කවුරුවත් නැති පාළු නැව් තට්ටුවෙ අත් වැලට හේත්තු වුණු පසී දෙතොල් එකට තද කරගෙන තදින් නැව් අත් වැල තද කරගත්තා...

සමහර වෙලාවලදි ,
අපිට තණිකමෙන් පීඩා විදින්නත් වෙනවා.

ඒත් තණිකම හරි ලස්සනයි..
ඒ ඔයා තනිකමේ ලස්සන හොයාගත්තු දාට!

පොඩි කාලෙ ඉඳන්ම
තණියමම විද දරා ගත්තු නිසාමද
කොහෙද
පසීට ඒක හරි ලස්සනයි...

පුන්චිකාලෙ ඉඳන්
තමන්ගෙ හැඟීම් බෙදාගන්න කිසි කෙනෙක් නොහිටි නිසාමද කොහේද
පසීට ඒක හරි ලස්සයි....

ගොඩක් දෙවල්වලට කට්ට තනියම උත්තර හෙව්වා , හම්බත් වෙනකම්ම ඇඬුවා.....

හැමතිස්සෙම පසීට
හැඟීම් ශෙයා කර ගන්න කෙනෙක් ඕනි උනා
තෙරුම් ගන්න කෙනෙක් ඕනි උනා
ඒ තරමටම හිතෙ පීඩනෙ වැඩි වෙලයි තිබ්බෙ...

ඒත්, බාගදා පසී ඒවට සුදුසු මදි ඇති..
ඉතින් පසී තණිකමට තවත් ආස උනා....
ඒක දරා ගන්න හරි අමාරු දෙයක් උනාම පසී
ගොඩක් අඩලා අඩලා දරා ඒක ගන්න පුරුදු උනා..

ඉතින් තවමත්,
පසී ඒ තනිකමට ආස කරමින් තණිකමින්ම පීඩා විදිනවා.

••••••••••••••••••••••••••••••

නිල් තාරකාව හඹා යන තුන්වෙනි දවසත් උදා උනත් එදා නැව් සටනින් පස්සෙ කිසිම බාධාවක් සුන්දර black pearl වෙත ලගාවුණේ නැහැ. නැව් වාසීන්ගෙ වෙනසකට කියලා උනු එකම දේ පසී නැව් වාසීන්ටත් නැව් වාසීන් පසීටත් ආස කරන්න ගනිපු එක විතරයි. ඒක ගොඩාක්ම බලපෑවෙ ජිමින්ට...තමන්ගෙ හිත ටිකෙන් ටික පසීට බැඳෙන බව ජිමින් පිළිගන්න අකමැති උනා. ඉතින් දරුණු හිතක් තිබ්බ මුහුදු මංකොල්ලකාර කැප්ටන් ජිමින් කලේ පසී ඈත තියා එද්දිම කොහේට හරි පැනගන්න එක.

හතරවැනි දවසෙ ජිමින් කෙටි විවේකයකින් පස්සෙ ආයෙත් නැව් තට්ටුවට ආවාමයි ලොකූ අභියෝගයක් මූණ අද්දර තියෙන බව ජිමින් දැක්කෙ...කලකිරීම මුසු බැල්මකින් ජිමිනුත් පසීත් එකමතැන හිටගෙන ඈත් බලාගෙන හිටියා.

" කුණාටුවක් !! කුණාටුවක් !! " කැප්ටන් ජිමින්ගෙ උරහිස උඩෛදන් හිටපු ෆිලික්ස් ඒ විදියට කෑ ගහද්දි ජිමින් පහල නැව් තට්ටුව දිහා බැලුවා.

" රුවල් අකුලන්න!! කුඹ ගස් තුනටම තව කඹ දාලා ආර්ක්ෂා කරන්න. නැව් තට්ටුවෙ තියෙන වීසිවෙලා යන්න පුළුවන් සියළුම බඩු ඇතුලට දාන්න. නිදාගෙන ඉන්න හැමෝවම ඇහැරවන්න " ජිමින් සද්දෙට විධාන දෙද්දි පසී ඈත අහස දිහා කටත් ඇරන් බලන් හිටියා.

කළුපාට වලාකුළුත්, අළුපාට කැලඹුණු සාගරයත් , සැඩ සුලඟත් black pearl ගිලගන්න ආසාවෙන් ඉන්න බවකුයි පසීට තේරුනේ...

" එතකොට ඔයා...ඇතුලට යන්න. දෙයියන්ගෙ නාමට එලියටනම් එන්න එපා..." ජිමින් පසීගෙ අතකින් අල්ලගෙන ඒ විදියට කියන ගමන්ම පසීව ඇදගෙන ගිහින් කැබින් එක ඇතුලට දැම්මා. ඒ කරලා ලොක් කරේ වැඩි ආරක්ෂාවටත් එක්කමයි...

ටිකෙන් ටික වැඩිවුණු ගෙරවිලි හඬවලුත් එක්ක නැව ගැස්සෙන්න ගත්තත් මුල් අඩහෝරාවෙ පසීට ඒවගෙ බරක් පතලක්තේරුනේ නැහැ. ඒත් ටිකෙන් ටික නැව කොයිතරම් ගැස්සෙන්න ගත්තද කිව්වොත් හදවත පතුලෙන්ම පසී බයවුණා නැව ගිලිලා මුහුදුබත් වෙයි කියලා!

කැබිල් එකේ පොලොවට අල්ලලා තිබ්බ එකම දේ උනේ ඇඳ විතයි. අනිත් සේරම බඩු කාමරේ එහා කොණටත් මෙහා කොණටත් පෙරලෙද්දි ඇඳ කකුලක් තදින් බදාගනිපු පසී  එක මොහොතකටඇස් ඇරියෙ නැහැ. නැව මුහුදෙ යාත්‍රා කරන විදිය මවාගනිපු පසී බයටම දෙවියො සිහිකරගත්තා...

අන්න ඒ වෙලාවෙ පසීගෙ පෙට්ටිය ඇතුලෙ කළු මුතු ඇටේ දිලිසෙන්න ගත්තු බවක් පසී දැනගෙන හිටියෙ නැහැ...පොසෙයිඩන්ගෙ අණින් නිමැවුණු කළු මුතු ඇටයට ඉදිරියට යන්න ඉඩ  හදමින් කුණාටුව එකපාරම වියැකී ගියා...ප්‍රහණ්ඩ මාරුතයත් සාගරයත් ටිකෙන් ටික නිසල වෙද්දි පසී දෙවියන්ට ස්තූතිවන්ත වෙමින් ඇදේ ඉදගත්තෙ හොඳ පන බාගෙට ගිහින්..


තව පැය බාගයක් ඕක ඔහොම්ම තිබ්බනම් නැව ගිලෙනවා!

Pirates of the Athlantis| PJM | Completed Where stories live. Discover now