බිම බලාගෙන කෙල්ල බයෙන් ගැහෙමින් කරපු අයැදුම කාකි අැඳුම් අැඳගත්තු අය නම් සතපහකට මායිම් කලේ නෑ.

"එහෙනං.....උඹ කරපු වැරැද්ද පිළිගන්නවද අා ?"

"ම්..යේ.මම පිළිගන්නවා.ම...මගේ පවුලෙ අයට ජීවත්වෙන්න ඉඩදෙන්න ප්ලීස් ."

කරගන්න දෙයක් නැති තැන කරපු වරද මොකක්ද කියලවත් හරිහැටි අවබෝධයක් නැති අසරණ කෙල්ල දෙපාරක් නොහිතා යටත් වුනේ වාද කිරීමෙන් කිසිම දෙයක් දිනාගන්න බැරි බව හොඳාකාරවම දන්න නිසා.

"හ්ම් .ඉක්මනට ඉවරයක් කරලා දාපන් !"

කාකි අැඳුම් අැඳගත්තු නිළධාරියාගෙ විධානයත් එක්ක එක්කෙනෙක් තමන්ගෙ ඉනේ රඳවන් හිටපු ගන් එක එළියට අරන් හරියට සිහියක්වත් නැතිව ලේ පෙරන් හිටපු වැඩිමල් පිරිමි ළමයගෙ දකුණු කකුළට එක පිට එක වෙඩි තිබ්බෙ හිත් පිත් නැති රාක්ෂයෙක් වගේ. කොල්ලාගෙ කටින් නික්මුණු වේදනාකාරී විලාපයත් එක්ක කකුලෙන් විසිවුණු ලේ කෙල්ලගෙ රෝස පාට යුනිෆෝම් එක තෙත් කළා.

"අ...අනේ ...ප්ලීස් ......මගෙ ළමයි අතාරින්න.මට වෙඩි තියන්න.ම....ගෙ ළමයි ....අාහ් !!!!..."

අසිහියෙන් වගෙ දණගාගෙන ඉස්සරහට අාපු මැදිවයසෙ ගෑනු කෙනාගෙ පපුවට පයින් පාරක් දුන්න කාකි අැඳුම් අැඳපු නිළධාරියෙක් ඊළඟ මොහොතෙ බයෙන් ගැහෙන කෙල්ලට ළංවුනේ ඔලුව පිටිපස්සෙ කොණ්ඩෙන් මිරිකලා අැදලා අල්ලගන්න ගමන්.

"උඹට නං දැන්මම යන්න දෙන්න බෑ කෙල්ලෙ.කුණු ගොඩේ හිටලත් උඹ කොහොමද ඔච්චර ලස්සන වුනේ ම් ....?"

කෙල්ලගෙ මූණට ළං වෙලා කෑදර බැල්මකුත් දාන ගමන් කියපු මිනිහා කොණ්ඩෙන් අැදගෙනම කෙල්ලව නැගිට්ටව ගත්තෙ අනිත් අයට අයින් වෙලා යන්න අැස්වලින් අණ කරන ගමන්.

එ්ත්..........මිනිහට නං කෙල්ලගෙ එක අැඟිල්ලකටවත් අත තියන්න හම්බවුනේ නෑ .

"නවත්තපිය මැරැම් නොකා $%#@ බල්ලො !!!!"

ළඟින් අැහෙන්න ගත්තු එ් ගැඹුරැ හඬින් කාකි අැඳුම් අැඳගත්තු මිනිස්සු තුන්දෙනා සීරැවෙන් හිටගෙන අාචාර කලේ අැඟවල් කූඩුවෙ හිටපු කෙල්ලයි පවුලෙ අයගෙයි වගෙම ගැහෙද්දි.

🇰🇵FREEDOM 🇰🇷Där berättelser lever. Upptäck nu