10 th chapter 💖

Comincia dall'inizio
                                    

ජින්ගෙ ඇස් සතුටින් දිලෙසෙන්න ගියේ එක් නිමේශයක් පමණයි.

ශාලාව පුරාම පාට පාටින් ඉටි පහන් දල්වලා සුවඳ මලින් සරසලා තිබුණේ ජින් ආසම කරපු විදිහට.

ශාලාව පුරා ම හරි ආසාවෙන් ඇස් යවන jin ලඟට Namjoon ආවෙ Jin ආසම පාට වුන රෝස රතු සුදු මිශ්‍ර වුන ලොකු මල් බොකෙ එකක් අරං.

" මේක ඔයාට....... my Prince....."

" තැන්කියු.... ජූන්...... මොකක්ද?....... ප්‍රින්ස්...."

" හ්ම්ම්...... මයි ගෝස්ට් ප්‍රින්ස් "

ජින් ලාවට වගේ පිරුණු කම්මුල් දිග ඇරලා හිනා වෙද්දි නම්ජුන් ජින්ගෙ රෝස කම්මුලක තමන්ගෙ තොල් තද කලේ හිතට දැනුන ක්ෂණික සිතුවිල්ලකට අවනත වෙමින්.

" ආහ්ම්.......ජූන් "

නම්ජුන් සිපගත්ත කම්මුලක් අල්ලන් ජින් බිම බලාගත්තේ කම්මුල්වල ලේ පිරෙන බව හොඳින්ම දැනෙද්දී ඇතිවන ලැජ්ජාව වහගන්න.

ජින්ගෙන් ඉවත් වෙලා ගියපු නම්ජුන් පැත්තක තිබුණා ප්ලෙයර් එකේ music එකක් play වෙන්න දාලා ජින් ළඟට ඇවිත් ජින් වෙත තම අත දිගු කළේ ජින් පුදුම වෙලා නම්ජුන්ගෙ මූණ දිහා වගේ ම අත දිහාත් මාරුවෙන් මාරුවට බලද්දි.

" can i dance with u prince ?"

" Joon....."

" පුලුවන්ද ?"

" හ්ම්ම්....."

ජින් ලජ්ජාශීලී සිනාවකින් නම්ජුන්ගෙ අත උඩින් තමන්ගේ අත තියද්දී, නම්ජුන් ජින්ගෙ අතේ තිබ්බ මල් බොකේ එක අරන් පැත්තකින් තිබ්බා.

" ජූනි...... මට නටන්න බෑ "

" මට පුළුවන් ......."

" ජූන්......ඒත් "

" ශ්......"

ජින්ගෙ තොල්වලට ඇඟිල්ලක් තද කරපු නම්ජුන් තමන්ගෙ නිදහස් අතින් ජින්ගෙ ඉන අල්ල ගත්තා. ජින්ගෙ එක අතක් තමන්ගේ උරහිසිනුත් අනිත් අත ජින්ගෙ නිදහස් අතත් එක්කත් පටලව ගත්ත නම්ජුන් ප්ලේ වෙන music එකේ තාලෙටම අඩි තියමින් නටන්න ගත්තෙ ජිනුත් නම්ජුන්ගෙ තාලෙට ම අඩි තියමින් විචිත්‍රවත් නර්තනයකට මුළු පුරද්දී.

ශාලාවම එළිය කරලා තිබුන ඉටි පහන් ටික ටික දියවෙලා ගිහින් නිවිලා ගියේ ශාලාව මධ්‍යයේ නර්තනයේ යෙදෙන යුවලට තව තවත් ලං වෙමින් නර්තනයේ යෙදෙන්න රුකුලක් සපයමින්.

Ghost Prince 💖 ✔️Dove le storie prendono vita. Scoprilo ora