23.MY HAPPINESS

1K 151 65
                                    

Leo's P.O.V

                    මගේ ඔලුව පැලෙන්න තරම් වේදනා දෙනකොට මන් ඔලුවත් අල්ලන් නැගිටින්න හැදුවත් මාව මොකේකින් හරි හිර වෙලා වගේ හැගීමක් මට දැනෙනකොට මං මගේ ඇස් අරින්න උත්සහ කලා...අඩල අඩලම ඉදිමුනු ඇස්වල ඇහිපිහාටු එකට ඇලිලා ගිහින් තියෙනකොට මට එක පාර ඇස් ඇරගන්නත් බැරුව ගියා...හෙමීට ඇස් ඇරලා මාව හිර වෙලා තියෙන්නෙ මොකේකටද බලන්න වටේට ඇස්කරකවපු මට මං දකින්නේ හීනයක්ද හිතුනා...

                  තවමත් වේලිලා නැති කදුලු වලින් තෙත්වුනු සුදු කම්මුල් එක්ක මගේ එහාපැත්තෙ නිදාගෙන මාවහිර කරලා බදාගෙන සීන් නිදාගෙන හිටියා....ඒ කියන්නේ සීන් ආයෙමත් ඇවිත්ද....එයා මාව හොයන් ඇවිත්....මට කියාගන්න බැරි සතුටක් දැනෙනකොට මං එහෙමම සීන්ගේ ඇගට බර වෙලා ඒ මුලු මූනම අතොරක් නැතුව පුංචි හාදු වලින් නෑව්වා....මගේ සිප ගැනීම් එක්ක සීන් අවදි වෙනකොට එයා කලබලෙන් නැගිටින්න හැදුවත් මං තවත් තදින් එයාව බදා ගත්තා...මේ පාර නම් මං එයාට යන්න දෙන්නෑ....බලෙන් හරි මං එයාව මං ලග තියා ගන්නවා....

" ලියෝ....ඔයාට කොහොමද දැන්...මොකක් හරි අපහසුවක් දැනෙනවද...."

"ම්ම්ම්හ්හ්හ්...." මං කෙදිරි ගාගෙන නෑ කියන්න ඔලුවත් වනන ගමන් ආයෙමත් සීන්ගේ උනුසුම් පපුව අස්සට ඔලුව ගහ ගත්තා...මට ඒ උනුසුම විදින්න ඕන...මට එයාගේ ආදරේ විදින්න ඕන....සීන් මගේ ඔලුව අත ගාන ගමන් මගේ හිස් මුදුනට හාදුවක් තියනකොට මන් ඒ පපුවත් හාදුවලින් නාවලා දැම්මා....සීන් මොනවා හරි කියන්න මන් දිහා බලලා කට හැදුවත් ඊට කලින් මං ඒ රෝස් දෙතොල් මගේ කර ගත්තා....අවුරුද්දකට පස්සේ එයාගෙන් ලැබෙන පහසින් මාව මත් වෙලා ගියා වගේම ඒ දෙතොල් අතරේ මට ලොකූ සැනසීමක් දැනුනා...අන්තිමට පුංචි හාදුවකින් ආරම්බ උන සිප ගැනීම දීර්ග රාග හෝරාවකින් ඉවර වෙනකොට අපි දෙන්නම හෙම්බත් වෙලා උන්නා වගේම ඒ වෙනකොට සීන්ගේ පපුව අස්සේ උන්න මං සීන්ව මගේ නිරුවත් පපුවට තුරුල් කරන් උන්නා....

අන්තිමට පුංචි හාදුවකින් ආරම්බ උන සිප ගැනීම දීර්ග රාග හෝරාවකින් ඉවර වෙනකොට අපි දෙන්නම හෙම්බත් වෙලා උන්නා වගේම ඒ වෙනකොට සීන්ගේ පපුව අස්සේ උන්න මං සීන්ව මගේ නිරුවත් පපුවට තුරුල් කරන් උන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
LOVE OR LUST (Completed)Where stories live. Discover now