🌼සඳමිතුරි🌼දහ තුන්වන කොටස 🌼

Começar do início
                                    

මඳ නිහඬතාවයකින් පසු නැවත කවිඳු සංසුන් ලෙස විනුදිව ඇමතුවේය.

විනූ බබා .. යන්න දැන් ගිහින් නංගි එක්ක නිදාගන්න .. සොරි කෑ ගැහුවට .. දන්නවනේ අයියා  කැමති නැති දේවල් කරද්දි කේන්ති යනවා කියලා .

දන්නවා නේද ඉතිං ..

විනුදි ඔහුව වැළදගෙනම හිස සෙලෙව්වාය .

යන්නකෝ ඉතින් ගිහින් නිදාගන්න . ගුඩ්නයිට් ..

ගුඩ්නයිට් අයියේ ..

ඇය සෙමෙන් හිරුණිගේ කාමරය වෙත යන විට දොර වසා තිබුණි. කිහිපවරක් දොරට තට්ටු කලත් හිරුණිගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොවීය. දොර ඇතුලින් අඟුලු ලා ඇය නිදන්නට විය.

විනුදිගේ දෑස් නැවත කඳුලින් තෙත්වන බව ඇයට දැනුනි.
විනුදි නැවතත් කවිදුගේ කාමරය අසලට ඇවිද ගොස් කිහිපවරක් දොරට තට්ටු කිරීමට සැරසුනත් ඔහුට ඇති බිය නිසාම එහා මෙහා යන්නට විය . 

ඒ සැනින් කවිදුගේ කාමරයේ දොර විවර විය . කලු බොටම් එකක් හා සුදු පැහැ  දුහුල් ආම් කට් ටී ෂටයක් හැද තෙත කොන්ඩය අතින් ගසමින් පැමිනෙන කවිදු දැක විනුදිට තම සියලු ගැටලු සුලු මොහොතකට මතකයෙන් ගිලිහුනි.. . ඔහුගේ  කඩවසම් පෙනුමත්  ව්‍යායාම මගින්ම පවත්වාගෙන යන දේහදාරී සිරුරත් සැබවින්ම තරුණියක් ආකර්ෂණය කරගැනීමට ඕනෙවටත් වඩාය . මේ දුටු කවිදුට සිනාවක් නැගුනි.

මේ මොකද විනූ බබා මේ චූටි බලු පැටියෙක් වගේ කාමරේ ගාව සක්මන් කරන්නේ .. ඒ මදිවට දැන් අනිමිස ලෝචනේ දාගෙන .. මාව කන්න වගේ .. ම්ම්ම්..

කවිදුගේ සැහැල්ලු වචන නිසා විනුදගේ මුවට මද සිනාවක් නැගුනි . අයියට මාව  චූටි බලු පැටියෙක් වගේද පේන්නේ..

අප්පේ ඔව් ඔව් .. අරං හදාගන්න හිතිලා තියෙන්නේ මට දැන් .. දැන් කියන්න බලන්න තාම මෙතන ඇයි කියලා ..

හිරූ රූම් එකේ දොර වහගෙන .. දොයිය ගන්න තැනක් නෑ නේ ..

මේකි නම් .. මං හිතුවා .. දැන් මොකද කරන්නේ.. ඇහැරවන්නත් බෑනේ මේ වෙලාවේ .....  පුංචම්මලගේ රූම්ස් ලොක් කරලා  යන්න ඇත්තේ ..  කමක් නැද්ද මගේ රූම් එකේ හිටියට 

විනුදි කිසිවක් නොකියා බිම බලා ගත්තාය .

අනේ මේ තමුසෙගේ ලැජ්ජාව .. කමක් නැද්ද කියනවා ..

ක්..කමක් නෑහ් අයියේ .. ඇසෙන නෑසෙන ගානට විනුදි පැවසුවාය ..

කොහොම හරි ඕනේ දේ කරගත්තා නේ .. උබලත් දවසකට හරි මරු කෙල්ලෝ තමා ...

එහෙම කියන්න එපා අයියේ මං හිතලා නෙවේනේ කලේ ..

හරි හරී දැන්  මෙතන මට වෙන දේවල් හිතවන්නේ නැතුව බාතෲම්  ගිහින් මේ බොටම් එකයි ෂර්ට් එකයි ඕකට උඩින් දාගෙන එන්න .. කවිඳු ඔහුගේ ඇඳුම් ඇයට ලබා දෙමින් පහත් ස්වරයෙන් පවසද්දි කොපුල් රත් පැහැයට හැරෙමින් ඇය නාන කාමරයට පිවිසුනාය.

විනුදි නැවත පැමිනෙන විට කවිඳු ඇඳ ඇතිරිලි මාරු කර ඇයට නිදන්නට සියල්ල සකස් කරදී අවසන්ය.

වචනයක් වත් නොකියා ගිහින් නිදාගන්න.. කවිඳු ගේ එක් අණ කිරීමකින් ඇය ඇදමතින් හිද පොරවනය දමාගත්තාය ..

ගුඩ් නයිට් .. කියමින්  ඇදමත තිබූ කොට්ටයක් රැගෙන කාමරයේ විදුලිය විසන්දි කර දොර වසා ඔහු කාමරයෙන් පිටතට ගියේය .

............................................................................................................

හී හායි 😬

ගල් මුල් සතුටු සිතින් බාර ගනු ලැබේ ..

❤️😌

වචන 640ක් තියෙනවා ඕං.

Você leu todos os capítulos publicados.

⏰ Última atualização: Mar 05 ⏰

Adicione esta história à sua Biblioteca e seja notificado quando novos capítulos chegarem!

🌼සඳමිතුරි 🌼 (On hold )Onde histórias criam vida. Descubra agora