Chapter : 25

54 16 89
                                    

~01 weeks after~

සතියක්ම ගෙවිලා ගිහින්. Debut song එක ලියන්න අපිට තව ඉතුරු වෙලා තිබුණේ එක සතියයි, ඒත් කිසිම කෙනෙක් ගාව කිසිම අදහසක් තිබුණෙ නැහැ.
අදහස් තිබුණත් ඒ ඔක්කොම debut song එකකට හරියනවද කියන ප්‍රශ්නෙ අපි හැමෝම ගාව තිබුණා.

වෙනදා වගේම cafe එකේ shift එක ඉවර වෙලා Taeminවත් ඉස්කෝලෙන් අරගෙන මම දිගටම යන්න පිටත් වුණේ අපේ studio එකට. ඉස්කෝලෙදිත් මහන්සිවෙලා කලන්තෙ දාන්න තරම් ලුක් එකකින් හිටිය Taeminට සුපුරුදු පරිදි මම මගින් banana milk එකක් අරන් දුන්නෙ මොකද නැත්නම් තව ටික වෙලාවකින් ඕකාව මට වඩාගෙන තමයි studio එකට අරන් යන්න වෙන්නෙ කියල දන්න නිසා.

Practices තියන නිසායි debut එකට අවශ්‍ය වැඩ කන්දරාවක් තව එහෙම් පිටින්ම ඉතුරු වෙලා තිබුණ නිසායි ඩෝම් එකට ගිහින් යන්න වෙලාවක් නෑ. ඒ අතින් පව් Taeminඋයි Minhoයි. කොල්ලො දෙන්නා ඉගන ගන්න වැඩත් එක්ක හැමදේම බැලන්ස් කරගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ වගේමයි Kibumත්. පොඩි තුන්දෙනාවම ඉගන ගන්න වැඩ නිසා ටිකකට නිදහස් කළාම වැඩි වැඩ කොටසක බර වැටුණෙ මගෙයි Jinki hyungගෙයි ඔලුව උඩට. ඒත් පොඩි අය වෙනුවෙන් අපි ඒක ගැන කිසිම වෙලාවක දොස් නොකියන්න වග බලාගත්තා.

Taemin එක්ක එන ගමනුත් මම කල්පනා කළේ ඉතුරු වෙලා තියන සතිය ඇතුළත අපි කොහොමද Mr. Lee කිව්වා වගේ song එකේ basics ටික හදාගන්නෙ කියලා.
මොකද අපිට කරගන්න බැරිවුණොත් කම්පනි එකේ ලිරික්සිස්ට් බෝඩ් එකට එයාලා මේ වැඩේ භාර දෙයි. ඒත් ඉතින් කවුද කැමති වෙන්නෙ තමන්ගෙ debut සෝන්ග් එක තමන්ම හදන්නැතුව වෙන කෙනෙක්ට කියල හදවගන්න?
කල්පනා ලෝකෙක ගිලිල හිටිය මම ආයෙ හරි සිහියට ආවෙ මට එහා පැත්තෙ ඉඳන් හචින් අරින Taeminගෙ සද්දෙට. මම කොල්ලගෙ ඔලුවට හෙමින් පාරක් ගැහුවා.

🦖"ඩෝම් එකට ගිය වෙලාවෙ ඉඳලා කට කැඩෙනකන් කියනවා රෑ වෙලා නාන්න එපා කියලා.. දැං හරිනේ.."

🌱"Hyung කියන විදියට නොනා හිටියොත් මට කවදාවත් නාන්න වෙන එකක් නෑ hyung.. ඊයෙත් ඩෝම් එකට යද්දි වෙලාව කීයද.?"

ඇත්ත. රෑ වෙලා නාන්න එපා කියලා බැන්නත් රෑ නොවී නාන්න Tae ඩෝම් එකේ ඉන්න එපැයි. ඒ වෙලාවෙනම් මට හිතුණෙ මං නිරපරාදෙ Taeට බැන්නා කියලා.

The BeginningWhere stories live. Discover now