පසුවදන

247 34 23
                                    

කතාව වට්පෑඩ් එකෙන් ඉවත් කළා. ඇත්තටම කළේ හේතුවක් ඇතුව. ඔයාලා කතාව හොයාගෙන ආවා නම්, ටිකක් ඉවසන්න. ඉක්මනින් අලුත් ආරංචියක් කියන්නම්.

මම කතාව ලිව්වේ ඇත්තටම ඒ කාලයේ වුණ දේවල් ලියලා තියන එක හොඳයි කියලා හිතුන නිසා. ඒ වගේම තමයි තාම ඉගෙන ගන්න , ඉස්කෝලේ යන අයත් මේ කතාව කියවන බව මම දන්නවා. ඒ හැමෝම මේකෙන් යමක් ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා.

අපි නොදකින බොහෝ දේවල් කෙනෙක්ගේ ජීවිතේ අපි ළඟ නොහිටිය කාලෙක වෙලා තියෙන්න පුලුවන්. ඒ දේවල් නිසාම ජීවිතය, සමාජය සහ ප්‍රශ්න ඒ කෙනා දකින්නේ වෙනස්ම විදියකට වෙන්න පුලුවන්. ඉතින් ඒ කෙනාව judge කරන්න කලින් දෙවරක් හිතන්න.

සමාජය නම් කරන ලද "හොඳ" වෘත්තීන් තුළත් හරිම පහත් විදියට මිනිස්සු හැසිරෙනව. වෙන කරගන්න දෙයක් නැතුව ඒ වාචික, මානසික තාඩන පීඩන දරාගෙන රස්සාව බේරගන්න කණිෂ්ඨ අය තැලෙනවා.

මේක මම අවස්තාවක් කරගන්නවා , සීමාවාසික කාලයේ ඉඳලා , අද මේ මොහොත දක්වා මට රාජකාරියේ දි හමුවුණ, අක්කලා, අයියලා වගේම හරිම සුන්දර හිත් තිබුණ නංගිලා මල්ලිලා හමෝම ආදරයෙන් මතක් කරන්න. ගොඩක් අය මේ කතාව වගේම මෙතනින් එහාට මගේ ජීවිතේ සිද්ධ වුණ දේවල් ගැනත් දන්න අය. එහෙම කිසිම දෙයක් නොදැනත්, එක දශමයක ටොක්සික් බවක් නැතුව මාත් එක්ක රාජකාරි කරන අයත් ඉන්නවා.

මේ කතාව ලියවෙන අතරෙ මම හිටියා වගේම තත්ත්වයක ඉඳලා සීමාවාසිකය කරන සහ කරපු අය කිහිපදෙනෙක් මාත් එක්ක කතා කළා. ඒ හැමෝටම ස්තූතියි , අපි විඳෙව්ව විඳවීම අපෙන් පසුව එන අයත් විඳවිය යුතු නැහැ. මම හිතනවා ඒකට හැමෝම එකඟ වෙයි කියලා.

දරුවෙක් බිහි කරලා, ඒ දරුවා අත ඇරලා අපිට එන්න වුණේ , රස්සාවට තියෙන තණ්හාව නිසා කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්, මේ වගේ රටක, අතට ලැබෙන රස්සාව , පහසු තැනක වැඩ කරන්න තියෙන අවස්තාවට පයින් ගහලා පුලුවන් ද? අවුරුද්දක පමාව ආර්ථික වශයෙන් හොඳටම දැනෙන බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑ කියලා මම හිතනවා.

කවදා හරි දවසක මේ ක්‍රමය වෙනස් වෙලා, සීමාවාසික අම්මලාට සහ ඒ දරුවන්ට තමන්ගේ මූලික අයිතිවාසිකම් හෝ ලැබෙන ක්‍රමයක් ඇති වෙයි කියලා මම බලා ඉන්නවා. ඇත්තටම මට හමුවුණ ටීම්ස් දෙකම ටොක්සික් එක්කෙනෙක් දෙන්නෙක් හිටියට අනෙක් කරුණු අතින් මාරම හොඳ ටීම්ස් දෙකක්. මම දන්න සමහර යාලුවෝ ඉන්නවා, සීමාවාසිකය නිමා කරලත් මම සීමාවාසිකයෙ වින්ද කරදරවලටත් අන්ත කරදර විඳින.

අනිත් කාරණය විෂාදය, ආපහු හැරිලා බලද්දි මට ඒ තරම් ලොකු ප්‍රශ්න නෙවෙයි තිබිලා තියෙන්නෙත් කියලා දැන් හිතෙනවා . ඒත් තුවාලයක් තියෙන කෙනාට තමයි ඒකෙ වේදනාව දැනෙන්නේ. එහෙම කෙනෙක්ගේ හිතට බාහිරින් ඇවිත් විවිධ අදහස් ඇතුල් කරන එකත් හරි භයානක තත්ත්වයක්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන් උපදෙස් පතන්න. ඒක ලැජ්ජාවට කරුණක් නෙවෙයි.

මම මගේ දුවට කියවන්න පුලුවන් වුණ දවසට මේක කියවන්න දෙනවා. හැබැයි එයා කියවයිද කියලා මටත් ෂුවර් නෑ. අම්මා දැන් හිනා වෙලා හිටියට අම්මාටත් අඳුරු කාලයක් තිබුන බවත්, ජීවිතේ කියන්නේ ප්‍රශ්නවලින් පලා යන එක නෙවෙයි ඒකට මුහුණ දෙන එක බවත් එයා මගේ කතාවෙන් ඉගෙන ගනීවි කියලා මම හිතනවා. හංගලා වහලා බොරු මවාපාලා එයාව බොරු කතාවක හිර කරලා තියන්න මම කැමති නෑ.

මම දවසක් එයාගෙන් ඇහුවා ඔයා චූටි කාලේ අම්මා ඔයාව දාලා ඉන්ටර්න් ගිය එකට ඔයා අම්මට වෛර කරනවද කියලා.

"මට මතකවත් නැති දේකට මම කොහොමද ඔයාට වෛර කරන්නේ" ඔන්න එයාගේ උත්තරය.

අවසාන වශයෙන් කතාව කියවපු, කතාවේ කොටස් කරුවො වුණ හැමෝටම ගොඩා....ක් ස්තූතියි . මට අමතක කරන්න බැරි නිසා මම ලියන්න හිතුව මේ කතාව ඔයාලත් එක්ක බෙදාගන්න ලැබීම සතුටක්....

සීමාවාසිකයෙන් පසුව මොකද වුණේ කියලා වෛවර්ණ අළු හීනවලින් කියවන්න. මම ලින්ක් එක දාන්නම්.

ඔයාලගෙ හැම කමෙන්ට් එකකටම, රියැක්ෂන් එකකටම ස්තූතියි . ඒ හැම එකක්ම මට මාරම වටිනවා.

නිමි......

You've reached the end of published parts.

⏰ Last updated: Jun 14 ⏰

Add this story to your Library to get notified about new parts!

සීමාවාසික අම්මා [COMPLETED]Where stories live. Discover now