2 nd chapter 💖

Start from the beginning
                                    

ඒ මදිවට මගේ කැප් එකක් දාගෙන මං දිහා බල බල ඉස්සරහට දුවනවා.
එයා ලස්සනයි ..........
ඒ වගේ ම එයා කොල්ලෙක් .......
ඒත් හැන්බොක් කොල්ලෙක් ? කැනඩාවල ?
කොහොමද ?

" ඉන්න......."

මං එයාට කිව්වම එයා නැවතිලා මගේ පැත්ත හැරිලා එයාගේ ඔළුවේ තිබුන මගේ කැප් එක පා කරලා මගේ ලගට එව්වෙ එයාගෙ අත අමුතු විදිහට හසුරුවන ගමන්.  රෝස පාට හැන්බොක් එකට එයාව මට පෙනුණේ රෝස කුමාරයෙක් වගේ.

" ඔයා කවුද ? "

මම ඇහුවම ආයෙත් ලස්සනට හිනා උන එයා ඉස්සරහට යන ගමන් අතුරුදහන් වෙලා ගියේ මාව ප්‍රශ්න ගොඩක තනිකරලා. ඒත් එක්කම මම දැක්කෙ ඒ හැන්බොක් කොල්ලා හිටිය තැනට ටිකක් ඉස්සරහින් තිබුණු ගරා වැටුන  ගොඩනැගිල්ලක්. ඒක නං ගොඩක් අඳුරු විදිහට පෙනුනේ ඒ හරියට ඉර එළිය අඩු නිසාමද කොහෙද, තට්ටු දෙකකින් විතර සමන්විත උන ඒ ගොඩනැගිල්ල ගාවට මං ගියේ ඒක ඇතුළට යන්න කියලා මගේ හිත මට බල කරපු නිසා වුණත් ඔම්මා කතා කරන හඬක් ආපු නිසා මං ආයෙත්  කාස්ල් එක පැත්තට හැරුනෙ  මේ බිල්ඩින් එක හෙට වත් බලන්න එන්න ඕනි කියලා හිතාගෙන.

" පුතා කොහෙද අනේ ඔයා ගියෙ ? "

කාස්ල් එකට ආපු ගමන් ඔම්මා ඇහුවේ මගේ ඇඳුමෙ ඇලිලා තිබුණ පොඩි කුරුලු පිහාටුවක් අයින් කරන ගමන්.

" මං අර කැලේ පැත්තට ගියේ......ඔම්මා මට ඕක දෙන්නකෝ......."

ඔම්මා බිමට දාන්න හදපු පිහාටුව ඔම්මගෙ අතින් මං ගත්තා.

" පිස්සුද අනේ මේක මොකටද ? "

" නිකං......එක ලස්සනයි........"

මං ඔම්මට එහෙම කිව්වත් හැන්බොක් කොල්ලගෙ අතේ මේ වගේ ම පිහාටුවක් දැක්කා කියලා මට මතක් වුන නිසයි මං ඒක ඉල්ල ගත්තේ.

" හරි හරි කන්න එන්න......"

" හ්ම්ම්ම්ම්........"
.
.
.
.
.
.
.
.
.
.

Lunch එකත් අරගෙන කාමරේට යන්න ගියත් ආයෙත්  කාසල් එක ඇතුලේ තව ටිකක් ඇවිදින්න ඕනි කියලා හිතුනේ මේක ඇතුලේ තව දැකපු නැති තැන් ගොඩක් ඇති කියල හිතුන නිසා.

මගෙ රූම් එක තිබුණෙ කොරිඩෝ එකේ. ඒ පැත්තට මම ඇවිදින්න යන්න හිතුවේ ඒ පැත්ත ටිකක් හරි එළිය  වුන  නිසා. මගේ රූම් එකත් පහු කරං ඉස්සරහට ගිහින් දකුණු පැත්තට හැරිලා ගියේ පඩි දෙක තුනකුත් බැහැලා........
එතන නම් ටිකක් අඳුරු වෙලා තිබුනෙ දෙපැත්තම රූම්ස් තිබුණ නිසා. ඉස්සරහටම ඇවිදන් ගිය මට අනිත් රූම්ස් වලට සාපේක්ෂව ටිකක් පටු දොරක් තිබුන රූම් එකක් හම්බුනා. ඒක ඇරල ඇතුලට යන්න කියල මගේ හිත මට කිව්ව නිසාම මං ඒක අරිද්දි මට පේන්න තිබුනේ තවත් පහලට තියෙන පඩි පෙළක්.....
එතන ගොඩක් අඳුරුයි. ඒත් මගේ අතේ තිබුණු ෆෝන් එකේ  ටෝච් එකක් ඔන් කරගෙන පරිස්සමින් පඩිපෙළ බැහැපු මට තේරුනේ මං ඇවිත් තියෙන්නෙ කාසල් එකේ ගබඩා කාමරයට කියලා.

Ghost Prince 💖 ✔️Where stories live. Discover now