"හ්ම්... හ්ම්.. අද මං එන්න රෑ වෙනෝ හරිද. ලබන මාසේ ෆයිනල් නිසා වැඩත් වැඩී. අනේ මන්දා මගේ ඇගටත් හරි නෑ වගේ අප්පා. අනේ ජුස් එක එපා ලියෝ.. මේ කෑව එකත් උගුරට එනවා වගේ..."

සැන්ඩ්විච් එකක් විතරක් කාපු ශාන් යීබෝ දීපු ජූස් එක බොන්න බෑ කිව්වා...

"මොකද බනී මේ.. මං ගෙදර ඉන්නවා කිව්ව නිසා හොර ලෙඩ ගන්නද යන්නෙ ඒ පාර..."

යීබෝ ඇහුවෙ ඇහැක් ගහන ගමන්...

"හහ් අනේ මට වැඩේමයි මෙයා නිසා හොර ලෙඩ ගන්න. මං මොකක් හරි අමාරුවක් ගැන කිව්වොත් ඔහොමයි..."

ශාන් යීබෝටත් ගස්සගෙන යන්න ගියා...

******************

'අඩේ ආරංචිද ලුලූ අක්කා ඇඩිෂනල් ලෙක්චර කෙනෙක් විදිහට ආයෙත් ඇවිත්ලු...'

'ඒ සිරාවට.. ඒ යීබෝ මේක දන්නවද බං...'

'දන්නවා ඇති.. ඒකනෙ අද ඌයි ලුලූ අක්කයි දෙන්නම නැත්තෙ...'

ඒ කොල්ලො දෙන්නා නසරානි හිනාවක් දමමින් කැන්ටිම පැත්තට ගියා. අද උදේ ඉදංම ශාන්ට යීබෝ ගැන එක එක ජාතියෙ කසුකුසු ඇහුනා...

"මේ කවුද බං ලුලූ කියන්නේ..."

ශාන් ඇහුවෙ එයාගෙ එහා පැත්තෙ හිටිය කොල්ලාගෙන්

'ආ.. මට අමතක වුනානේ උඔ මෙහෙට ට්‍රාන්සර් වුනේ ගිය අවුරුද්දෙ කියලා. ඉතිං කොහොමද උඔ ලුලූ අක්කා ගැන දැන ගන්නේ.. ඒත් පොඩ්ඩක් හිටපන් උඔට යීබෝ ලුලූ ගැන කියලා නැද්ද උඔලා දෙන්නා රූම් මේට්ස්ලා නේද."

"අනේ මේ වැල් බයිලා කියවන්නෙ නැතුව ඒ කවුද කියනවකෝ..."

ශාන් ඒ කොල්ලගෙ ඇගට කඩා පැන්නා...

'හරි හරි බන්... ලුලූ කියන්නෙ අපි ෆස්ට් ඉයර් ඉන්නකොට ෆයිනල් ඉයර් හිටිය අක්කා කෙනෙක්.. අපේ යීබෝ ඉන්නවානේ ඌ ආව දවසේ ඉදං ලුලූට පැණේ හල හල හිටියේ.. ලුලූ අක්කා යුනි එකෙන් අයින් වෙනකල්ම යීබෝ ගේම අතෑරියෙ නෑ. අන්තිමට අක්කත් කැමති වගේ පෙන්නුවා. ඒත් එක්‌කම වගේ එයාලගෙ ස්ටඩීස් ඉවර වුන නිසා දෙන්නට වැඩිය ආශ්‍රය කරන්න බැරි වුනා.. කොහොමත් යීබෝ ආයේ කෙල්ලක් ගැන හිතුවෙ නෑ. දැන් ඉතිං හරි ආයෙ අක්කා ආවානේ...

අවසානයේ හිතට දැනෙන වේදනාවත් එක්ක ශාන්ට එයාගේ ඔලුව පැලෙන්න එනවා වගේ දැනුනා. එයාට තවත් කැම්පස් එක ඇතුලේ ඉන්න බෑ වගේ දැනුනා...

"මගේ ඇගට හරි නෑ වගේ බං. මට නෝට් පුලුවන් නං එවපන්. මං යනවා...

එසේ කියමින් ශාන් ලෙක්ච හෝල් එකෙන් එලියට ගියා...

'ඒ ශාන් පොඩ්ඩක් ඉන්න...'

ශාන් හැරී බැලුවේ තමන්ට කතා කලේ කවුද කියල බලන්න.

'මං උඹව හැම තැනම හෙව්වා.. අනින්දා 12ට කලින් scholarship form එක submit කරහන්. මේක මාර චාන්ස් එකක් බං. මේකට පයින් ගහන්න එපා. අනික අපේ ෆැකල්ටියෙන් උඔට විතරයි මේ චාන්ස් එක ලැබුනෙත්. දන්නවනෙ මේකට කී දෙනෙක් ඇහැ ගහගෙන හිටියද කියලා. මතක ඇතුව ෆිල් කරන්න හරිද. මං යනවා...'

"හ්ම්... හරි බං..."

ශාන් ටික වෙලාවක් තමන්ගෙ යාලුවා ගිය දිහා කිසිම හැගීමක් නැතුව බලං ඉදලා ආයේත් එයාලගෙ අපාර්ට්මන්ට් එකට යන්න ගියා...

"ලියෝ මං ආවා... අද මගේ ඇගට හරි නෑ අප්පා..."

ශාන් එහෙම කියාගෙන ගෙට ඇතුල් වුනා...

'කෝ අප්පා මේ මනුස්සා...'

ශාන් තනිවම මුමුණමින් එයාලගෙ කාමරේ දිහාවට ගියා. ඒත් එක පාරටම දැක්ක දේ නිසා
එයා හිටි තැනම ගල් ගැහුනා...

'ලි.. ලියෝ.. ඔ.. ඔ.. ඔයා...'

.
.
.
.
.
🔰~Ama~

Misunderstand ᶜᵒᵐᵖˡᵉᵗᵉᵈWhere stories live. Discover now