"කාලෙකට පස්සේ මන් මගේ පරණ කුකීව දැක්කා හ්යොන්"
උඩ පැන පැන දුවන කුකී දිහා බලාගෙන ජීමින් කියුවේ එලියට එන්න දගලන කදුලු නවත්තගන්න උත්සහයක් ගන්න ගමන්.....

"හැමදේම ඉක්මනට හොදින් වෙයී ජීමිනා.....අපි ගිහින් එන්නම්"
ජීමින්ගේ ඔලුවත් අතගාලා කොල්ලා ගියේ කා එක ගාවට.......
.
.
.
පැය දෙකකට විතර පස්සේ cemetery එකට ආව යුන්කුක් දෙන්නා ගෙනාපු සුදු ලිලී මල් පොකුරු දෙකත් අරගෙන cemetery එක ඇතුලට ගියා....
එක්කෙනෙක් තමන්ට සහෝදරියක් උන මෙලීව හොයද්දී....
අනිත් කෙනා හෙව්වේ තමන්ගේ පලවෙනි ආදරේ උන තමන්ගේ ආදරණීය බිරිද උන මෙලීව......
අරලිය මල් ගහක් ගාව ලස්සනට හදලා තිබුන සොහොන වටේට කැලේ වැවිලා තිබුනේ කවුරුත් එතනට කලෙකින් ඇවිත් නෑ වගේ....
මෙලීගේ අප්පා තමන්ගේ දුව තමන්ට අහිමි උනා කියන හැගීම එක්ක ජීවත් වෙද්දී මෙලීගේ සොහොන ගාවට එන්නවත් යුන්ගි එක්ක කතා කරන්නවත් මෙලීගේ අප්පට ඕන උනේ නෑ.....

"හ්යොන් මෙතන ටිකක් අස් කරන්න වෙයි නේද"
සොහොන වටේ තිබුන වල්ගස් දිහා බලාගෙන කුකී යුන්ගිගෙයි ඇහුවත් යුන්ගිගේ ඇස් තිබුනේ සොහොන් කොතේ කොටලා තිබුන නම ගාව.....

"හ්යොන්"

"මෙතන අස් කරන්න ඕන නෑ කුකී.....අපිට මෙතනට ආයේ කවදා එන්න පුලුවන් වෙයිද දන්නේ නෑ ඉතින් අපි මෙතන අස් කරලා ගියත් ආයෙත් මෙතන කැලේ වෙයි"

"හ්ම්"
බර හුස්මක් පිට කරපු කුක් සුදු ලිලී මල් පොකුර සොහොන උඩින් තියලා එතන දනගහගත්තා....

"නූනා...කියන්න ඕන මොනාද කියලා මට තේරෙන්නේ නෑ ඒත් මට ඔයා නැතුව ගොඩක් පාලුයි නූනා ගොඩම ගොඩක්"
කුක් එතනින් නැගිටලා cemetery එකෙන් එලියට දිව්වේ හ්යොන් ඉස්සරහ අඩන්න බෑ කියලා හිතුන නිසා....
කුක් දුවන දිහා බලන් හිටපු යුන්ගි මල් පොකුරත් සොහොන උඩින් තියලා එතනින් වාඩි උනා.....

"මෙලී....ඔයාට සීතලද ප්‍රින්සස්.....දැක්කද ඔයාගේ කු බේබි අඩන විදිය එයා පාලුවෙන් ඉන්නේ ප්‍රින්සස්.....ඔයා ඇයි ඔච්චර නපුරු උනේ....ඔයාට මන් කරපු දේවල් වලට ඔයා මට දුන්න දඩුවම ලොකු වැඩී මෙලී.....මට ගහන්න තිබ්බා ඔයාට, බයින්න තිබ්බා ඒත් මේ විදියට ලස්සන හීන ගොඩක් පෙන්නලා මාව අතරමං කරලා නොයා ඉන්න තිබුනා ඔයාට....."
කොල්ලා අඩන්නේ නෑ.....
ඒ ඇස්වලට අඩන්න කදුලු නෑ....
ඒත් ඒ හිත මහ හයියෙන් කෑගහලා අඩනවා.....
මේ හැමදේම කෙනෙක් ගහකට මුවා වෙලා බලන් හිටියා.....

||DEAR_MAFIA||Completed Wo Geschichten leben. Entdecke jetzt