙන්න එපා ටවල් එකක් කිව්වට මේක දනිස්සෙනුත් පහලට දිගයි... සමහර දාස් වලට බෙඩ්ශිට් එක වෙනුවට මේක පොරවනුත් නිදා ගන්නෝ..

තුවාය කැඩෙන එක ගනන් ගන්න එපා... තුවයට මං හැට්ට කටු කැරැල්ලක්ම ගහලා තියෙන්නෙ..එහෙම උනේ එක්තරා දාසක උන බයානක සිදුවීමක් නිසා.

ෆ්ලෑස්බෑක්................

එතකොට ⁣මං සාපෙ ලියලා ගෙදර පිට්ටු තම්බන කාලෙ.. කෝම හරි එදා ගෙදර බල්ලෙක්වත් නෑ... අම්මලා බල්ලට බෙහෙත් විදින්න ටවුම් ගිහිල්ලා. මලයා ස්කෝලෙ ගිහිං.... හොල්මන් හිටියද දන්නෙ නෑ. එනිවේ බල්ලෙක්නම් හිටියෙ නෑමයි. මං ඉතිං අම්මා උයපු එකක් කාලා ගියා නාගන්න... නාලා එලියට ආවෙ යන්තම් තුවාය පටලං.. මගෙත් ඉතිං දාංගලේනෙ.. තුවාය කැඩුනා....

සාරා ලෙප්ට්... මං කියලා මොනා කරන්නද?? කව්රුත් හිටියෙ නැති හිංදා තුවායත් උස්සන් කාමරේට පැන්නා..

එදා ඉදං මං ඉතිං තුවයෙට හැට්ට කටු ගහන්න වෙනම කටු ටිකක් තියං ඉන්නෝ.

________________________

මේකෙම පාට් ටූ තීනෝ 🙂💔

#jesmine

CRAZY IN LOVE|MYG|✔|Kde žijí příběhy. Začni objevovat