කාලභූතයා දිහා ඒ හැටි නොබලම මන් අලබට්ටා ළඟට ගිහින් ඒකගේ අතෙ තිබුණ මගේ කෑම මල්ලත් උදුරගෙන උඩට යන්න හැදුවා විතරයි මිස්ටර් කළු ගුගුරන්න ගත්තා...

"මෙහෙන් වාඩිවෙලා කනවා.... "

මන් මොකටද ඌ කියන ඒවා අහන්නේ කියලා හිත කිව්වත් මගේ ඇඟේ තියෙන මගේ නොවන මේඝ ලවර් පේශි සක්‍රිය වෙලා ඒ වෙනකොට මාව පුටුවෙනුත් වාඩි කරවලා ඉවරයි.. මහා භූත විපර්‍යාස මෙව්වා..

මාත් ඇවිත් වාඩි වුණාට පස්සෙ කළුකුමාරයා ප්ලේට් එකට කෑම බෙදාගත්තේ වැරදීමකින්වත් මන් දිහා බලන්නේ නැතුව..

ඇස් කැඩෙනවා ඇති බැලුනොත් මල සමයන්..

හිතින් බැන බැන ඉන්නකොට මන් දැක්කා භූතයා ළඟම අර එවපු කේක් එකේ පැකින් කඩලා මේසේ උඩින් තියලා තියනවා. කෝලම්.. මතක් වෙන්න තියන් ඉන්නවා ඇත්තේ ලඟින්.. අපරාදේ විසිකරලා දන්න තිබුණේ..

කේක් එකටත් රවලා මම කාලභූතයා දිහා බැලුවේ නිකමට වගේ.. මගේ ඇස් මට අවනත නෑ මේ වගේ වෙලාවට...

ඒත් එවෙලේ මන් බලන් ඉදිද්දිම උදේ විදියටම කටට ගත්තු පළවෙනි කෑම කට එහෙමම කළුකුමාරයා ප්ලේට් එකට හැලුවා.  ඊටපස්සේ.. කළු ම කළු පාට ඇස් මගේ පැත්තට හරවලා රවන්න ගත්තේ හරියට මන් වැරැද්දක් කරා වගේ...

"මේ කෑම ටික රත් කරන් එනවා ගිහින්..."

යකඩෝව්.. මුගේ ආච්චිට... මන් මොකෙක් කියලද දන්නෑ හිතන් ඉන්නේ.. කියන කියන එක කියන කියන වෙලාවට කරන්න.. කසාදේ බල්ලට දාලා මන් සද්දෙන් පුටුව පස්සට කරලා නැගිට්ටේ අර උලමට හොඳ දෙකක් කියන්න හිතාගෙන..

ඒත් එකපාරටම පුටුවෙන් පැනපු අලබට්ටා මගේ කට වැහුවේ මට මොකුත්ම කියන්න නොදී..

"හරි අයියා විනාඩි පහක් ඉන්නකෝ අපි දෙන්නා හදන් එන්නම්..."

අලයා එහෙම කියලා එක අතකට ප්ලේට් එකක් අරන් මාවත් ඇදගෙන කිවන් එකට ආවා...

"යකොව් පොඩ්ඩක් පැටලෙන්නැතුව හිටපියකෝ... "

"ආහ් දැන් මමද අර යස්සයා එක්ක පැටලුනේ.. හ්හ් කියන කියන එක මන් කරන්න ඕනද.. විකාර."

මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹Место, где живут истории. Откройте их для себя