ලස්සනම තැනින්...

107 20 55
                                    


"කොහෙන්ද දැන් මන් පටන්ගන්න ඕන...?"

වයස දහසයක පමණ හුරුබුහුටි කෙලි පැටියට උණුසුම් සිනාවක් පාමින් ටේහ්‍යන්ග් ඇසුවේ ය.

"ලස්සනම තැනින්"
මෙතෙක් වෙලා ටේහ්‍යන්ග්ගේ අත වටේ තදට එතිලා තිබුණු අත අතහැර ඔහුත් සමඟ උද්‍යානයේ කොනක තිබුණු ළා රෝස පැහැ මලින් බරවුණු විශාල සකුරා ගස මුළ බංකුවක අසුන් ගනිමින් සුන් හී කීවා ය.
කවුරුවත් නොදන්න කොහේදෝ තැනක සිට එන ලෙන්ගතු ම මද පවනක අවසරයෙන් හිමින් හිමින් හරි ආදරයෙන් මහ පොළොව සිපගන්න පුංචි මල් පෙති දිහා මිනිත්තුවක් පමණ නිහඬව බලාසිටි ටේහ්‍යන්ග් ඔහුගේ කටහඬ අවදි කළේ ය .

"එයා සුරංගනාවියක් වගේ.....

එයා උස නෑ ... කෙට්ටු කෙල්ලෙක් , උරහිස ළඟට විතර දිඟ තුනී කොණ්ඩයක් එයාට තිබුණෙ. එයාගෙ හම ගොඩක් පැහැපත් නෑ . ඒ හුරුබුහුටි තොල්වල හැම කෙල්ලගෙම වගේ තද රෝස පාටක් තිබුනෙ නෑ, ඒ තොල් මේ වැටෙන මල් පෙතිවල පාටමයි ..."

මදකට කතාව නැවැත්වූ ටේහ්‍යන්ග් පුදුමයෙන් තමා දෙස බලා සිටින කෙල්ල දෙස බලා නැවත වරක් සිනාසුනේ ය.

Tae :- "පුදුමයි ද?"
            ඔව්, ඔය කවිවල කියන විදියට කෙල්ලොන්ට තියෙන්න ඕන හැඩ රුව එයාට තිබුණෙ නෑ . එයාව කාට කොයි විදියට පෙනුනද කියන්න මම දන් නෑ.
ඒත්,

"එදා එයාව මට හරි ලස්සනට පෙනුනා..."

(අතීතයට...)

"යා ... කිම් ටේහ්‍යන්ග් , යකා ගැහුවා වගේ නිදාගෙන ඉන්නෙ නැතිව නැගිටිනවා අපතයෝ..."

මට එහා පැත්තෙ ඩෙස්ක් එකේ හිටපු චිමී කියනවත් එක්කම මොකක්හරි තියුණු ආයුධයකට මගෙ හම හිල් වෙනවා මට දැනුනා.

Tae:- "මොන හු%&#$ ගස් බල්ලො කරන්නෙ... මගෙ පස්ස හිල් වුනා ගොබිලයෝ.. "

Chimmy :- "නෑ මන් මේ බැලුවෙ උබට
                 බැරිවෙලාවත් රෑ මැද හොරෙක්
                 පැනලා ඇන්නොත්
                 ඇහැරෙනවද කියලා .
                 සිරාවටම මේක මරු භාන්ඩෙ
                 නේ බං?"
චිමී කිව්වේ මිනිස්සු දෙතුන් දෙනෙක් පරලොව යැවීමට සමත් වුණු ආයුධයක් දෙස බලන්නාක් මෙන් මහත් ගෞරවයෙන් තම කවකටුව ඔසවා බලමිනි.

ONCE UPON A TIME [Short]Where stories live. Discover now