" ඇයි අම්මා මේ කෑ ගහන්නෙ, හත්තික්කේ.... ලගපාත මිනිස්සු හිතයි අපි ගෙදර ඌරො මරනවා කියලා " බොරු හිනාවෙන්ම ඒ විදියට කියපු පසී උඩ පැන පැන සාලෙ හරහා කෑම කාමරේට පැනගත්තා. කවුරුවත් නැති කෑම කාමරේදි පසී ආයෙමත් තමන්ගෙ ඇත්ත ස්වරූපයට එන ගමන් මලානිකව පුටුවකින් ඉඳ ගත්තා..

" මොකද්ද ළමයො ඔයා දැන් කාමරේට වෙලා කලේ? " පසීගෙ අම්මා අහද්දි පසී මේසෙට ඔලුව ගහගත්තා.

" කියෙව්වා අම්මා...."

" ඔය දැක්කනෙ! ඔය දැක්කනෙ!! ඇහුවම කියනවා කියවනවලු...ඒත් කවුද දන්නෙ ඕක ඔබ ඔබ වෙන මොනවා කරනවද කියලා? මේ ලමයට ගෙදරින් එලියට බහින්න කිසි ආසාවක් නෑ...මටනම් දැන් හොඳටම බයයි මේ ලමයට ලෙඩක්ද " අම්මා ආයෙමත් එහාගෙදර ආන්ටි එක්ක කියවන හැටි අහන් හිටපු පසී ආයෙමත් ඇස් තදින් පියාගත්තා.

" මට depressed නෑ...මම සතුටින් නෙවෙයි, එච්චරයි " පසී තමන්ටම ඒ විදියට මුමුණගත්තෙ වෙවුලන හඬකින්.

ඊලඟ මොහොතෙ පසීට ඇහුනා හුරුපුරුදු හඬක්...ඒ හඬට ඇස් ඇරපු පසී හොඳින් ඇහුම්කන් දුන්නේ සැකෙන් පිරිලා යද්දි.

" ආන්ටි පසී ඉන්නවද? "

ඔව්, පසීගෙ සැකේ හරි...ඒ පසීගෙ ක්ලාස් යාලුවෙක්, හොඳම යාළුවා කියන්නත් පුළුවන්.

" ඉන්නවා දුව, මොකක් හරි වැඩකටද මේ? එන්න ඇතුළට...ආ මේ අනිත් දුවත් ඇවිල්ලා තියෙන්නෙ! " අම්මා ඒ විදියට කියද්දි පසී ඔළුව ඉස්සුවා.

" නෑ ආන්ටි, අද නිවාඩු දවසෙ පොඩ්ඩක් බීච් ගිහින් ඇවිදලා එන්න කියලා බැලුවෙ. අපි ඊයෙ පසීට කියලා ඇත්තෙ...කෝ දැන් පසී? "

" අනේ ඒකනම් ලොකු දෙයක්, දවසෙම ගේ ඇතුලෙ ඉන්නවට වඩා ඇවිදලා කියලා හිත නිදහස් කරගන්න එක! පොඩ්ඩක් ඉන්න ලමයිනේ " අම්මා ඒ විදියට කියාගෙනම කෑම කාමරේට ඇතුල් උනේ පසීව හොයාගෙන. පසීව දැකපු ගමන් අම්මා හනිකට පසීට ලං උනා.


" අන්න අර ළමයි ඇවිත්...පොඩ්ඩක් එලියට බැහැලා ඇවිදලා එන්න." අම්මා ඒ විදියට කිව්වේ පසීගේ ඔලුව අතගාන ගමන්. පසී යාන්තමට හිනාවක් මූණට අරන් අම්මා දිහා බැලුවා.

Pirates of the Athlantis| PJM | Completed Wo Geschichten leben. Entdecke jetzt