🦖"මම ආයේ කියන්නෑ... ඕනි මගුලක් කරගන්න එකයි ඇත්තෙ..."

පොතත් දමලා ගහලා ස්ටුඩියෝ එකට යන්න ලෑස්තිවෙන්න නැගිට්ට මම නැවතුණේ බාගෙට තෙත කොණ්ඩෙත් පිහදදා මං ඉස්සරහට ආව Taemin දැකලා.

🌱"මොකද්ද hyung ආව වෙලාවෙ ඉඳන් බනින්නෙ..?"

🦖"ඒයි තමුසෙ..?! මෙච්චර ඉක්මනට නෑවෙ කොහොමද කියනවා..? කපුටොත් නානවා ඔයිට වඩා වෙලා, ආයෙ ගිහින් හරියට නාලා එනවා... යනවා ඉතින්... තව ටික කාලයක් මම මෙහෙම ගියොත්නම් පිස්සෙක් වෙනවා ඇත්තමයි..."

Taeminව ආයෙම බාත්රූම් එකට තල්ලු කරලා දොරත් වහලා මම ලෑස්තිවෙන්න කාමරේට ගියේ ඕකා බාගෙට නානවා කියලා දන්න නිසා. කබඩ් එකෙන් මගේ සුපුරුදු කලුපාට හූඩි එකයි බොටම් එකයි ගත්ත මම ඇඳගෙන ඉවර වෙනකොටම Kibum කෑම කන්න එන්න කියලා කුස්සියේ ඉඳන් කෑගහනවා ඇහුණා. මගෙන් කොච්චර බැනුම් ඇහුවත් කවදාවත් කොල්ලා මගෙ කෑම එකට ලුණු ටිකක්වත් වැඩිපුර දාන්නෑ පලි ගන්න කියලා හිතන්.

මම මටම හිනා වෙවී කාමරෙන් යන්න හදනවත් එක්කම Taemin නාලා ආවා. කොල්ලගෙ කකුල් දෙකේ ඉඳන් ඔලුවටම බලපු මම පොඩි එකා හරියට නාලා කියලා විශ්වාස කරන්න පුළුවන් නිසා එයාට ලෑස්තිවෙන්න දීලා ටේබල් එක උඩ තිබ්බ මගේ ෆෝන් එකට හෑන්ඩ් ෆ්‍රී එක ගහලා හූඩි එකේ සාක්කුවට දාගන්න ගමන් කාමරෙන් එලියට ආවා. මම එලියට එද්දි කෑම මේසෙ උඩ Kibum හදපු කෑම දුම් දදා දිලිසෙනවා. මම මේසෙන් වාඩි වෙද්දිම Minhoත් මට එකතු වුණා.

🗝️"ඔයාලා කන්න මම ටක්ගාලා අතපය හෝදගෙන ඇඳුම්ක් දාගෙන එන්නම්... බෑග් එකක් ගන්න කෙනෙක් කුස්සියේ තියන Jinki hyungගෙ කෑම එක මතක් කරලා දාගන්න..."

🦖"වේ..? Jinki hyung අද එන්නැද්ද එතකොට..?"

මම ඇහුවේ උදේ Eusoo hyung එක්ක company එකට යද්දි දවල්ට කන්න hyung ඩෝම් එකට එනවා කිව්ව නිසා.

🗝️"නෑ... මට මැසේජ් එකක් දාලා තිබ්බා එහෙ වැඩ ඉවර වෙද්දි පරක්කු වෙනවා කියලා, කෙලින්ම ස්ටුඩියෝ එකට එන්න කියලා... ඒ හින්දා කෑම එක මතක් කරලා ගන්න..."

🔥"යාහ් Kibum ඔයා කන්නැනැද්ද..?"

🗝️"කෑම දෙකක් ඇති කුස්සියේ, මම ස්ටුඩියෝ එකට ගිහින් Jinki hyung එක්කම කෑම කන්නම්..."

The BeginningWhere stories live. Discover now