10

132 29 3
                                    

"හියුං... හියුං..."
කෑම මේසෙ ඉඳ ගෙන කන්න පටන් අරගෙන විනාඩි ගාණක් උනත් හොසෝක් ටේ එක්ක වචනයක් කතා කරේ නැහැ. කොටින්ම ටේට එයාගෙ හියුංගෙ මූණේ තියෙන හැගිම් තේරුම් ගන්නවත් බැහැ...

"ජිම්... ඔයා තව කන්න... බලන්න ඔයා කෙට්ටු වෙලා වගේ..."
හොසෝක් ටේව ගාණක් ගන්නේ නැතුව jimin එක්ක කතා කරේ ටේට ඇත්තටම එයා ඊයේ කරේ වැරදී වැඩක් කියලා තේරෙනකොට.... ලාවට අැස් වල කදුළු ආවේ හියුං කවදාවත් එයාට එහෙම කරලා නැති නිසා.
Jimin ටේගෙ අත මේසෙ යටින් අල්ල ගත්තෙ එයාගෙ යාලුවා දුකින් ඉන්න එක බලාගෙන ඉන්න බැරි නිසා.

" හියුං... මම දන්නවා මම කරේ වැ‍රැද්දක් කියලා ප්ලීස් ඒත් කතා නොකර ඉන්න එපා... ඔයා කියන ඕන දෙයක් මම කරන්නම් හියුං... මම ආයේ drinks ගන්නේ නැහැ promise... ඔයා දන්නවානේ හියුං මට ඔයා එක්ක කතා නොකර ඉන්න බැහැ කියලා..."
ටේ අත් දෙකෙන් කදුළු පිහා ගන්න ගමන් කිව්වා.

" හියුං... ටේ ආයේ drinks ගන්නේ නැති වෙයි හියුං... මම එයාව බලාගන්නම්... හියුං දෙන ඕන punishment එකක් එයා බාරගනී... "
Jimin හිනා වෙලා කිව්වත් හොසෝක් තාම එයාගෙ කෑම පිඟානේන් අැස් අහකට ගත්තෙ නැහැ...

"හියුං ප්ලීස්... ටේ බොරු කියන්නේ නැහැනේ හියුං..."
ටේ ඉඳගෙන හිටපු තැනින් නැගිටලා හොසෝක් ළඟට ගිහින් කියද්දී හොසෝක් දෙන්නා දිහාම බැලුවා.

" මම කියන්නේ නැහැ ටේ ඔයා මන් කියන විදිහට ජීවිත කාලෙම ඉන්න ඕනේ කියලා... හැබැයි ඔයා මන් ළඟ ඉන්නකම් ඔයා මගේ වගකීමක්... මට ඔයා විහින් විනාශ වෙනවා බලන්න ඕනේ නැහැ... ඔයා මෙතැනට කෙලින් හිටගන්න බැරි තරමට බීලා එනවා කියන්නේ ඔයා තවත් පොඩි දරුවෙක් නෙවෙයි...

මම මේ තිරණය ගන්නේ හොඳට හිතලා... ඔයා පොඩි දරුවෙක් කියලා මම හිතාගෙන හිටියට ඒක එහෙම නැහැ... මම කියන ඕන දේකට ඔයා එකඟ වෙනවා කිව්වානේ... "

ටේ ඔලුව රොබෝ කෙනෙක් වගේ උඩට පහළට කරන්න ගත්තා...

" එහෙනම් ඔයා මම කියන කෙනාව මැරී කරන්න... මම දන්නවා ඔයා කාටත් ආදරේ කරන්නේ නැහැ කියලා එහෙමනේ... "
හොසෝක් කියපු දේ නිසා ටේගෙ වගේම Jiminගෙ අැස් ලොකු වෙලා කට බිත්තරයක් වගේ උනා... එයාලා ඉන්නේ මේ දැන් මෙතැන ඇහුන දේවල් විශ්වාස කරන්න බැරුව...

"හි.. යුං"

"හොසෝක්.... හියුං... "

" මට ඔයාලගෙ උත්තර ඕනේ නැහැ... ආදරේ කරන්න කෙනෙක් නැහැ කියන්නේ මම කියන කෙනාව මැරී කරන්න පුළුවන්නේ..."
හොසෝක් පිඟාන අරගෙන කාලා ඉවර වෙලා යද්දි jimin වගේම taehyung ඔලුව උඩ පහල කර කර හිටියේ අසිහියෙන් වගේ...

______________________________________

අප්පෙහ්🤣 බිව්වාම බන්දලා දෙනවා අන්න එහෙමයි අපි වැඩ කරන්නෙ හුම්🤣💔

හම්‍රි හම්‍රි අපි බලමුකෝ එහෙනම් ඒ මගුලත්🤣

Snow_Flower🖤✨

° What Is Love? ° || NAMTAEWhere stories live. Discover now