" ඔව් නේද...ඉක්මනටම යාගන්න පුළුවන් වෙයි... "

" ඉතින් දැන් ගිහින් නිදගන්න...හෙට උදේට හම්බවෙමු පසී..."

" හොඳයි- සුභ රාත්‍රියක් කැප්ටන් " එහෙම කියපු පසී ජිමින්ට ඔලුව පහත් කරලා ආචාර කරමින් එතනින් යන්න ගියේ හිතේ මොකද්දෝ බරක් දරාගෙන. ඒත් ඒ මොකද්ද කියලා පසීටවත් තේරුනේ නැහැ...

මැටිල්ඩගෙ පිඳුරු මෙට්ටෙ වෙනදට වඩා තඩ්ග බවක් පසීට දැනුනා. ඒ නිසාම පසීට නින්ද ගියේ මැදියම් රැයත් පහු උනාට පස්සෙයි....

••••••••••••••••••••••••••••••

" පසී.....පසී....ඔයා ඉන්නවද? " හුරුපුරුදු තියෝගෙ හඬින් පසී නින්දෙන් ඇහැරුනා.

සුපුරුදු විදියට ඒ දෙන්නම හිටියෙ කලින් දෙන්නා මුණ ගැහුණු වෙරළෙමයි. පසීගෙ කකුල් සිපගෙන ආපස්සට මුහුදට යන රැල්ල දිහා බලපු පසී ආයෙමත් තියෝ දිහා බලලා දෙපයින් හිටගත්තා.

" මේ ජීවිතේ ගැන ඔයාගෙ හිතේ තිබ්බ අදහස් වෙනස් වෙලා ඇති පාටයි..." තියෝ අත් දෙක බැදගෙන පසී දිහා බැලුවා.

"මම හිතන්නෙ ඔව්- මම මේ ජීවිතේට හුරුවෙන්න පටන් අරගෙන " පසී ඔලුව වන වන තරු එකින් එක පායන සැදෑ අහස දිහා ආසාවෙන් බැලුවා.

" ඒකමද හේතුව? වෙන හේතු නෑ කියලා විශ්වාසයිද? " තියෝ එහෙම අහද්දි පසීගෙ මූණට හිනාවක් ආවා.

" ඒකට මේ ටිකත් එකතු වෙන්න ඕනි...දැන් මම ඇත්තටම හිනාවෙනවා , කරන වැඩ වලින් විනෝද වෙනවා , අලුත් අත්දැකීම් ලබනවා  , අලුත් යාළුවො ලැබෙනවා  , හැමදාම මට ඉගෙනගන්න දේවල් ඒ නැව ඇතුලෙ තියෙනවා...සරලව කිව්වොත්, මම ජිවිතේ විදිනවා තියෝ "

" මම කිව්වනෙ ඔයාගෙ ඔය අදහස් වෙනස් වෙලා මගේ එක්ක හිනාවෙන් කතා කරන දවසක් එයි කියලා. මොකද මම දන්නවා...ඕක මටත් උනු නිසා මම දන්නවා..." තියෝ පසීගෙ පිටට තට්ටුවක් දාලා යාන්තමට හිනාවුණා.

" සමහරවිට මට තේරුම් යන්න පරක්කු වෙන්න ඇති..."

" ඔව්, එහෙම වෙන්න ඇති- කොහොම උනත්...පසී...අහගන්න, මේ තමයි අපි දෙන්නා හමුවෙන අන්තිම වතාව. ආයෙ මම හීනවලින් ඔයාට කරදර කරන්නෙ නැහැ... දිගටම නිල් තාරකාව ඔස්සේ ඉස්සරහට යන්න. ඔයා තෝරගන්න දොරටුව ගැන දෙපාරක් හිතන්න. තේරුනාද ? "

" ඔව් තේරුණා..."

" පැරණි කියමනක් තියෙනවා දන්නවද? " ඊලගට තියෝ අහද්දි පසී තියෝගෙ මූණ දිහා බැලුවා. පොතේ තියෝ ඒ කියපු කියමන පසීට හොඳට මතකයි.

" යා යුතු මග කුමක්දැයි නොඅසන්න
කළ යුතු දේ කුමක්දැයි නොඅසන්න
නුඹ නුඹටම සවන් දුන්විට
එය නුඹටම වැටහී යනු ඇත " තියෝ එක්ක එකම හඬින් ඒ විදියට කියපු පසී සතුටින් ඔළුව වැනුවා...

ඊලඟ ඇහිපිල්ලම් ගහන තත්පරේ පසී හිටියෙ මැටිල්ඩගෙ පිදුරු මෙට්ටෙ උඩ! ටික වෙලාවක් සිවිලිම දිහා බලන් කල්පනා කරපු පසී මෙට්ටෙන් බැස්සෙ ඇඳුම් හදාගන්න ගමන්....

ඒ පැරණි කියමන තියෝගෙ හඬින් පසීගෙ ඔලුවෙ රැව් පිලිරැව් දෙමින් තිබ්බා.....

Pirates of the Athlantis| PJM | Completed Where stories live. Discover now