episode 6

67 16 4
                                    

දැන් අවුරුදු 2ක් ගිහින් ගොඩක් දේවල් වෙනස් වෙලා මට දැන් වයස 23ක් ජින් හියුන් දැන් හොස්පිටල් එකක වැඩ එයාත් ගොඩක් බිසි එත් එ බිසි ලයිෆ් එක ඇතුලේ කොච්චර අමාරු වුනාත් විනාඩි 5ක් හරි කෝල් කරලා මන් ගැන හොයලා බලන්න අමතක කලේත් නැ සමහර වෙලාවට ගෙදර යමින් ගමන් හරි මාව බලලා යන්න එනවා එතකොට මගේ ලයිෆ් එක

දවසින් දවස ගොඩ ගැහෙන කැම්පස් වැඩ  අනික් අතින් චිත්‍ර වැඩ  ජොබ් එකත් එක්ක මෙහෙම දින මාස ගෙවිලා මගේ ලයිෆ් එක එන්න එන්න හිර වෙනකොට එන්න එන්නම මට මාව මග ඇරෙනකොට එන්න එන්නම මට කාලය නැති වෙනකොට අවුරුද්දේ එක්සැම් ලං වෙන කොට මන් හිටියේ ගොඩක් පිඩනයකින් කිව්වොත් හරි මොකද

මින් සුක්ට ප්‍රදර්ශනයට චිත්‍ර නැති වෙනකොට එතනින් දෙන ප්‍රෙශර් එක එක්ක එකට කාලේ යොමු කරලා  හිතලා වෙලාව අරන් චිත්‍රයක් ඇන්දාම අනිත් පැත්තෙන් කැම්පස් එසයින්මන්ට් මග ඇරෙනකොට එවා කවර් කර ගන්න වෙනම දවසක් ඇහැරන් ඉදලා කරන්න වෙන කොට අන්තිමට මට මගේ ජොබ් එකෙනුත් අයින් වෙන්න වුනා මොකද මට මේවාට ඔන කාලය හොයා ගන්න

ජින් හියුන්නම්  මගේ වැඩ පිලිවෙලට හැමදාම බයිනවා වුනත් මට වෙන කරන්න දෙයක් නැ මගේ වියදම් එයා බලා ගන්නම් මට චිත්‍ර අදින එක නතර කරලා කැමස් වැඩ වලට විතරක් ෆොකස් එක දෙන්න කිව්වාට මට එහෙම කරන්න බැ මොකද මට මින් සුක්ට ඇදලා දෙන චිත්‍රවලින් ලැබෙන සල්ලි වගෙම කලින් කරපු ජොබ් එකෙන් ඉතුරු කර ගත්ත සල්ලි මට මගේ අරමුණට ගොඩක් වැදගත් එ ගැන මන් ජින් හියුන්ට පැහැදිලි කරලා දෙන හැම වෙලෙම මගෙන් ඇහුවේ ඔච්චර මොකක්ද ඔලුවේ වැඩ කරන අරමුණ කියලා ඔව් මන් එක ජින් හියුන්ටවත් කියලා නැ හැම රහසක්ම බෙදා ගත්තත් මෙක විතරක් මන් රහසක් විදියට තියන් ඉන්නවා මොකද එක එ තරම් රහසක් " මන් කාලය ආවාම කියන්නම් හියුන්" එක තමා එ හැම වෙලාවකම මම දුන්න උත්තරය එ වෙලාවට බලන්න ඔන හියුන්ගේ මුන ඇදවෙලා යන විදිය හිනා යනවා

එත් දවසක් මන් සුපුරුදු විදියටම මන් මගේ කාමරේ ඉදන් චිත්‍ර ඇද ඇද හිටියා එදා මට නිවාඩු දවසක් කැම්පස් එකේ එසයින්මන්ට් තිබ්බත් මින් සුක්ගෙන් කෝල් එකක් ආවේ මේ සතිය ඇතුලත එයාට චිත්‍ර 5ක් වත් අඩුම ඔන කියලා මන් ඇදපු තුනක් තිබ්බ නිසා තව 2යි අදින්න තියෙන්නේ එක නිසා මන් අද උදෙන් නැගිටලා කාමරේ ඉදන් චිත්‍ර අදින්න ගත්තේ

my fairy (Complete )Where stories live. Discover now