Crazy In Love-02💗

Start from the beginning
                                    

මං ඇදෙන් පත බෑවුනා... හිකි හිකි හරි හිනා ඒක හීනයක්... මහ අබ්බූත හීනයක්...

ඒ මාන්දමික හීනෙත් සිහිපත් කොරකොරම කොන්දත් අතගගා මං රිංගුවෙ බාත්රූම් එකට..

"අල්ලන් යන්ට බැරි අතක්......... අරගෙන ඇවිද බොහෝ දුරක්............ "

මට නාන ගමන් මතක් උනේ ඉස්කෝලෙ කාලෙ මගෙ බිස්කට් එක වෙච්ච කොම්ලව...

"ඔය මූණ පිංවන්තයි... ⁣තේරුනෙ දැං තමයි."

ඒත් ඌව මට දාගන්න බැරි උනේ මගෙ දෙතිස් මහ කාන්තා ලක්ෂණ වලින් තිස් එකක්ම අඩු නිසා.. එහෙමයි කියලා මං සැලුනද?? නෑනේ..... ආවා කොරියා දැං ඉතිං මෙහෙ දකින දකින එකාට පැණි පෙර පෙර ඉන්නො..

විනාඩි දහයෙන් නාලා ඉවර වෙලා..... ආහ් මට ඔය අනිත් ලලනාවන්ට වගේ දිග කේස කල්‍යාණි නැහ් කලින්ම කිව්වෙ මගෙ ස්ත්‍රී ලක්ෂන අඩුයි.. බෙල්ල ලගට ඩොන්කි කට් කපපු කොන්ඩයක් තියෙන්නෙ ඕක නාන්න හැට පැයක් යන්නෙ නැහ් මට...

මා ඔබ හමුවට එන්නෙ එවරස්ට් කදු මුදුන මාගෙ හිස මතට කඩා පාත් වෙන සජීවි දර්ශන රැ⁣ගෙනයි...

ඕකෙ

තී

ටූ

වන්

නව්... හිතුවා වගේම රෙදි ටිකට යට උනා මම... ඔහෙ හම්බුන කෙහෙම්මලක් දාගෙන ලෑස්ති උනේ ඔෆිස් යන්න..

ඔෆිස් එකට ගිය වෙලේ ඉදං මං කැබින් එක අස්සට හිර වුනේ මගෙ බොසා මට ආදරේට වැඩ කන්දරාවක් පැය කීපෙකින් ගොඩ ගහලා තිබුන නිසා...

ගොටුකොල පාත්තයා!!!!

"මිස් සාරා.... චෙක් කරලා ඉවර වුන ෆයිල් ටික ⁣සර් ගාවට ගේන්න කිව්වා"

ඒ අපේ නොන්චි අක්කා නොහොත් උඩරට උඩැක්කි තබ්ලාව වන මිස් චෝයි මින්හා..

ඕකි මගෙ අන්තිම එකාට කලින් කස් එක දැලේ දාගන්ට අන්නත මෙව්වා එකක් පුරන්නෙ.ඒත් බොසා නෙමෙයි මේකි දිහා හැරිලවත් බැලුවේ..

මං අර ෆයිල් කන්දත් උස්සන් ගියෙ බොසගෙ ලොකුවට ලොකුවෙ ඒසි කොරපු රූම් එකට..

"බොස්!!! මේ අයි කමින්"

ඕක මට කියවෙන්නෙම ටීච මෙයයි මමයි ගෝ ටු ටොයිලට්.... ඉස්සර අපි ටොයිලට් කියලා කැන්ටින් ගත උන එකේ ප්‍රතිපලේ තමයි ⁣හනෙහ්.

CRAZY IN LOVE|MYG|✔|Where stories live. Discover now